(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
චීනයෙන් ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබූ සිරින්ජර( Hypodermic syringes 5ml and 10ml) ලක්ෂ 60 ක ප්‍රමාණයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අලාභය සැපයුම්කරුගෙන් අය කර ගැනීමට සංස්ථාව 2021 වසරේ සැප්තැම්බර් 20 වැනිදා වනවිටත් අපොහොසත්වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම සිරින්ජර තොගය චීනයෙන් ආනයනය කර ඇතැයි පැවසෙන්නේ 2005 වර්ෂයේදීය.
සංස්ථාවේ ආනයන කළමනාකාරිනිය මේ සම්බන්ධයෙන් පැවැත්වුණු විනය පරීක්ෂණ දෙකකින් වැරදි කාරියවී අලාභය සඳහා වගකීමට යටත් කර 2019 වර්ෂයේ මැයි 15 වැනිදා ඇයට එරෙහිව විනය නියෝගයක්ද නිකුත් කර තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් තාවකාලිකව ප්‍රතික්ෂේප කෙරුණු වෛද්‍ය සැපයුම් අයිතම 7ක පිරිවැයවූ රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් හා හානිවී තිබූ වෛද්‍ය සැපයුම් අයිතම හයක පිරිවැයවූ රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක් 2021 වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදා වනවිටත් අය කර ගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබූ බව විගණන අංශ පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාල සිරින්ජර ගෙනවිත් කෝටි 2ක් වතුරේ
Bamunuarachchi Wednesday, 18 January 2023 09:38 PM
මේක බ්‍රහ්ම කෙළියක්නේ බඩු මිලට අරගෙන අවසන් වෙලාද තත්ව පරික්ෂාව කරන්නේ?