IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බසවක්කුලමේ පුරාවිද්‍යා නටඹුන් විනාශයට

(දයාරත්න ඇඹෝගම)

 

ශ්‍රී ලංකාවේ පළමුවන වැව ලෙස හැඳින්වෙන අභයවැව ( බසවක්කුලම ) වැව් බැම්ම පාමුල වෙල්‍ යාය මායිමේ කුඩා වනරොදක් තුළ පුරාවිද්‍යා නටඹුන් ස්ථාන රැසක් වගකිව යුත්තන්ගේ අවධානයට ලක්නොවිමේ හේතුවෙන් විනාශ වෙමින් පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම නටඹුන් සහිත ස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය හා ජන කෞතුකාගාරය පේන තෙක් මානයේය විමද තවත් එක් විශේෂතත්වයකි. අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය ද ඇත්තේ මෙතැන් සිට වැඩි ඈතක නොවේ.

අභය වැව යටතේ වගා කෙරෙන කුඹුරු යායේ බස්නාහිර කෙළවරේ කුඩා වන ලැහැබක පිහිටි මෙම පුරාණ ගොඩනැඟිලි කොටස් වසර ගණනාවක සිට විවිධ ආකාරයෙන් විනාශයන්ට ලක්වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනේ.

 ඇතැම් වගාකරුවන්  තම කුඹුරේ වපසරිය වැඩිකර ගැනීමට ගොඩනැඟිලි කොටස්  ගලවා ඉවත්කර තැන තැන දමා තිබේ. ඇතැම් ඒවා ඒ ඉවත්කිරීම් වලදී  කැඩී බිඳී ගොසිනි. තවත් ඇතැම් ගොඩනැඟිලි කොටස් වන ලැහැබ තුළ ගස්වැල්වලට යටවී තිබෙනු දැකිය හැකිය.

 අභයවැව ආසන්නයේ පදිංචි ගොවි මහතෙකු සඳහන් කළේ ඇතැම් පිරිස් මෙවැනි නටඹුන් සහිත ප්‍රදේශ මැදිකර ස්ථිර වැටවල් ගසා පුරාවිද්‍යා නටඹුන් ඉවත්කර වසර ගණනාවක් තිස්සේ වගා කටයුතු කරගෙන යන බවයි.

 සමහරු එම භූමිවල පැරණි ගොඩනැඟිලි කොටස් යොදාගෙන නිවාස ඉදිකර එම භූමිවලට සින්නකර ඔප්පු ද ලබාගෙන ඇති බවයි.

පසුගිය මාස කීපය මුළුල්ලේම පුරාවස්තු විනාශ කිරීම් සම්බන්ධ මාධ්‍ය වාර්තා පළවිය. කහටගස්දිගිලිය නැට්ටුක්කන්ද, නාච්චාදූව නිදන්ගල , තඹුත්තේගම වෙහෙරගල වසර 4000 ක් පැරණි මෙගලිතික සුසාන ආදී පුරාවිද්‍යා ස්ථාන බුල්ඩෝසර් කර බලහත්කාරයෙන් නිවාස ඉදිකෙරුනේ හා වගා බිම සැකසුනේ අනුරාධපුරයෙන්  තරමක් දුර බැහැර ප්‍රදේශවලය.

 එහිදී පුරාවිද්‍යා බළධාරීන් පැවසුවේ දිවයිනේ කුමන ප්‍රදේශයක වුවද පුරාවිද්‍යා නටඹුන් තිබිය හැකි බවත් ඒ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් බලය තමන්ට නොමැති බවත්‍ ය. අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිළධාරියකු පැවසුවේ තම කාර්යාලයේ සිටින්නේ කම්කරුවන් දෙදෙනෙකු පමණක් බවයි. ඒ නිසා නගරයෙන් දුර බැහැර ස්ථාන රැක බලා ගැනීම දුෂ්කර කටයුත්තක් බවයි.

එසේනම් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට ආසන්න, අනුරාධපුර පූජා නගරය මධ්‍යයේ මෙන්ම රුවන්වැලි මහ සෑ රදුන් ආසන්නයේ පවතින මෙවන් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වනගත වන්නට හා විනාශවන්නට ඉඩහැර තිබීම පිළිබඳව පුරාවිද්‍යා බළධාරීන් පවසන්නේ කුමක්දැයි අද ජනතාව නඟන ප්‍රශ්නයයි.

 බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්‍රීමතාණන් දිවි හිමියෙන් රැකගත් අනුරාධපුරයේ බෞද්ධ උරුමයට සිදුව ඇති ඉරණම මෙය දැයි අද ජනතාව නඟන ප්‍රශ්නයයි.

 



අදහස් (1)

බසවක්කුලමේ පුරාවිද්‍යා නටඹුන් විනාශයට

69lakshaya Thursday, 04 March 2021 06:17 PM

ඔය පරණ දේවල් වලින් වැඩක් නැහැ. අලුත් විදිහට රටම හදන්න පුරුදු වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 194 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 526 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 715 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 1011 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 23 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1343 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site