IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


බීඩි සෙස් බද්ද ඉවතට

(අංජුල මහික වීරරත්න)

මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ.

ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියළු පාර්ශව සමඟ සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අදාල ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත. 

දැනට බීඩි කොළ කිලෝවක් සඳහා  අය කරන රුපියල් 5000 ක සෙස් බද්ද ඉවත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

බීඩි කොල ආනයනයේදී අය කරන රුපියල් 5000 ක සෙස් බද්දට අමතරව එක් බීඩියකින් රුපියල් දෙකක මුදලක් ද රජය අය කර ගනු ලබයි. 

සුරා බදු දෙපාර්තමේන්තුව මෙි ක්‍රමය හඳුන්වා දී ඇති නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක  නොවන බව ද ඉහත සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබේ.

බීඩි කොල කිලෝවකට අය කරන සෙස් බද්ද හේතුවෙන් හොර පාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද මෙහිදී තොරතුරු වාර්තා වී ඇත. එම නිසා බීඩි කාර්මාන්තය විධිමත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

බීඩි කර්මාන්තයේ 700 ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේදී අය කරන සෙස් බද්ද ඉවත් කොට එක් බීඩියකින් අය කරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට ද තීන්දු වී තිබේ. 

සෙසු බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර  ඇත. මුදල් ඇමතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  සමඟ ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අදහස් (4)

බීඩි සෙස් බද්ද ඉවතට

සුපුන් Saturday, 21 October 2023 12:28 PM

පේනවනේ 2048 ර‍ට සුරපුරයක් කරන්න ගත්තු ඉතා හොඳ තීරණයක්. දැන් ර‍ට‍ සුරපුරේ වෙන එක නවත්තන්න කාටවත් බෑ...!

:       1       6

sanath Saturday, 21 October 2023 03:17 PM

හොඳ තීරණයක්.

:       0       0

Nimal Saturday, 21 October 2023 03:44 PM

ඊළඟට කුඩු වලටත් මේ දේම කරමු .මිනිස්සුන්ට මොනවා උනත් කමක් නෑ

:       0       0

Kumar Sunday, 22 October 2023 06:07 AM

බීඩි වලින් තරුණ පරපුරේ පෙනහළු වලට සිදුවන හානිය ගැන තැකීමක් නැතුව වගෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 132 0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 227 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 166 0

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
2024 ඔක්තෝබර් මස 26 527 2

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
2024 ඔක්තෝබර් මස 26 2425 1

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ


මහ ඡන්දයට වෙනත් දිනයක්?
2024 ඔක්තෝබර් මස 26 5133 13

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 912 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 574 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site