IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


බස්නාහිර හුදෙකලා කරන්නයි පී.එච්.අයි.ලා ඉල්ලති

එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත පෙදෙස් බව ඔවුහු පෙන්වාදෙති.

නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, වයිරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.



අදහස් (14)

බස්නාහිර හුදෙකලා කරන්නයි පී.එච්.අයි.ලා ඉල්ලති

paniya Monday, 21 December 2020 02:34 PM

කොළඹින් පිටවන සැමට ධම්මික පැණිය බලෙන් පොවා පිටකරමු. එසේ නොමැතිනම් කෑගල්ලට පිටත්කර පැණිය බොන්න දී ගම්බිම් වලට අරින්න. මළමිනී වලටත් ධම්මික පැණිය දමා එම්බාම් කරමු. කට්ටිය ගොඩෙ ගොඩ...

:       27       61

ටින්ටින් Monday, 21 December 2020 04:37 PM

ඔව් ඉතින් ඔබතුමාලට මාසේ පඩිය අතට ලැබෙනවනේ, එදා වේල හොයං කන අයට කොවිඩ් වලින් නෙමෙයි බඩගින්නෙන් මැරෙන්න වෙන්නෙ !

:       29       35

isuru Monday, 21 December 2020 05:36 PM

එතකොට අපිට නත්තලුත් නැහැ. අලුත් අවුරුද්දත් නැහැ. ආණ්ඩුව ෆේල්.... සර් ෆේල්...

:       19       56

මුණසිංහTuesday, 22 December 2020 01:39 AM

නත්තලුත් කාලා, අවුරුද්දත් කාලා, රටත් කාලා ඉවර කරලා,... ඊළඟට කන්න බොන්නත් ඉල්ලපල්ලා... දියුණුවේ ලක්ෂණ පේනවා.

:       0       0

සමන්තTuesday, 22 December 2020 01:53 AM

එතකොට ඉතාලිය, ජර්මනියේ අයත් කියනවා ඇති නේද? පාලකයා ෆේල් කියලා..

:       0       0

කපිල Monday, 21 December 2020 06:16 PM

තාමත් අපේ ඉහල නිලධාරීන් සර් ව අන්දනවා නේද? හැමදාමත් කෙරුනේ ඕකනේ.

:       0       6

සමන් Tuesday, 22 December 2020 04:14 AM

ලංකාවේ ජනතාව වගකීමෙන් හැසිරෙන්න දන්නේ නැහැ. නිවාඩු ගතකරන්න ගිහිල්ලා මේ රෝගය ව්‍යාප්ත කරනවා. ලංකාවට ඔය ෆයිසර් එන්තත වත්, මොඩෙනා එන්නත වත් එන්න 2021 අග පහුවෙනවා. ඒ නිසා එන්නත එනතුරු රටේ තත්වය පාලනය කර ගත යුතුයි. එහෙම නැතිනම් හැකි ඉක්මණින් කල්මරන්නේ නැතිව දේශීය ඖෂධ පිළිබඳව පරීක්ෂණ කර ඒවා සාර්ථක නම් ජනතාවට ලබාදිය යුතුයි. ජනතාවට බොරු බලාපොරොත්තු දීලා වැඩ කිරීමෙන් වන්නේ රෝගය ව්‍යාප්තවෙලා අපේ වැඩිහිටි උදවිය මැරෙන එකයි. ඒ නිසා ජනතාව තම පළාතට හෝ දිස්ත්‍රික්කයට වෙලා හිටියට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. පළාතෙන් පළාතට මාරුවීම සීමා කළ යුතුයි... නැතිනම් සියලු පළාත්වල තත්වය භයානක වෙනවා.

:       0       0

ලුම්බිණි Tuesday, 22 December 2020 05:15 AM

බස්නාහිර පළාත හුදෙකලා කළ යුතුව තිබුණේ මීට බොහොම කලින්. එහෙම කළා නම් මේ වෙනකොට රෝගය පැතිරීම අඩුවෙලා...

:       0       0

Perera Tuesday, 22 December 2020 05:55 AM

අපිට නත්තල් කන්න ඔනේ... කෝවිඩ් කියලා ගෙදරට වෙලා ඉන්න බැහැ...

:       7       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 22 December 2020 06:44 AM

කොයි කවුරුත් අන්තිමේදී බලවතා ඉදිරියේ දණ නමනවා. එසේත් නැතිනම්, රටේ බොහෝ ප්‍රදේශ පුරා කොරෝනා ව්‍යාප්ත වෙලා. මොකද මේ බස්නාහිර ගැන පමණක් කතාව. මේ රටේ ඉන්නා සමහර දෙනාටත් බලවතුන් මොකක්ද කියන්නේ .. ඒක තමයි ඇත්ත. ඒ විදිහට තමයි රට යන්නේ. මේසන් බාස් වෙදාගේ පැණියේ වැඩේ හරි ගියේ නැහැනේ වෙලාවට... එහෙම හරි ගියානම් රජ වාසල ඉන්නා සමහර නූගත් අන්ධයින් ගොඩේ ගොඩ. මේ බෙහෙත දීලා ඇත්තේ කාලි දේවිය නොවෙයි. අර බාස් උන්නැහේගේ අවට සිටින මලප්‍රෙත ආරූඪයක් වෙන්න ඇති. හාමුදුරුවන්ගේ අම්මාත් වෙන්න බැහැ. එහෙම නම් බාස්ගේම අම්මා වෙන්න ඇති. අනේ රටකට ගිය කලක්...

:       1       6

isurandi Tuesday, 22 December 2020 07:17 AM

කිසිම ක්‍රමවෙදයක් නැති රටක් මෙ.... රට සුන්දර වුණාට විහින් කතාවෙලා කරන වැඩ නිසා...

:       1       4

නිල්මිණි පෙරේරා Tuesday, 22 December 2020 07:22 AM

වහන්න කියන්න ලේසියි... ඒත් මිනිස්සු ජිවත් වෙන්න ⁣කෝවිඩ් එකෙන් ඛෙරෙන්න දගලනවට වඩා දුක් විදිනවා. කට්ට කනවා. දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්... හොදම දේ සෞඛ්‍ය පුරුදු පිලිවෙලට පිලිපදිමින් දවසෙ වැඩ කටයුතු කරගෙන යාම...

:       0       10

fairoos Tuesday, 22 December 2020 08:26 AM

වහන්න නම් එපා... කෝවිඩ් හැදිලා මැරුණත් කමක් නෑ...

:       0       0

sampath Thursday, 24 December 2020 12:38 PM

ඔය සංගම්වල අයනම් කියයි රට වහනවා නම් ආණ්ඩුවෙ පඩි භාගයක් දෙන්න. මොකද ජනතාවගේ බදුමුදලින් ජීවත් වෙන අයට පඩි ගෙවන්නයි, දීමනා දෙන්නයි රටෙ මිනිස්සු වැඩ කරන්න ඔනේ... ලොක් ඩවුන් කරනවා නම් පඩියෙන් භාගයක් දෙන්න. එතකොට මෙ වගේ තීරණ දෙන්නේ නැහැ. අවුරුද්දක් කොරෝනා කළින් පාස්කු ප්‍රහාරය සාමාන්‍ය මනුස්සයාට වතුර පෙවෙන්නෙත් නැහැ. ඔය මොක තිබුණත් ගෙවල් කුලිය, ලයිට් බිල, වතුර බිල... ඒ මදිවට දුරකථන බිල කෑමබීම මෙවා අඩුවෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 20 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 458 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 251 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 388 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 768 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 944 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site