(යොහාන් භාසුර)
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය කර ඇති බවත් රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු ඝාතනය කර ඇතැයි සැක කරන බවත් බූස්ස බන්ධනාගරයේ නිලධාරියෙක් කීය.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇන්නේ යැයි සැකකළ හැකි තුවාල තිබූ බවත් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු දුන්නේ යැයි සැකයකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ගැටලුවකට මෙම ඝාතනය කළේ ද යන සැකය මතුවී ඇති බවත් එම නිලධාරියා කීය.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බූස්ස බන්ධනාගාරයේදී රැඳවියකු ඝාතනය කරයි
ගුණරත්න Friday, 04 April 2025 08:31 PM
පුනරුදේ...!
Perera Saturday, 05 April 2025 04:36 AM
එළියෙත් ගුටි කාපු දේශබන්දුව බූස්ස ඇතුළට දැම්මා නම් මිනිහාටත් ඔච්චර තමයි.