(එම්.සුසිල් ප්‍රියන්ත)
රාත්‍රී කාලයේ යතුරු පැදි දෙකකින් පැමිණ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් අසේල මහතාට (එ.ජා.ප) මරණීය තර්ජනය එල්ල කළා යයි කියන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අද (19 ) පරීක්ෂණ ආරම්භ කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.සමන් ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සමග විපක්ෂ නායක අජිත් අසේල මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
අජිත් අසේල මහතා විසින් බලපිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කල යෝජනාවක් ඉවත් නොකරගතහොත් ඔහුගේ ජීවිතයට හානියක් සිදු කරනවා යයි රාත්‍රියේ තමාගේ නිවසට යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු තර්ජනය කොට පලා ගිය බවට විපක්ෂ නායක අජිත් අසේල මහතා පොලීසියට පැමිණිළි කර ඇත.
බලපිටිය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මිය ගිය පසු ඔවුන්ගේ ආදාහන කටයුතු එම ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරවලින් නොමිලයේ ඉටුකළ යුතු යයි යන්න කර ඇති යෝජනාව ඉල්ලා අසකර ගන්නා ලෙස ඉල්ලමින් නාදුනන යතුරු පැදිකරුවන් තමන්ට මෙසේ මරණීය තරජන එල්ල කළ බව අජිත් අසේල මහතා සිය පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලපිටිය ප්‍රා. සභාවේ විපක්ෂ නායකට මරණ තර්ජන