IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)

රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්  අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය.

මේ අවස්ථාවේ ආණඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් බහින්බස් වීමක් ද සිදුවනු දැකගත හැකිවිය.

සභාවට නොගැලපෙන‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“,‘‘පරයා‘‘ යනාදිවූ වචනද එහිදී හුවමාරුවිය.

මේ අවස්ථවේ අදහස් දැක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතා කැලෑ උසාවියකින් එදා දඬුවම් දුන් අවස්ථාවේ මේ ඉදිරියේ සිටින එදා කතානායක තමාට මේ සභාවට පැමිණීමට ඉඩ නොදුන් බව පැවැසුවේය.

මෙහිදි වහා නැගී සිටි ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ සභාවට එදා ඔබට එන්න ඉඩ දුන්නේ මමයි‘‘ යනුවෙන් පැවැසු අතර මෙහිදී ෆොන්සේකා මහතා ගේ වචනයක් හේතුවෙන් අවේගශිලි වු රාජපක්ෂ මහතා ඔහුට නොසිරුප් වචන වැනිදැයින් බැණ වැඳුණේය.

සරත් ෆොන්සේකා මහතා ද ඒ අයුරින්ම ප්‍රතාචාර දැක්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇති වූ බහින්බස් වීම් හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් මේ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා වටකරගෙන පාලනය කරගත නොහැකි වීම නිසා කතානායකවරයා මේ අවස්ථවේදී සභාවේ කටයුතු විනාඩි දහයක් කල් තබනු ලැබීය.

කල් තැබුණු පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වූ අතර න්‍යාය පත්‍රයේ අනෙකුත් කටයුතුවලට එහිදී සාමකාමී ආකාරයට යොමුවනු දැකගත හැකිවිය.


කල්තැබුණු  පාර්ලිමේන්තු සභාවාරය  විනාඩි  10 කට පසු යළි  ආරම්භ කළේය .


 ( සුජිත්හේවාජුලිගේ )

රංජන් රාමනායක මහතා   සම්බන්ධයෙන්  ඇති වූ උණුසුම් වාදයක්  හේතුවෙන් මැති සබය විනාඩි  පහකට කල් තැබීමට  අද (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය .



අදහස් (29)

‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි

Rata Perata Thursday, 08 April 2021 06:28 AM

මේ පාර්ලිමේන්තුව නැති කරලාම දමන්න. මෙයා කොහොමද කතානායක කම් කරන්නේ...? රාජපක්ෂ නම කියනකොටත් බයයි...

:       100       104

gamunuThursday, 08 April 2021 11:03 AM

පාර්ලිමේන්තුවේ සිටින්නේ ‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ නම් මේ සියල්ල පන්නා දමා පාර්ලිමේන්තුවට නවක මුහුණු පත්කරමු.

:       6       31

nimalThursday, 08 April 2021 08:31 PM

ගැමුණු මොනවටද අලුත් කණ්ඩායමක් පත් කරන්නේ අපි දන්නා මේ කට්ටිය මේ කරන සේවය අපි අගය කරනවා

:       1       2

දිමුත්Thursday, 08 April 2021 11:07 AM

හිටපු කතානායක කෙනෙක් ඔහොම හැසිරෙනවද?

:       0       30

NMThursday, 08 April 2021 08:58 PM

රටේ පුජ්‍ය පක්ෂය, කාදිනල් තුමන් ඇතුළු ආගමික නායකයන්, පාර්ලිමේන්තුව තුළදී දේශපාලකයන්ගේ මෙම හැසිරීම පිළීබඳව දැඩි විවේචනයක් රටට ඉදිරිපත් කළ යුතු අතර මෙවැන්නන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර හැදියාව සහ සීලාචාර නවකයන් පිරිසක් පාර්ලිමේන්තුවට යාවි,මට සුදානම් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටිය යුතුවේ. තව වසර 3ක් පමණ මෙම රජය පවතින නිසා සත්‍ය වශයෙන්ම අවංක නවකයන් ඉදිරියට ගෙන රටට දැනෙන වෙනසක් සිදුකළ යුතුවේ.

:       0       4

ruchi Thursday, 08 April 2021 07:11 AM

අනිවාර්යයෙන් රංජන්ට බයවිය යුතුයි. මොකද පිල්ලෙයාන්ව හරිමගට ගන්න පුළුවන් වුණත් රංජාව හරිමගට ගේන්න බැහැ.

:       127       53

මරික්කාර් Thursday, 08 April 2021 07:42 AM

මියන්මාරය මතක් කරගන්න කියලා මුන්දැලාට යෝජනා කරනවා...

:       73       41

chathura Thursday, 08 April 2021 07:51 AM

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේ ඇහෙන්න දැම්මා නම් ඔක්කොම වාඩිවෙනවා.

:       90       97

BamunuarachchiThursday, 08 April 2021 10:06 AM

අල්පොන්සොගේ හඬපට අසා නැති ගොබ්බයින් වෙන්න ඇති.. අල්පොන්සෝ පාර්ලිමේන්තුවට ඕනේ කියන්නේ... එතකොට රටේ නීති නවන්න ඕනෙද?

:       19       56

BamunuarachchiThursday, 08 April 2021 10:09 AM

ඒ ගොල්ලෝ රෙකෝඩ් කරගෙන ගෙදර ගිහිල්ලත් එකතු වෙලා අසාවි...

:       14       2

Pzthum Thursday, 08 April 2021 07:56 AM

මේ අය රටටම ආදර්ශයකි.

:       19       11

Ananda Thursday, 08 April 2021 08:07 AM

ඔතන ඉන්න ඔක්කොම ඔය කියවුණයි කියන නම්වල අය තමයි.

:       0       35

Nissanka Thursday, 08 April 2021 08:19 AM

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවට ගිය උගතුන්, එයාලගේ ප්‍රශ්න විසඳගන්න පොරකන හටි දැක්කාම මුලු රට ගැනම දුක හිතෙනවා..

:       0       34

බද්රානි Thursday, 08 April 2021 08:28 AM

ඉතින් ඔවුන්ට සුදුසු හා ගැලපෙන වචන ඔවුනොවුන් භාවිතා කර ගැනීමේ කිසිදු වරදක් නැහැනේ. සුදු ඇඳුමෙන් හෝ ටයි කෝට් එකෙන් දුර්ගුණ වහගන්න කාටවත් බැහැ. ඇතුලේ ඉන්න නියම සතා තමයි ඉබේටම එලියට පනින්නේ. වැදගත් කමක් ගෑවිලාවත් නැහැ. ඒ වුණාට,දේශපාලන වහල්ලුන්ට නම් හිතේ අමාරුව හැදෙනවා ඇති මේ රණ්ඩු දැකලා.

:       69       27

සනත් ඉතාලිය Thursday, 08 April 2021 09:17 AM

සුදුස්සාට සුදුසු නමින් ගෞරව දක්වා කතාකිරීම. රෙස්පෙක්ට් මන්ත්‍රී වරුනි. මහජන මුදලින් නඩත්තු වෙන නුබලා මහජනතාවට සේවය කිරීම ඇති කාලය මෙසේ විනාශ කිරීම ගැන කනගාටුයි. නිරයේ දොරටුව නුබලා වෙනුවෙන් 24 පැයම විවෘතයි.

:       0       18

විපරමා Thursday, 08 April 2021 09:24 AM

පාර්ලිමේන්තුව කියන්නේ සත්තු වත්තටත් අන්ත තැනක්... පහුගිය කාලේ අය හැසිරුණු හැටි ලෝකෙම දැක්කා.. නම් නොකියපු සත්තුත් ඔතන ඉන්නවා. කොටියා, සිංහයා, නරියා, නයා, පොළඟා වගේ අය...

:       0       7

ලුම්බිණි Thursday, 08 April 2021 09:24 AM

සරත් ෆොන්සේකා අඩු වශයෙන් යුද්ධය දිනලා දුන්නා.

:       19       36

BamunuarachchiSaturday, 10 April 2021 01:57 PM

මහින්ද ෆොන්සේකාට හමුදාපතිකම දුන්නා. රනිල් හිටියානම් අපි ෆොන්සේකා කෙනෙක් ගැන දන්නෙවත් නැහැ.

:       0       1

Raveendra Thursday, 08 April 2021 09:25 AM

බල්ලන්ට සහ බූරුවන්ට අපහාස කිරීම ගැන කණගාටු වෙමි. ඉතිරි වචන ඒ සභාවේ සිටින අයට ඉතාමත් කදිමටම ගැලපේ..

:       0       14

පිටිගල මිලානෝ Thursday, 08 April 2021 09:39 AM

අසත්‍යය රජවී මෝහෙන් මුලාවූවන් සත්‍යය වළලා යන මේ ගමන වේගවත් කරන්න නම් රන්ජන්ලාවද වළලා දැමිය යුතුමයි. මොවුන්ට රන්ජන්ගේ වචන නයාට භූමිතෙල් වැනිය. සර්ගේ එඩිතරකම නම් මනාව බැබලෙනවා.

:       69       86

අනුර Thursday, 08 April 2021 09:58 AM

‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ රටේ උත්තරීතර ස්ථානයක් වන පාර්ලිමේන්තුව තුළ සිට සියලුම වරප්‍රසාද භුක්ති විදිමින්, ඔවුන්ගේම වචන වලින්ම හඳුන්වාදෙන ඉහත සඳහන් නම්වල අන්තර් ගත අවේනික ලක්ෂණ ඇති ඊටත් වඩා නොහික්මුණු හා වන මෘර්ගයන්ටත් වඩා භයානක මෙවැන්නන් නැවත නැවතත් තෝරා පත්කරන්නන්ට කියන්න නම් සිංහල භාෂාවේ නැත. ⁣අහෝ දෙවියෙනි ඔබ කොහිද? ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ න්ගේ ප්‍රශ්නද? පොදු ජනතාවගේ ප්‍රශ්න ද ? පොදු ජනතාවගේ වියදමින් විසඳන එකම රට මේරට පමණය. අය්යෝ ...අභය!

:       0       3

Kandepola Thursday, 08 April 2021 10:03 AM

ඔය බොරු මල්ලි, එයාලා ඔක්කොම යාළුවෝ මල්ලී. අපි පව් මල්ලි...

:       25       24

මෝ Thursday, 08 April 2021 10:28 AM

මොනව වුණත් අද තමයි උන් උන් ගැනම ඇත්ත කතා කරල තියෙන්නේ. ඔය නං වලින් හැදින්වෙන උන් තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.

:       0       9

පිටිගල මිලානෝ Thursday, 08 April 2021 10:46 AM

ඇත්තටම වැඩ පෙන්නලා තියෙන ඔතන සිටින එකම කෙනා සරත් ෆොන්සේකා පමණයි.

:       54       81

සේනක_ithaliya Thursday, 08 April 2021 05:51 PM

මේ ගොබ්බ දේශපාලකයින් 225 එදත් සත්තු වත්තේ ඉන්නවා වගේ තමයි වැඩ කළේ. ඒක අද කියලා වෙනසක් නැහැ. මේවා බලලාවත් අපේ රටේ වහල්ලු හැදෙනවා නම් තමයි හොඳ. නැතිනම් බොලීවියාවේ පාර්ලිමේන්තුවේ තත්වයට පත්වෙන එක අහන්න දෙයක් නෑ. මේ හරක් ටික ගස් බඳින්න ඕනි කාලය ඇවිල්ලා තියෙන්නේ... ඊළඟ ඡන්දෙදීවත් රටේ ජනතාවට නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       2

pakeer Thursday, 08 April 2021 07:08 PM

මෙයාලාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       1

පිටරැටියා Thursday, 08 April 2021 11:17 PM

මේ වගේ බල්ලෝ ,බූරුවෝ,පිස්සු,මෝඩයෝ ඉන්න,කිසිම චාරයක් නැති දේශපාලුවෝ ඉන්න පාර්ලිමේන්තුවක් ලෝකයේ කිසිම රටක නැතුව ඇති .ලැජ්ජයි.,හිරිකිතයි ,නින්දිතයි .

:       0       3

Rohana Friday, 09 April 2021 12:32 PM

මෙයාලා දන්න එකම දේ සතුන්ගේ නම් කියමින් බැනගන්න එක පමණයි. රට දියුණු කරන්න කිසිම දැනීමකුත් හැඟීමකුත් නැහැ.

:       0       0

Kamal Koyrala Monday, 12 April 2021 05:13 AM

‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“, අමුතුවෙන් කියන්න දෙයක් නැ මේ සේරම ඉන්නේ පාර්ලිමේන්තුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 193 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 220 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 28 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 740 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 397 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 177 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site