(සුජිත් හේවාජුලිගේ)
ඔක්සිජන් ටොන් 100ක් රැගෙන ඉන්දියාවේ සිට ගමන් ඇරඹු ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට අද පස්වරුවේ පැමිණියේය.
මේ අතර ඔක්සිජන් ටොන් 39 ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාවද දිවයිනට ළඟා වෙමින් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව නාවික හමුදාපතිවරයා විසින් ඉන්දියාවට යවනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
අනතුරුව නාවික හමුදාපතිවරයා ඉන්දීය නාවික හමුදාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාවද ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ලබාදීමට එකඟ වී ඇත.
මේ අතර රෝහල්වල වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරා ගැනීම සඳහා දියර ඔක්සිජන් ලබා දෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා චීනයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන් හොන්ග් මහතා හමුවූ අවස්ථාවේදීය.
ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බලාපොරොත්තුවේ හුස්ම රැගෙන “ශක්ති’’ දිවයිනට
pakeer Sunday, 22 August 2021 03:47 PM
මෙච්චර දෙයක් වෙලත්, ආණ්ඩුව තවමත් ඉන්නේ, ලොක්ඩවුන් නොකර මේක පාලනය කරන්න පුළුවන් කියන මතයේමද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ, අපේ ආර්ථිකේ බල්ලට ගිහින් තියෙන එක.. දේශපාලකයන්ගේ වැඩ නිසා... දැක්මක් නැති සංවර්ධනේ කිය කියා කරන මගඩි සහ අනවශ්‍ය දුර දැක්මක් නැති විනාශ නිසයි. දැන් ඒකත් ජනතාව කරපිට දානවා..
Bandara Sunday, 22 August 2021 04:06 PM
විපක්ෂයෙන් හුස්මක් කළ හදියක්...
Dasa Sunday, 22 August 2021 04:15 PM
කී දෙනෙකුගේ හුස්ම සදහටම පිටවෙන්න ඇද්ද ඔය නැව එන්න ගිය කාලය තුළ?
pohottu pakshikaya Sunday, 22 August 2021 05:30 PM
ඔක්සිජන් කන්නද?
mahinda Sunday, 22 August 2021 05:59 PM
ඔක්සිජන් කන්නද?
පිටිගල මිලානෝ Sunday, 22 August 2021 06:07 PM
හා...හා... මේකත් සර්ගේ ශෝ එකක් කරන්න එපා...
Sam Sunday, 22 August 2021 06:37 PM
මොන තරම් නාස්තියක්ද? ටොන් 100ක් ගේන්න නැවක් ගියා කියන්නේ... කන්ටේනර් 3ක් හෝ 4ක්.. නැවක් පැයක් දුවන්න යන මුදලත් එක්ක... මේක ෂෝ එකක්...
සුමනා Sunday, 22 August 2021 06:49 PM
නියමයි... වසර 2500ක ආඩම්බර ඉතිහාසයක් තියෙනවා යැයි කියන අපට, පණ කෙන්ද රකින ඔක්සිජන් එන්නෙත් පිටරටින්. ජයවේවා...!
Sri Lanka Sunday, 22 August 2021 08:02 PM
හැමදෙයක්ම පිටරටින් ගේනකොට අපි හිතුවේ නෑ... හුස්මත් ගේන්න වෙයි කියලා..
fairoos Monday, 23 August 2021 01:45 PM
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ඒක කියන්න කවුරුවත් නෑ.