2023 පෙබරවාරි මස 06 පෙ.ව. 09:32
(විමුක්ති එස් රුද්‍රිගු)
රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය කැලැඹිණි.
සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය.
භූමි කම්පාවට පසු අතුරු කම්පන අවම වශයෙන් 40 ක් පමණ ඇති ව තිබේ.එක් පසු කම්පනයක ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ගත් බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.
භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.
සිරියානු සහ තුර්කි වැසියන් නින්දේ පසුවෙද්දී මෙම භූමි කම්පාව හට ගෙන ඇත. සිරියානු අග නගරය වන ඩමස්කස් හි බලධාරීන් රජයේ පාලන ප්‍රදේශවල භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 582 ක් බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර තුර්කියේ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 1014 ක් බව තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ තුර්කියේ සහ උතුරු සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගණන 1596 ක් දක්වා වැඩි වී තිබේ.
තුර්කියේ පමණක් පුද්ගලයන් 5383 තුවාල ලබා ඇති අතර තුර්කියේ ප්‍රධාන නගර වල විනාශ වූ නිවාස සහ ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී තුවාල ලැබූ සංඛ්‍යාව සහ මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.එසේම මෙම භූමි කම්පාව තුර්කියේ මෙතෙක් ඇති වූ ප්රබලතම භූමි කම්පාව විය හැකි බවත් පසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිරියාවේ ඇති වූ ප්රබලතම භූමි කම්පාව මෙය බවත් දෙරටේ බලධාරීන් පෙන්වා දී තිබේ.
තුර්කියේ භූමි කම්පාව බලපෑ ප්‍රදේශවල තුර්කි තානාපති කාර්යාලයේ ලියාපදිංචි ශ්‍රී ලාංකිකයන් නව දෙනෙක් සිට ඇති බවත් ඉන් අට දෙනකු මේ වන විට තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
නව වෙනි පුද්ගලයා භූමි කම්පාව හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක ජීවත්ව ඇති නමුත් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවට තුර්කි තානාපති කාර්යාලය සැක පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය. කෙසේ වෙතත් නව වෙනි පුද්ගලයා සිටින ස්ථානය අද (06) සවස් වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට අනතුරක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ: මරණ ගණන ඉහළට