IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


භද්‍රානිට එරෙහිව මැකෝගෙන් පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහනගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටය.

මෙම උත්සවය පසුගිය 24 සිකුරාදා පැවැත්විණ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙම උත්සවයට අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී කුලරත්න මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට ලිඛිතව දැනුම්දී තිබිණි. කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය එම ඉල්ලීම නොතකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක මහතා සහ කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිවිසක් පිරිසක් සම්බන්ධ කරගෙන උත්සවය පවත්වා ඇතැයි තොරතුරු වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගෙන සුදුසු තීරණයක් ගන්නා බවයි.

 



අදහස් (5)

භද්‍රානිට එරෙහිව මැකෝගෙන් පරීක්ෂණයක්

සුන්දරා Sunday, 26 November 2023 05:00 PM

පල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනූ බල ඇතිනම් අපටත් ඉඩ දෙනු පේනූ ..... කියලා අන්දරේගෙ කවියේ චුට්ටක් වෙනස් කරන්න කියන්න හිතුනා ආයතන සංග්‍රහය අනුව දේශපාලන අයිතිවාසිකම් නැති කෙනෙක් පුද්ගලික ලාභ අරබයා කටයුතු කලා කියලා හිතෙනවා

:       0       3

Colombo Citizen Sunday, 26 November 2023 08:17 PM

බය වෙන්න එපා බද්‍රානි. ඔබට විරුද්ධව බොහෝ චෝදනා තිබෙනවා. බස් නැවතුම් පොළවල්, රජයේ නිල නිවාසවල නැවතී සිටීම ගැන, වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රශ්න ආදිය ගැන පරීක්‍ෂණ අරඹා ඇත. කිසිවක් සිදු නොවූ අතර 60 ඉක්මවූ පසු ඔබට සේවා දිගුවක් ලැබුණි. ඔබ වැනි වැඩ කළ හැකි SLAS නිලධාරීන් නැත.

:       0       2

රවින්ද්‍ර Monday, 27 November 2023 09:41 AM

මැතිවරණ කොමිසමයම . . . මොකක්ද බo ඒ ? කොහෙද එහෙම එකක් තියෙන්නේ ? මොනවද උන් කරන රාජකාරිය ? පින් පඩි කකා, පිනාධිපති ගහන පදයට නටන නාඩගoකාර පිoගුත්තර, පාදඩ එකමුතුවක්

:       0       3

Aravinda Monarawila Monday, 27 November 2023 04:11 PM

මැතිවරණ කොමිසමේ මහත්වරු මර නින්දෙන් ඇහැරිලා නියෝගයක් ආවාම නැවත මර නින්දට වැටෙයි... පරිපාලන සේවයේ ඉන්න දූෂිතම අය තමයි... මේ... එයා ගැන ඊළඟ ආණ්ඩුව බලාගන්න ඕනෑ...

:       0       3

සුධීර Monday, 27 November 2023 06:32 PM

කෝ මේ හැම මංගල්ලයකටම ප්‍රතිචාර දාන භද්‍රානි?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 859 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1194 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 799 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 359 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1094 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site