IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


’’බ්ලූමැන්ඩල් කුණු කන්දෙන් කොම්පෝස්ට් හදනවා’’

(යොහාන් භාසුර)

කොළඹ, බ්ලූමැන්ඩල් කුණු කන්ද කොම්පෝස්ට් පොහොර බවට පරිවර්ථනය කිරීමේ මූලික පියවර ගනිමින් සිටින්නේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා පැවසීය.

බ්ලූමැන්ඩල් කුණු කන්දේ පස් සාම්පල් අරගෙන විශේෂඥ දැනුමත් එකතු කරගෙන ජනතාවට ප්‍රයෝජනවත් වන කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියකට හරවන්න බලාපොරොත්තු වන බවත් මෙහි වසර ගණනාවක් තිස්සේ දියාපත්වෙමින් තියෙන සහ නොදිරණ ද්‍රව්‍ය ඇති බවත් දොළවත්ත මහතා පවැසීය.

මන්ත්‍රීවරයා පැවසුවේ එහි සංඝටක පිළිබඳව අවදානය යොමු කර ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයත් සමඟ කුණු කන්ද කොම්පෝස්ට් ලෙස භාවිතා කිරීමේ මූලික පියවර ගැනීම සඳහා නිරීක්‍ෂණය කළ බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා අද (23) බ්ලූමැන්ඩල් කුණු කන්ද පරීක්‍ෂා කිරීමෙන් පසුව එසේ පැවසීය.



අදහස් (16)

’’බ්ලූමැන්ඩල් කුණු කන්දෙන් කොම්පෝස්ට් හදනවා’’

sam Wednesday, 23 June 2021 07:57 PM

විනයක් ඇතිව කෑම බීම එළියට දැම්මා නම් බ්ලුමැන්ඩල් කුණු කන්දක් ලංකාවේ නැහැ. හිටපු හැම පාලකයාම ඡන්දෙ නොලැබේ යැයි කියන බයෙන්, මිනිස්සු ඉල්ලන ඕනෑම දෙයක් දුන්නා... සිංගප්පූරුව, ජපානය, වගේ නීති හදන්න මහා ඉහළින් සාක්ෂරතාවක් තියෙන අපිට තවම බැරි වුණා. එක දේශපාලකයෙක් නිවැරදි තීරණයක් ගනිද්දී, එ්කට බනින්න, සමාජයට බොරු කියන්න ඕනේතරම් කුහක දේශපාලකයින් ලංකාවේ ඉන්නවා. කොහොම හරි මේක කරන්න...

:       16       231

මුණසිංහ Thursday, 24 June 2021 08:39 AM

සම්පූර්ණ ඇත්ත. ලංකාව මේ තරම් අසරණ අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ දේශපාලන බල ලෝභීත්වය නිසා. එය අතහැර රටේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන දේශපාලකයන් බිහි වෙන්නේ නම් මෙලහකටත් මේ රට ජපානයක් වෙලා.

:       0       13

Lalith m Wednesday, 23 June 2021 08:50 PM

බැර ලෝහ සහිත නාගරික කසළ වගාබිම් වලට දමන්න. මේ කාලකන්නි ඔක්කොම අංගොඩ මානසික රෝහලට යවමු. කලුපාට හැම දෙයක්ම පෝර කියලා මෙයා හිතනවා ඇති.

:       326       546

Wijesinghe Wednesday, 23 June 2021 09:06 PM

වෙන් නොකල කසල වලින් කොම්පෝස්ට් හදන්න එපා... ඔය වගේ තියෙන ප්ලාස්ටික් අංශු මයික්‍රො ප්ලාස්ටික් විදියට ශාක අවශෝෂණය කරලා ඒවා මිනිස්සුන්ගේ ශරීරගත වුණාම පිළිකා හැදෙනවා. බැර ලෝහවලින් අනන්ත ලෙඩ හැදෙනවා. ඔය වගේ වැඩ කරද්දි ඒ අංශයේ විශේෂඥයින්ගෙන් අහලා ඉන්න. නාගරික කසල වලින් කොම්පෝස්ට් හදනවට වඩා රසායනික පෝර හොඳයි.

:       254       510

සඳුන්Wednesday, 23 June 2021 09:52 PM

ඒ අංශයේ උපදෙස් දෙන විශේෂඥයෝ දෙපලක් තමයි රතන හාමුදුරුවෝ හා පාදෙණිය. සර් පෝර කේස් එකෙන් ඇණ ගත්ත දවසට මේ ගොල්ලන්ව හොයා ගන්නත් නෑ.

:       108       420

GalaparaThursday, 24 June 2021 10:07 AM

ඔය පාදෙනිය එදා අර කොරෝනා කමිටුවේ මාෆියාවක් ගැන කියලා මුලු කමිටුවම හෑල්ලුවට ලක් කළා. GMOA එකත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ මේ වැඩ නිසයි. මේ වගේ වැඩ කරද්දී ඒ අංශයේ විශේෂඥයින්ගෙන් අහලා තමයි වෙන රටවල් දියුණු වෙලා තියෙන්නේ..

:       0       263

Gamimi Wednesday, 23 June 2021 09:23 PM

කොම්පෝස්ට් කියන්නේ නාගරික කසල නෙවෙයි, ඕවා වගාවට දාලා ගොවියාට මොකක් වේවිද හිතාගන්න බෑ..

:       50       156

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 June 2021 09:31 PM

ඔන්න දොළවත්ත මහත්තයෝ කරනවා නම් වැඩේ. මේ කුණු තමිල්නාඩුවෙන් ගේන්න හදපු කොරෝනා මිනී වෛරස් තියෙන ඒවා නෙමෙයි. චීනාගේ අසූචි අඩංගු දහජරාව මිශ්‍ර කොම්පෝස්ට් නෙමෙයි. මේ වැඩේ කළොත් නම්, පොහොර ප්‍රශ්නයත් විසඳෙනවා. කුණු කන්දේ ප්‍රශ්නයත් විසඳී මුදල්ද ලැබෙනවා. කොම්පෝස්ට් පොහොර යෙදීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැහැ. ඒත් චීනයේ, ඉන්දියාවේ අසූචි හා වෛරස් ගෙන්වා ගන්නට දඟලන එකටයි අප අකමැති...

:       812       785

ajanthaThursday, 24 June 2021 09:29 AM

ඒ ඔබතුමා දන්න තරම තමයි. නොදන්නා දේවල් කියන්න එපා. විනාශ වෙන්නේ රට...!

:       174       207

සෑම් Thursday, 24 June 2021 11:20 AM

දන්න මගුලක් කතාකරන්න. ඉස්සෙල්ලාම ඔය කුණු කන්ද ගිහිල්ලා බලලා ඉන්න... දැකලා නැත්තම්...!!!

:       103       134

චමින්දThursday, 24 June 2021 12:23 PM

ඔයා අඩුම තරමේ දැනට වෙළඳපලේ තිබෙන කාබනික පොහොර උරයක ලියලා තියෙන දෙයක්වත් හරියට කියවලා නෙමෙයි ඔය කතාව කියන්නේ. හොඳට ⁣පොහොර උරයක තියෙන දේවල් කියවලා බලන්න.. ඒකෙ එක තැනක ලොකුවට ලියල තියෙනවා "නාගරික අපද්‍රව්‍ය අඩංගු නොවේ" කියලා. ඉතින් ඔය පොහොරවලට එහෙම කියන්න පුලුවන්ද? නොදන්න දේවල් කියවන්න යනවාට වඩා හොඳයි නිහඬව ඉන්න එක...

:       0       0

Simeyon Wednesday, 23 June 2021 10:52 PM

ගලි බවුසර් යවලා ලංකාව පුරා තියෙන වැසිකිළි වළවල් ඉහගෙන ආවානම් මේවට කවලම් කරලා ගන්න පුළුවන්..

:       0       105

සනත් ඩුබායි Thursday, 24 June 2021 01:15 PM

රසායනික පොහොර තහනම් කරන්න කලින් කාබනික පොහොර නිෂ්පාදන ආරම්භ කළ යුතුව තිබුණා. මේ කොරෝනා වසංගතය පාලනය වෙනතුරු ඉවසන්න තිබුණා. ගොවියන්ගේ වගා පාලු වෙලා. සාගතයක් අත ළඟ...

:       0       110

සන්කThursday, 24 June 2021 02:56 PM

කොරොනා වලින් රටේ මිනිස්සු නැත්තට නැති වෙලා ආදායම් මාර්ග සුනු විසුලු වෙලා නන්නත්තාර වෙලා ඉන්නෙ.මේ මොන කාබනික පොහොරද???

:       0       56

Thiwanka Wimalasuriya Thursday, 24 June 2021 03:11 PM

මිශ්‍ර වුණු කසල වලින් කොම්පෝස්ට් හැදුවොත්, ඒ වල ඔක්කොටම වඩා විස තියෙන්න පුළුවන්... කසල එකතු කරන තැනම කොම්පෝස්ට් වලට සුදුසු ඒවා වෙන්කර ගන්න ඕනේ.

:       0       1

ganegoda Thursday, 24 June 2021 05:45 PM

ඔහෙලා ඔක්කොම එකතු වෙලා ඔය කුණු කන්ද කාලා දැම්මා නම් හොඳයි නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 506 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 681 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 235 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 609 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 638 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 651 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site