IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට


(විනීතා එම් ගමගේ)

බස් රථයක දී 15 හැවිරිදි දැරියක මිතුරු කරගෙන, ඇය  රවටා කැඳවාගෙන ගොස් අපහරණය කර ඇයව ගැබිනියක කළ තරුණයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියකගේ දරු ප්‍රසූතියක් පිළිබඳව රෝහලෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයක දී පලාගොස් සිටි, 22 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය.

විමර්ශනයේ දී තම පෙම්වතා පිළිබඳ කිසිදු තොරතුරක් කියන්නට මෙම බාල වයස්කාර තරුණිය දැන නොසිටි බව ද සභාපතිවරයා කීය. සැකකරු අත්අඩංගුවට ගත්තේ එකී තරුණිය වෙත දුන් දුරකතන ඇමතුම්වල අංක ඔස්සේ කළ පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු අනුව යැයි ද හෙතෙම සඳහන් කළේය. ලද තොරතුරු ඔස්සේ සොයා බැලීමේ දී සැකකරු මුන්නේෂ්වරන් කෝවිල අසළ පලතුරු කඩයක  රැකියාව කරමින් සිටින බව තහවුරු වී ඇති අතර අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පලා ගොස් ඇතැයි කී සභාපතිවරයා වැඩිදුර විමර්ශනවලින් පසු ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි ද කියා සිටියේය.

පසුගිය වසරේ දිනෙක සිය දෙමව්පියන් සමග අමනාපව නිවසින් පිටව මහනුවර පිහිටි තම මාමාගේ නිවසට බස් රථයක නැගී යන අතරතුර මෙම තරුණයා හමුවී පෙම්සබඳතාවක් ඇති කරගෙන තිබේ. ඉන් මාසයකට පමණ පසු එකී තරුණයා ඇය දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන අඹු-සැමියන් ලෙස ජීවත්වී ඇති අතර පසුව ඇය පිටකොටුව බස් නැවතුම්පළට ගෙනැවිත් ඇරලවා තිබේ.

පසුව ගැබිනියක වූ ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් කළ පැමිණිල්ලක් අනුව මේ සිද්ධියේ සුළ මුල හෙළි වී ඇතැයි ද සභාපතිවරයා කීය.

මෙවැනි වරදක් කරනු ලබන තැනැත්තෙකුට 1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 364 (1 වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය වරද සඳහා අවුරුදු 7 ට නොඅඩු හා අවුරුදු 20 ට නොවැඩි බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක් මෙන්ම රුපියල් 20,000 නොඉක්මවන දඩයක් හා වින්දිත ළමයාට වන්දි මුදලක් ගෙවීමට ද වගන්ති අංක 354 යටතේ නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ වරද සඳහා අවුරුදු 7 ක බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමක් හා දඩයක් ගෙවීමට ද සිදුවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

දරුවන් කෙරෙහි වැඩිහිටියන් වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඔවුන් යන එන තැන් ඇසුරු කරන පුද්ගලයින් ගැන සොයා බැලිය යුතු බවත් පෙන්වා දුන් විදානපතිරණ මහතා අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දී ඒ සඳහා යොමු කරවීම අනිවාර්ය බවත් පැවැසීය.



අදහස් (0)

බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 127 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 598 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 525 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 802 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 752 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site