(නිමල කොඩිතුවක්කු)
දැනට සියයට තිස් අටක් වන දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දිවයිනපුරා ඛණිජතෙල් බෙදාහැරීම දැනට වැඩි වශයෙන් බවුසර් යොදා ගනිමින් මාහාමාර්ග හරහා සිදුකෙරෙන අතර මේ හේතුව නිසා විශාල වශයෙන් මාර්ගවල තදබදයත්, පරිසර දූෂණය හා අනතුරු වැඩිප්‍රමාණයක් සිදුවන බැවින් මෙම පියවර ගෙන ඇත.
මෙම හේතූන් පිළිබඳ සමාලෝචනයක් කරමින් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේදී ගනුලැබූ තීරණ අනුව දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අළුත්වැඩිකිරීම. නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව තීරණය කරන ලදී.
මෙහිදී හෙලිවුනු කරුණු අනුව අවම වශයෙන් එක් දුම්රිය එන්ජිමක් මඟින් ලීටර 50000 ටැංකි 14ක් තෙල් ප්‍රවාහනයට යොදාගැනෙන බවත්, ඒ තුලින් ලීටර් ලක්ෂ 7ක් එකවරකට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බවුසර් වෙනුවට දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය වැඩි කිරීමට අවධානය
අප්පුහාමි Tuesday, 28 September 2021 05:19 PM
සමහරක් දේශපාළුවන් මැණික් ගැරීමට දුම්රිය මාර්ගයක් වසා දැම්මේ තමතමාගේ ලොරිවලටද ආදායම් ලබා ගැනීමේද අරමුන ඇතිවයි. අතීතයේ වාහන වැඩිවීමෙන් පරිසර විනාශය මෙන්ම වාහන අනතුරු හා වාහන තදබදයක් ගැන නොසලකා කටයුතු කලත් වත්මන් පාලක පාලිකාවන්ට දුම්රියේ අගය වැටහීම සතුටට කරුණකි
thilak Tuesday, 28 September 2021 06:13 PM
ඒ වගේම තමයි කබල් ලේලන්ඩ් ලොරි බස්වල මගීන් ගෙනයාම නවතා, දියුණු රටවල ඇති, ක්‍රමවත් විදුලි දුම්රිය සේවයක් රට පුරාම ඇති කළානම්, බල ශක්තියත් ඉතිරියි, පාරවල තදබදයක් අවමයි, ජනතාවගේ කාලයත් ඉතිරියි.
Prabha Tuesday, 28 September 2021 08:43 PM
වැඩේ කරන්න පුලුවන්නම් සුපිරියි.