(නිමල් ජයරත්න සහ ගයාන් සූරිය ආරච්චි)
හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ,වෑන් රථයේ රියදුරුවන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියකු හා බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 වීයැති කාන්තාවක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය පවසයි.
ගාල්ල,හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රීකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් සිටි බස්රථයක්, කින්නියා ප්‍රදේශයේ පදිංචි අයකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර,තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාරය ලබන බව හබරණ පොලිසිය පවසයි.
රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන
සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු
දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බවත් අ
අනිසි ලෙස කුණු කසල බැහැර කිරීම, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න හේතුවෙන් අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්ම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බස් - වෑන් ගැටී දෙකක් මරුට