(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කළ බව දංඕවිට පොලිසිය කියයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.
පොලිසිය හා ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවී තුවාලකරුවන් රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති අතර ඉතාමත් සුළු තුවාල ලැබූ කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.
බස් රථ දෙකේ රියදුරන්ද තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇති අතර එක් රියදුරකු අනතුරින් පසු පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි හෙලි කර ගැනීමටද පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය සදහන් කලේය.
මෙම අනතුර නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිරවී පැවතිණි. පුද්ගලයන් 15 ක් රෝහලට ඇතුලත් කර ඇති බවද තුවාලකරුවන්ගේ තත්තවය බරපතල නොවන බව වරකාපොල රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස් බස් ගැටී 20කට තුවාල
Pradeep Kumara Monday, 01 July 2024 10:29 AM
දිනෙන් දිනම මාර්ග අනතුරු සිදුවන ප්‍රමාණය වැඩි වෙනවා. මේවා මැඩලීමට හෝ අවම කර ගැනීමට කිසිදු යාන්ත්‍රණයක් පේන තෙක් මානයකවත් නෑ. මේ විනාශ වෙලා යන්නේ රටේ තියන සම්පත් නේද, අහිමිව යන්නේ රටේ පුරවැසියන් නේද? ඇත්තෙන්ම අපේ රටින් පිටට ගියාමයි වැටහෙන්නේ අනෙකුත් රටවල පොදු ප්‍රවාහන සේවා කොතරම දියුණුද, කාර්යක්ෂමද කියලා. ඒ තත්වයට ලංකාව ගේන එක හීනයක්.
pradeep Monday, 01 July 2024 12:05 PM
හොඳම විසඳුම පාර මැදින් වෙන් කිරීමයි. මැද දූපතක් වගේ සිටින සේ මැදින් යකඩ වැටක් හෝ පදිකයික් මගින් මහා මාර්ගය වෙන් කළ යුතුයි. මුහුණට මුහුණ සිදුවන වාහන අනතුරු 100% නතර කර ගත හැකියි. දියුණු රටවල මාර්ග සකස් කර ඇත්තේ ඒ අයුරින්. එසේ නොකරන තාක්කල් වෙන විසඳුමක් නොමැත.