(සුරංග රාජනායක)
සුරතලයට ඇති කරන බලු පැටවකු මිලදී ගැනීමට පැමිණි යුවළක් එම නිවෙසේ තිබූ රුපියල් 1,65,000ක් පමණ වටිනා රන් මාලයක් හා රුපියල් 45,000ක් පමණ වටිනා ගෝල්ඩන් රෙඩ් රිවර් වර්ගයේ බලු පැටවකු සොරාගෙන ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය කියයි.
ගම්පොළ පන්විලතැන්න මුල්ගමවත්ත පදිංචි කාන්තාවක මේ සම්බන්ධයෙන් පුපුරැස්ස ෙපාලිසියට පැමිණිල්ලක් කර අැත
පැමිණිලිකාරිය විසින් සුරතලයට ඇති කරනු ලබන බල්ලන් හා බළලුන් මුදලට අලෙවි කිරීම සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ පළකරන දැන්වීම්වලට අනුව විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අය එම පැටවුන් මිලට ගැනීම සිදුකරන බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ ආකාරයට මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ සිට පැමිණි යුවළක් පුස් පැටවකු මිලට ගෙන ගොස් ඇති අතර නැවත පැමිණ පුස් පැටවා ලබා දී බලු පැටවකු රැගෙන ගොස් තිබේ.
ඒ ආකාරයට මොවුන් 16 දින නැවත එම නිවෙසට පැමිණෙන විට පැමිණිලිකාරිය ගම්පොළ නගරයට ගොස් සිට තිබේ.
ඇගේ මව පමණක් නිවෙසේ සිට ඇති අතර ඇයට හොරෙන් මොවුන් දෙදෙනා තවත් බලු පැටවකු හා නිවෙසේ තිබූ රන්මාලය මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව 17 දින මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බළලා මාරු කර ගන්න ඇවිත් බලු පැටියයි රන් මාලයයි උස්සලා