IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට යයි

(විනීතා එම් ගමගේ)
බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීමට තීරණය රජය තිරණය කර ඇත.

මේ සදහා බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය යොදාගත හැකි බවත් මෙරට අවශ්‍යතාවය අනුව වසර 200 ක් තරම් කාලයකට අවශ්‍ය කැල්සයිට් එහි ඇති බවත් මේ වනවිට හෙලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ තිබියදීත් කැල්සයිට් විදේශ රටවලින් මෙතෙක් ආනයනය කර ඇතැයි කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී ගොස් ඇතැයි ද කියා සිටියේය.

බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා සියයට 100 ක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත පැවරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවැසුවේය.

සියලූම බෙහෙත් පෙති වර්ග නිෂ්පාදනයෙ දී කැල්සයිට් (කැල්සියම් කාබනේට්)  භාවිතා කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය, කැනීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඩ පීවීසී පයිප්ප, තීන්ත, තීන්ත, කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඞ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග. රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව කැල්සයිට් යොදා ගැනේ.

මේ වනවිට බලංගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට් පවුඩර් වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.

පේරාදෙනිය  විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධී ආයතනය විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදු කර තිබෙන අතර භූ විද්‍යා හා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගම හා එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය. 



අදහස් (2)

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට යයි

Nuwan Monday, 11 January 2021 12:09 PM

මේ ඉන්නේ තවත් වැඩ බැරි කටෙන් වැඩ පෙන්වන කෙනෙක්. හතර වටේ මහා වනාන්තර, පූජා බිම්, නටබුන් ඩෝසර් කරා. කෝ කවුරුවත් හිරේ දැම්මද...?

:       4       22

RaveendraTuesday, 12 January 2021 03:29 AM

ඔබගේ අදහස් නිවැරදිය. මේ ඉන්නේ දියවන්නාව 225න් ගල්ආඳෙකු වැන්නෙකි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 116 0

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 103 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 205 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 519 1

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 199 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 132 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 88 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 464 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1438 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site