(සිතුම් චතුරංග සහ රෝමේෂ් මධුෂංක)
යාපනය, නුවර ඒ නවය මාර්ගයේ පලෙයි මුහමාලෙයි හි බස්රථයක් හා ටිපර් රථයක් අද(15) දහවල් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 51 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි.
බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් වන හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සේවකයන් පිරිසක් රැගෙන ආ බස්රථයක පලෙයි ප්‍රදේශයේ සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
බස් රථය සේවකයන් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය වෙත බස්රථය ඇතුල් කිරීමට උත්සහ කිරීමේදී අධික වේගයෙන් පැමිණ ඇති ටිපර් රථය ගැටී බස්රථය පෙරළී ගොස් අනතුරටලක්ව ඇති බවත් පැවසීය.
අනතුරින් තුවාල ලැබූවන්ගෙන් ප්‍රදේශවාසීන් හා හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සෙසු සේවකයන් සමඟ රෝහල් ගතකරනු ලැබීය.
තුවාල ලැබූ පිරිසගේ තත්වය බරපතල නොවන බවත් බහුතරයක් සුළුතුවාල පමණක් ලබා ඇති බවට රෝහල් ආරංචිමාර්ග සඳහන් කරති.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු හෙට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බස් - ටිපර් අනතුරින් 51කට තුවාල