IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


බහාලුම් 2000 ක් තවමත් හිරවෙලා

(යොහාන් භාසුර)

ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ සහ එම මාර්ගයේ බහලුම් රථ පෝලිම අද (29) පස්වරුවේ ද දැකගත හැකි විය.

එසේ දිගු පෝලිමක් තිබුණ ද දින දෙක තුන බහලුම් රථවලට රැදී සිටීමට සිදු නොවන බවත් මීට පෙර පැවතුණාට වඩා ඉක්මණින් බහලුම රැගෙන යෑමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇතැම් බහලුම් රථ රියදුරෝ පැවසූහ.

රේගු බහලුම් අංගනයට දිනපතා ලැබෙන බහලුම් ද සමඟ ඊයේ පස්වරුව වන විට නිෂ්කාශනය නොකළ බහලුම් 2,000 කට වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් රේගු නිලධාරීන් හැකි උපරිමයෙන් නිෂ්කාශන කටයුතු ක්‍රියාත්මක කරන බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම බහලුම් ගැටලුවට සෘජුවම මැදිහත්ව සිටීම නිසා මේ වන විට තරමක් කාර්යක්‍ෂමව බහලුම් නිෂ්කාශනය ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් බහලුම් රථවලට දින ගණන් රැදී නොසිටින බවත්ය. වරාය අමාතවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා දිනපතා බහලුම් නිෂ්කාශන ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන බව කී සනත් මංජුල මහතා ඉදිරි දින කීපයේදී තදබදය තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.



අදහස් (2)

බහාලුම් 2000 ක් තවමත් හිරවෙලා

අරවින්ද මොනරවිල Wednesday, 29 January 2025 07:34 PM

සති ගණන් හිරවෙලා තිබුණු කන්ටේනර් දැන් දවසෙන් දෙකෙන් නිදහස් කරලා අරින එකත් දැන් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා...!

:       1       0

de silva Thursday, 30 January 2025 07:53 AM

ජනාධිපතිතුමනි, රටින් ගෙනඑන භාණ්ඩවලට ගහන විවිධ වර්ගයේ බදු සියල්ල එකතුකොට එක සරල බද්දක් ගහන්න කටයුතු කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිදාරි නිලධාරීන් සිටිනවා කරන්න වැඩක් නැතිව, ඔවුන්ගෙන් සුදුසුකම් තිබෙන නිලධාරීන් රේගු, ආගමන විගමන නිලධාරීන් ලෙස පුහුණු කර අදාල දෙපාර්තමේන්තු වලට අනුයුක්ත කරන්න.. එහෙම කළොත් මේවා ඉක්මනට, පිළිවෙලට නිදහස් කරගන්න පුළුවන් අතර හොර ජාවාරම් නවත්වන්න පුළුවන්..., රජයට එන විශාල අදායමක් ලැබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 419 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 215 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 346 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 275 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 356 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1332 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site