IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා

(අංජුල මහික වීරරත්න)

සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කැපී පෙනෙන දැවැන්ත මෙහෙවරක් කරන්නට ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ක්‍රියා කර තිබෙන බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

නිරෝධායන නීති වලට අනුකූල වෙමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙම උත්සවය පැවැත්විණි.

“ඩී.එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි .එය එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිරිතක් ලෙස පැවතුණා. එක්සත් ජාතික පක්ෂය යළිත් නිසි ස්ථානයේ තැබීම සඳහා අප සියලුම දෙනා ඇප කැපවී ක්‍රියා කරනවා”යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා කීය.

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නාහිමි ඇතුළු  මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර,එජාප  ජ්‍යෙෂ්ඨ උප සභාපති, බෞද්ධ කමිටු අනුශාසක සාගල රත්නායක,බෞද්ධ කමිටු සභාපති සුදත් ජයසුන්දර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 104 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 49 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 288 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 65 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 153 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2102 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site