(සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි 116 ක වියදමකින් මිලදීගෙන තිබූ එන්ජින් 489 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදී තිබුණත් බස්රථ එකසිය හැත්තෑ දෙකක් සඳහා එම එන්ජින් සවිකර නොතිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මිලදී ගනු ලැබ තිබූ එම එන්ජින් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදී ඇතැයි පැවසෙන්නේ 2017 වර්ෂයේදීය.
මණ්ඩලය එන්ජින් සවි කළ යුතු බස්රථ පිළිබඳව අදාල ප්‍රාදේශිකවලින් කර තිබූ තොරතුරු කැඳවීමක් අනුව ප්‍රාදේශීය ඉංජිනේරුවරුන් විසින් එන්ජින් සවිකළ යුතු බස්රථ පිළිබඳව ලේඛනයක් ඉදිරිපත් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
කෙසේ වෙතත් නිර්දේශිත බස් රථ සඳහා එන්ජින් සවි නොකර තිබූ අවස්ථා 172 ක් නිරීක්ෂණයවූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර නව එන්ජින් කට්ටල සවි කිරීම සඳහා බස්රථවලින් ගලවන ලද එන්ජින් එකසිය විසි හතරක් අලුත්වැඩියාවකින් තොරව පාවිච්චි කළ හැකි හොඳ තත්වයේ පැවති ඒවා බවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවීඇත.
ප්‍රාදේශීය වැඩපොළවලට සහ ජර්මන් කාර්මික විද්‍යාලයට ලබාදී අලුත්වැඩියා කර ගත් එන්ජින් 86ක් අදාල ඩිපෝවලට ලැබී නොතිබුණු බවද විගණන කාර්යාලය පවසයි.
මේ අතර මණ්ඩලයේ අවශ්‍යතාවයට මිලදීගත් රුපියල් කෝටියකට ආසන්න වටිනා ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් 2018 අගෝස්තු 28 වෙනිදා වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් එන්ජින් ගැහිලි ගොඩක් විගණන වාර්තාවකින් එළියට
Hafeel Tuesday, 20 December 2022 03:19 PM
2017 වර්ෂයේදී වෙච්ච මෙම දුෂණ ගනුදෙනුව දැන්ද විගණන කරන්නේ? දැන්වත් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ, නැවත නැවත මේ දුෂණ දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට යවනවද කියල. දැන්වත් අවදි වන්න.
නලින්Tuesday, 20 December 2022 06:38 PM
එද සිටියේ කුමාර වෙල්ගම නෙද?