(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ බහලුම් 1200ක් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ වසර කිහිපයක සිට රඳවාගෙන සිටින බව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
මෙම බහලූම් බොහොමයක ඇත්තේ ආහාර ද්‍රව්‍ය බව දැනගන්නට ඇත.
රේගුව පවරන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී විශේෂ අවධානය යොමුවිය.
මේ ප්‍රමාදය වැළක්වීමට හැකි ඉක්මනින් සාකච්ඡා කර ක්‍රමවේදයක් සකස් කරන ලෙස කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරීන්ට නියෝග කළේය.
මේ අතර ආනයන භාණ්ඩවලින් සියයට 60ක් ග්‍රීන් ඒරියා ප්‍රදේශයෙන් ගෙන ඒමේදී පරීක්ෂා නොවන හෙයින් මෙම ආහාර ද්‍රව්‍ය අතර අතර සඟවා නීති විරෝධී සිගරට් මත්පැන් වැනි දේ ගෙන ඒම දිගින් දිගටම සිදුවන බව නිලධාරීහු මෙහි දී පෙන්වා දුන්හ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බවරේගු නිලධාරීහු පැවසීය.
මේ අතර වාහන ආනයනය නැවතීම සහ භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් අයවැයෙන් අපේක්ෂාකරන ආදායමට ළඟාවීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී නැතැයි එහි ප්‍රධානීහු පෙන්වා දුන්හ.
රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදියහැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (08) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල්කෝටි 122600 ක් බලාපොරොත්තු වූ නමුත් පසුගිය මාස පහේදී ලබාගෙන ඇත්තේ රුපියල් කෝටි 33000 ක් පමණක් බවද මෙහිදී තොරතුරු අනාවරණයවිය.
වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළඟා විය නොහැකි බව රේගු නිලධාරීහු පෙන්වා දුන්හ.මේ තත්ත්වය යටතේ මෙම වසරේදී ලබාගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරන්නේ රුපියල් කෝටි 78300 ක් පමණි. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයද දැනුවත් කර ඇතැයි නිලධාරීහු සඳහන් කළහ.
මෙහිදී කාරක සභා සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇතිහෙයින් වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
එසේම මැණික් සහ රත්රන් ආනයනයේදී සහ අපනයනයේදී ගන්නා බදු මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. 2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් වුවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බව රේගු නිලධාරීහු මෙහිදී සඳහන් කළහ මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකරගැනීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදු වන බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂාකර බලා රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව රේගු ප්‍රධානීහු දැනුම් දුන්හ.
තවද රේගුවේ ආදායම වැඩිකරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධතා වැඩි කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී රේගු නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, අශෝක් අබේසිංහ, ගුණතිලක රාජපක්ෂ, නිපුණ රණවක, සුදත් මංජුල යන මහත්වරුද සහභාගි වූහ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බහාලුම් එක්දහස් දෙසීයක් වරායේ හිරවෙලා
fairoos Tuesday, 13 June 2023 03:28 PM
මහිද සභාපතිලු..කවදද පත්කරෙ මෙයාව?