(නිමල කොඩිතුවක්කු)
බාහිර උපාධිය කප්පාදු කිරිමේ වැඩපිළිවලක ආණ්ඩුව නිරත වන බව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.
එම උත්සාහය වහා නතර කර ඉදිරි අයවැයෙන් සියලූම උපාදිධාරීන්ට වහාම රැකියා ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (28) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් අඹේපිටිය මහතා මෙසේද කීය.
‘‘සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මේ ආණ්ඩුව බලයට පත්වුණා. එහෙම පත්වෙච්ච ආණ්ඩුව අද දිගින් දිගටම සියලූම උපාධිධාරීන්ට රැකියා ලබා දීම මඟඅරිමින් සිටිනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකෂිත කිරීමට පත්වු මේ ආණ්ඩුව අද දිගින් දිගටම බාහිර උපාධිධාරින්ගේ රැකියා අහිමි කරමින් සිටිනවා. රැකියා හිමිවූ උපාධිධාරීන්ට පවා අද වැටුප් වාර්තා පවා අහිමි කරමින් සිටිනවා. රැකියා නිර්දේශ වූ බාහිර උපාධිධාරීන් පවා එම රැකියා වලින් ඉවත් කිරිමේ උත්සාහයක මේ ආණ්ඩුව නිරත වෙමින් සිටිනවා.
අද රැකියා විරහිත උපධිධාරින් 60,000 ක් ඉන්නවා. ඒ අයට රැකියා දෙන්න කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව සතුව නැහැ.
2016 වසරේ සිට මේ දක්වා බාහිර උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන නැහැ. බාහිර උපාධිධාරීන් සඳහා නියමිත දිනවල විභාග පවත්වා නැහැ. දිගින් දිගටම බාහිර උපාධිය කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නිරත වෙමින් සිටිනවා.
සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදිමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව කඩිනමින් සකස් කළ යුතුයි. උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී 35 වයස් සීමාව වහාම ඉවත් කළ යුතුයි. එහෙම නොකළොත් අපි මේ රජයට විරුද්ධව දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා යැයි ද ඔහු එහිදී පැවසීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘බාහිර උපාධි කප්පාදු කිරිමේ වැඩපිළිවෙළක ආර්ඩුව නිරත වෙනවා’