IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බස්නාහිර සිට අ’පුරට එන පිරිස සීමාකරන්න

(දයාරත්න ඇඹෝගම)
 
බස්නාහිර පළාතෙන් අනුරාධපුරයට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිමාකිරීමට කටයුතු කරන්නැයි  ජාතික කොවිඩ් -19 බලකාය වෙත දන්වා යවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගත රෝගය වැළැක්වීමේ දිස්ත්‍රික් කමිටුවේ නිලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය.

 
අනුරාධපුර දිස්ත්‍රික්කය කොවිඩ්19 වසංගත රෝගය වැළැක්වීමේ  දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (25) පැවැත්විණි.
 
මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසූයේ පාසල් විවෘත කර තිබෙන අවස්ථාවේ  ඉතාම සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් මේ ප්‍රදේශයට බස්නාහිර පළාතෙන් පැමිණෙන පුද්ගලයන් විශේෂයෙන් පරීක්ෂා කර බැලිය යුතු බවත් අත්‍යවශ්‍ය කටයුත්තක් ඇත්නම් පමණක් අනුරාධපුරයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත්ය.
 
එම නිසා බස්නාහිර පළාතෙන් අනුරාධපුරයට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමාකිරිමට කටයුතු කර  ‍දෙන ලෙසට, දිස්ත්‍රික් බලකායේ ඉල්ලීමක් ලෙස ජාතික කොවිඩ් -19 බලකාය වෙත දන්වා යවන ලෙස ආණ්ඩුකාරවරයා විසින් මෙහිදි උපදෙස් දෙන ලදී.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා රෝගය ආසාධිත වු පුද්ගලයන් 19 දෙනෙකු හමුවී ඇති බවත් තවත් පුද්ගලයන් 1294 දෙනෙකු සිය නිවෙස් තුලම නිරෝධායනයට ලක් කොට ඇති බවත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා පැවසීය.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉපලෝගම 02, නොච්චියාගම 02, මධ්‍යම නුවරගම් පළාතෙන් 08, නැගෙනහිර නුවරගම් පළාතෙන් 02, රාජාංගනය 01, රඹෑව 01, තළාව 01, තඹුත්තේගම 01 අයෙකු සහ නගර සීමාවේ 01 අයෙකු වශයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හමුවී ඇති බවද වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා වැඩිදුරටත්  පැවසීය.
 
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් නවරත්න, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ , පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.පී. සිරිබද්දන, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් පේමසිරි රත්නායක ඇතුළු රාජ්‍ය ්‍ය්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (3)

බස්නාහිර සිට අ’පුරට එන පිරිස සීමාකරන්න

සමන්ත Wednesday, 25 November 2020 02:15 PM

අනුරාධපුරයට පැමිණෙන පිරිස සීමා කරන්න නම් අනුරාධපුරයෙන් බස්නාහිර පළාතට පැමිණෙන පිරිස්ද සීමා කළ යුතුයි. අනෙක් පළාත්වලට නැති ලෙඩක් අනුරාධපුරයට ඇතිවී තිබෙන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. ඔය අනුරාධපුරයේ කී දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳ කලාපවල රැකියාව කරනවද? එයට දක්වන ප්‍රතිඋපකාරය නම් ඉතාම හොඳයි. රාගම, වැලිසර, මහරගම, කොළඹ ජාතික රෝහල පැත්තටත් ඔය පැතිවල අයට එන්න වෙනවා. ඒක අමතක කරන්න එපා..

:       17       17

pakeer Wednesday, 25 November 2020 05:00 PM

උපකාරෙ තමයි පුළුවන් තරම් සංචරණය සීමා කරන එක. හැබැයි ලංකාවේ ඉන්නවා බූරුවො සෙට් එකක් ඒයාලාට ගාණක් නැහැ මොනවා වුණත්... එයාලාගේ වැඩේ විතරයි.

:       0       0

අජිත් රනවීර Wednesday, 25 November 2020 05:38 PM

මෙය ප්‍රායෝගිකව කළ නොහැක. ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, බස්නාහිර සේවය කරන මෙම ප්‍රදේශයේ පුද්ගලයන්, මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් රජයේ නිලධාරීන් බස්නාහිර පළාතට ⁣රාජකාරී කටයුතු හා ප්‍රධාන කාර්යාලයන් වෙත ගොස් ආපසු පැමිණිය යුතුව ඇත. හැබැයි වන්දනා කරුවන් පමණක් සීමා කිරීමට පුළුවන්... රට විවෘත කර ඇත්නම් මිනිස්සුන්ගේ අත්‍යාවශ්‍ය ගමන් බිමන් සීමා කිරීමට නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 609 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4275 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1642 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 672 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3864 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2882 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site