IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න

(සුජිත් හේවාජුලිගේ )

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ(2) උපදෙස් දුන්නේය.

දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ(2)පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

 



අදහස් (12)

බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න

de silva Friday, 02 July 2021 04:31 PM

අනික් පලාත්වල ජිවත් වෙන්නේ මනුස්සයෝ නෙවෙයිද

:       3       23

සමරේSaturday, 03 July 2021 01:25 PM

කෝවිඩ් වැඩියෙන්ම පැතිරෙන්නේ සහ මැරෙන්නේ බස්නාහිර පළාතේ... ඒ නිසා බස්නාහිර පළාතේ අයට මුලින්ම එන්නත් දීම වැරදි නැහැ. ඒ වගේම රටේ වැඩිම ජනගහනය සහ රැකියා සපයන ආයතන තියෙන්නෙත් බස්නාහිර පළාතේ සහ රටේ වැඩිම දළ ජාතික නිෂ්පාදිතයා සිදුකෙරෙන්නේ බස්නාහිර... මේ සියළු හේතූන් නිසා බස්නාහිර පළාතට මේ අවස්ථාවේ ප්‍රමුඛතාවයක් දීම සිදුවිය යුතු දෙයක්. එ්කෙන් අදහස් කරන්නේ නෑ.. අනික් පළාත්වලට වෙනස්කම් කරනවා කියලා...

:       0       15

මැක්ස් Friday, 02 July 2021 04:55 PM

හිතක් පපුවක් නැති ස්ට්‍රයික් කාරයොත් එක්ක ඒ ඉලක්කයට යන්න පුලුවන් ද? කුප්‍රසිද්ධ එන්ජීඕ නර්ස් මහත්තය වැඩ පටන් අරං නේද?

:       114       31

Ruhunu Friday, 02 July 2021 05:19 PM

උතුරෙන් ආවොත් විදගන්න පුලුවන්ද? සර්.

:       0       20

මහසෙන් Friday, 02 July 2021 05:26 PM

ඉස්සෙල්ලා 60 වැඩි පිරිසට ගහලා ඉමුකෝ නේ ද? කට ඉස්සර කරගන් නැතුව.මොක ද තාම එකක්වත් ගහන්න තියා කව දා ගහයි ද කියලා හිතාගන්න බැරි පිරිස වැඩි නිසා

:       8       31

siri Friday, 02 July 2021 05:57 PM

කොරෝනාව අද හෙට අවසන්වෙන වසංගතයක් නොවන බවත් එන්නත් දෙන එක අවුරුද්දක් පතා තව බොහෝ කාලයක් යනතුරු කරන්නට සිදුවෙන දෙයක් බවත් තමයි මේවා ගැන කරුණු කාරනා දන්නා අය කියන්නේ. අපි වගේ දුෂණය ඉහ වහා ගිය රටවල් වලට ඒවගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තියක් තිබේද කියන එකයි ලොකුම ගැටලුව.

:       0       81

වර්ණකුලසූරිය Friday, 02 July 2021 08:10 PM

"උපදෙස් දුන්නේය. අවධාරණය කළේය." 69 ලක්ෂයක් හිතපු කොන්ද කෙළින් ජනාධිපතිවරයෙක් නම් නියෝග දීමට සමත්විය යුතුයි. ප්‍රමාණවත් එන්නත් නොමැතිව කරන ප්‍රකාශයක් වශයෙන් මෙය සළකන්නට සිදුවේ.

:       40       155

චාමර Friday, 02 July 2021 09:02 PM

අපි කොලඹ

:       0       7

de silva Friday, 02 July 2021 09:53 PM

මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැහැ

:       0       0

ගිජුලිහිණි සංදේශය Saturday, 03 July 2021 07:37 AM

මැසිවිලි කියකියා කට මැත නියන්නේ - කිසි අරුතයක් නැතිවම බණ දෙසන්නේ - ඇසිපිය විල්ලකින් කී දෙය නොදන්නේ - අසිරිය බලාපන් විරුවෙකි දොඩන්නේ

:       0       14

Akila Saturday, 03 July 2021 08:04 AM

එන්නත් දෙන ප්‍රදේශ දැනගන්න පුළුවන් කොහොමද? නිරෝධායනය වෙමින් සිටි නිසා මාහට දෙවෙනි එන්නත් ලබාගැනීමට නොහැකිවුණා.. මෙවැනි අය එය ලබන්නේ කොහොමද?

:       0       1

jagath Saturday, 03 July 2021 09:44 AM

වැඩ බැරි ජනාධිපති, සද්දෙ විතරයි. අවශ්‍ය එන්නත් ටික ගෙන්න ගන්නේ නැතිව ඔක්කොටම දෙන්න කියලා කිව්වට දෙන්නේ මොනවද? දැන් පේන විදිහට මෙච්චරකල් ඕක කරගන්න බැරි වෙලා තියෙන්නේ මෙයා ඕක දීලා ඉවර කරන්න කියලා අණකරපු නැති නිසා කියලයි මට නම් හිතෙන්නේ.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


මහනුවරට මහ වැසි
2025 අප්‍රේල් මස 25 408 1

මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 214 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 573 3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 42 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 232 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 773 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 522 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site