IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


භාණ්ඩාගාරය මැතිසබයේත් තටු කපයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික  වියදම් සීමා කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ  සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන  බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කෙරෙනු ඇත.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ  මුදලක් රජයට වාර්ෂිකව දැරීමට සිදුවන අතර රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක්  හෙයින්  ලබන වසරේ සිට එපමණ මුදලක් වෙන් කළ නොහැකි  බව භාණ්ඩාගාරය  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  දැනුම් දී ඇතැයි එහි  ආරංචි මාර්ග  සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කළ හැක්කේ කෝටි හතරක් පමණක් බව මහා භාණ්ඩාගාරය වැඩිදුරටත්  දැනුම්දී ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ දෙන බස් ගමන් බලපත්‍රය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය  රුපියල් කෝටි අටකට  ආසන්න මුදලක් එම මණ්ඩලයට වාර්ෂිකව  මෙතෙක්  දුන්නේය.

මෙම බස් ගමන් බලපත්‍රය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ගත් තීරණයක් අනුව  1981 වර්ෂයේ සිට එම  සේවකයන්ට ලැබුණු වරප්‍රසාදයකි.

මේ අතර මේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු බස් ගමන් බලපත්‍රය ලබන මස 2 වැනිදාට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බාරදෙන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා  චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එසේ බාර නොදෙන්නේ නම් දඩ මුදලක් අය කෙරෙන බවද  එම චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ නවයක් දැනට නොමිලයේ  යෙදවෙන අතර එය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන්  වර්ෂ අවසානයේදී   අතිරේක දීමනා ගෙවීමද මේ වසරෙන් පසු නතර කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (12)

භාණ්ඩාගාරය මැතිසබයේත් තටු කපයි

බී අමරසිංහ Saturday, 23 December 2023 01:51 PM

මහ එවුන්ගේ ඒවාට අත තියලා නෑ. පොඩිඋන්ට විතරයි වගේ...!

:       5       25

Bamunuarachchi Saturday, 23 December 2023 09:43 PM

පොඩි එවුන් සටන් කරයි, මහ එවුන්ගෙත් තටු කපන්න කියලා, එතකොට බලමු. නොමිලේ දෙනබස් සේවය අත් හිටවා ප්‍රවාහන දීමනාවක් දෙනවාද දන්නේ නැහැ. භාන්ඩාගාරයට වෙන්කළ හැක්කේ කෝටි 4 බව කීමෙන් ඒ සැකය මතුවෙනවා. අනිත් රජයේ සේවකයින්ට නැති වරප්‍රසාද මොවුන්ට දෙන්නේ මොන බම්බුවකටද? සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා තිබෙන ලංගම බස් නවය එසේම තියනවාලු. ඒ හරුපේ මොකක්ද? බස් ටික ඔහේ නිකන් නවතා තිබෙනවා කියන එකද?

:       1       4

රනිතTuesday, 26 December 2023 10:00 PM

සෙත්සිරිපාය, අර පාය මේ පාය , ආදී අනෙකුත් රජයේ ආයතනවල සේවකයින් ප්‍රවාහනයත් ලංගම මගින් සිදු කෙරෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් අඩු නිසා එසේ කිරීමේ වරදක් මා නම් දකින්නේ නැහැ. ඊට වඩා වියදමක් මැති ඇමැතිවරු වෙනුවෙන් කරනවනේ...

:       0       1

චන්දිම ෆොන්සේකා Saturday, 23 December 2023 02:12 PM

ඒකත් කැපුවේ එතැන ඉන්න පොඩි එවුන්ගේ මිසක්.., අර හැමදාම නිකම් බොරුවට කෑ කෝ ගගහා කාලේ කන රංචුවේ කට්ටියගෙන් නෙමෙයි.

:       5       27

Rataperata Saturday, 23 December 2023 02:23 PM

පාර්ලිමේන්තුවේ වැඩකරන අය විතරක් විශේෂ පුද්ගලයින් වෙන්න බැහැ.. ඒක ආදර්ශයට ගෙන පළාත් සභාවල ආණ්ඩුකාර කාර්‍යාලයේ හා කොමිසමේ සේවකාදීනුත් අයුතු ප්‍රයෝජන ගන්නවා... දෙනවා නම් සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඔහොම දෙන්න ඕනෑ... ඇත්තටම 1981 කාලයේ පැවැති ආණ්ඩුව මෙහෙම වැඩකිරීම බලවත්ම අසාධාරණයක් කියන්න පුළුවන්... ඇත්තටම පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සේවකයින් හා නිලධාරින් රටේ ජනතාව කෙරෙන් විවෘතව අයදුම්පත් කැඳවා බඳවා ගන්න බවකුත් අහන්න ලැබෙන්නේ නැහැ... මෑතකදී එක් තනතුරක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. ඒකෙ තිබුණා අවම වයස හා පළපුරුද්ද ගැන බැලුවාම ඔලුව කැරකෙනවා...

:       2       21

Bandara79 Saturday, 23 December 2023 02:44 PM

පාර්ලිමේන්තුවෙන් කනබොන මාධ්‍යවේදීන්ගේ වියදමත් කපලා දැම්මොත් හොඳයි...

:       1       31

Upul Saturday, 23 December 2023 03:05 PM

පාර්ලිමේන්තු වරප්‍රසාද, දීමනා (මැති, ඇමැති, කථානායක, අගමැති, ජනාධිපති) කපන්න බැරිද?

:       0       27

Kazi Shajahan Saturday, 23 December 2023 04:19 PM

පාර්ලිමේන්තුවත් සාමාන්‍ය ගාස්තු අය කරන්නේ, ඕකෙන් දවල් කෑම ගත්තොත් රුපියල් 200, ඕවා නතර කරන්න... සාමාන්‍ය මනුස්සයෙකුට ඔය ගාණට කොහෙන්ද කන්න තියෙන්නේ ලංකාවේ..?

:       1       18

ටිකිරි මොලේ Saturday, 23 December 2023 05:07 PM

අරගලය මොට්ට වෙලාද?

:       0       6

Aruna Saturday, 23 December 2023 05:23 PM

ඕවා නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන කෑම බීම... මොකටද නිකන් කෑම දෙන්නේ? පිනට රස්සාවත් දීලා...

:       0       16

සල්ලි Sunday, 24 December 2023 11:33 AM

නිකමුන්ට අපේ සල්ලි වලින් කන්න දෙන එක නතර කරන්න. ඔය කැන්ටිම වහලා දාන්න. ඕක ඉඩමයි බිල්ඩිමයි හෝටලේකට දෙන්න..

:       1       5

Rata Perata Sunday, 24 December 2023 02:23 PM

දුර්වල රනිල් ඇතුළු කට්ටියගෙන් පිරුණු පොහොට්ටුවෝ ටික එළවලා දානකන් මේ විකාර වැඩ ඉවර වෙන්නේ නෑ..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 16 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1042 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 849 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 481 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 317 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1244 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39219 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25609 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site