IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


භූතයා ගණන් උස්සයි:ගොවීන් නන්නත්තාරයි

(තිලකරත්න දිසානායක)

ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු නොසිතූ ලෙස වැඩි කිරීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීහු  දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

මුහුණ පෑමට සිදුව අපහසුතාවයට කිසියම් සහනයක් සලසන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ගොයම් කැපීමේ යන්ත්‍ර සදහා මීට පෙර අක්කරයක ගොයම් කැපීමට  රුපියල් 12,000 ක් පමණ අය කළ ද, එය මේ වනවිට රුපියල් 24,000 ක් රුපියල් 25,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පෙන්වා දෙති. 

අධිකමිල ගණන් යටතේ පොහොර යොදා යාන්තම් සාර්ථක කර ගත් ගොයම කැපීමට තවත් විශාල මුදලක් දැරීමට සිදුවීම තමන්ට කිසිසේත් ඔරොත්තු නොදෙන බවත් ගොවීන් වී වගාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ගොවීහු පෙන්වා දෙති. 

වී අස්වැන්න නෙලීමේ ගාස්තු ඉතා අසාධාරණ ලෙස වැඩි කිරීම  සම්බන්ධයෙන් ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද මහතාගෙන් කළ විමසිමේදී මෙසේ පැවැසීය.

ගොයම් කැපීමේ සහ සීසෑම සදහා යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම පිනිස ගම්පහ දිස්ත්‍රික්කයේ පිරවුම්හල් කිහිපයක් හදුනාගෙන තිබෙනවා. කෘෂි නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඉන්ධන නිකුත් කිරීම පිනිස හෙට ( 16 ) දිනයේ පැවැත්වෙන කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නවා.

තවද ඉන්ධන අවශ්‍ය පරිදි සැපයීම පිළිබඳව සහ අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් ගොයම් කැපීමේ යන්ත්‍ර හිමිකරුවන් සමග හැකි ඉක්මනින් සාකච්ඡා කොට ගොවීන්ට කඩිනමින් සහනයක් සැලසීමට හැකිද යන්න පිළිබඳව සොයා බලන බවද දිසාපතිවරයා කීය.

 



අදහස් (3)

භූතයා ගණන් උස්සයි:ගොවීන් නන්නත්තාරයි

D.P.P Prasad Monday, 15 August 2022 12:58 PM

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා අනෙකුත් අහිතකර තත්වයන් යටතේ විශේෂයෙන් වී ගොවීන් දැඩි අසහනකාරී තත්වයකට පත්ව ඇත. ප්‍ර්‍රාදේශීය ලේකම්වරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඉන්ධන ලබාදීම සිදුවුවද ඉන්ධන මිලගණන් සැලකීමේදී ගොයම් කැපීම සඳහා භුතයා හා සුනාමි යන්ත්‍ර යොදා ගැනීමට අපහසුයි. එම නිසා පසුගිය රජය 2020 වසරේ ජාතික ශ්‍රම බලකාය යටතේ බඳවාගෙන දැනට දීපව්‍යාප්තව රජයේ කාර්යාලවලට අනුයුක්ත කර සිටින රජයෙන් මාසික දීමනා ලබාගන්නා ලක්ෂයක පමණ රාජ්‍යය සේවකයින්ගෙන් යම් පිරිසක් ප්‍ර්‍රාලේ කොට්ඨාස මට්ටමින් ගොයම් කැපීම හා අනෙකුත් සහායසේවා සඳහා යොදවා යම් ශ්‍රමික සහායක් ගොවීන්ට ලබාදීම කාලෝචිත වේ.

:       0       9

podi mole Monday, 15 August 2022 01:23 PM

අඬන්නද? හිනාවෙන්නද? කියලා හිතාගන්න අමාරුයි...

:       1       2

saman Monday, 15 August 2022 02:09 PM

ත්‍රි රෝද රථ පදවන අය කුඹුරු කැපීමට යොදවන්න. ඔවුන් මේ සමාජයට අවශ්‍ය රැකියාවක් නොකරන බව පහුගිය කාලයේ ඔවුන් විසින්ම ඔප්පු කරන ලදී...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 879 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5208 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5208 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13801 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4713 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 628 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site