(නිමල් ජයරත්න)
සිංහල හා දමිල ජනතාව සදහා භාෂා දෙකෙන්ම දහම් අවබෝධය ලබාදිමේ අරමුණින් නැගෙනහිර පලාතේ වාලච්චේන කල්කුඩා ප්‍රදේශයේ ඉදි වු පළමු නේවාසිකාගාර පිරිවෙන අද(1) පෙරවරුවේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ආනුරාධා යහම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණි.
අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහා නායක තිරිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සහ තෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් විවෘත වු මෙම නේවාසික පිරිවෙන සදහා ගිහි සහ පැවිදි සිසුන් ලියාපදිංචි කිරිමද සිදුවුහ.
මෙම පිරිවෙන මිට වසර 25 කට පෙර අපවත් වී වදාල දිඹුලාගල නාහිමියන් වන මාතර කිතලගම සිරිසිලාලංකාර නාහිමියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් සිරි සිලාලංකාර මුලික පිරිවෙන ලෙස නම් කිරිම විශේෂත්වයකි.
මඩකලපුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර නාහිමිපාණන් වහසේගේ අරමුණකට අනුව ඉදි වු මෙම නේවාසිකාගාර පිරිවෙනෙහි පුස්තකාල ගොඩ නැගිල්ල නේවාසිකාගාර පිරිවෙන් ශාලාව මෙන්ම ගොඩ නැගිලි තුනක් විවෘත කෙරිණි.
නැගෙනහිර පළාතේ ජිවත්වන සිංහල දමිළ මෙන්ම සියලු ජනතාවට මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන් හරහා ඉදිරියේදි සිංහල දමිල ඉංග්‍රීසි යන භාෂාවලින් දහම් අවබෝධය කර දිම මෙහි ප්‍රධාන අරමුණ බව දේවගල දේවාලංකාර හිමියන් අනුශාසනාව සිදුකරමින් මෙහිදි පැවසුහ.
වසර තිහක් පැවති යුද්ධයෙන් ත්‍රස්තවාදින්ගේ වෙඩි බෝම්බ ප්‍රහාර හමුවේ විනාශ වු වාලච්චේන කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ගොඩ නැගිලිතුනක් විවිධ ධානපතින්ගේ සහ බොදු පරිත්‍යාගශිලින්ගේ ආධාර උපකාර ඇතිව අලුත්වැඩියා වු මෙම නේවාසිකාගාර පිරිවෙනෙහි පළාතේ සිංහල දමිල ගිහි පැවිදි සිසුන් 30 කට ආසන්න සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය භාෂා තුනෙන්ම ලබන බව දේවාලංකාර හිමියන් සදහන් කළහ.
මෙම නේවාසිකාගාර පිරිවෙන ඉදිකිරිමට මුලිකත්වය ගත් සිංහල, දමිල, මුස්ලිම් පරිත්‍යාගශිලින් කිහිප දෙනෙකු සදහා උපහාර සමරු සිහිවටනද ගරුතර මහා සංඝරත්නය අතින් පිරිනැමිමට කටයුතු කළහ.
මෙම අවස්ථාට ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින් විවිධ ධානපිතින් මෙන්ම සිංහල දමිල මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
( පිරිවෙන සෑදීමට පෙර දසුනක් )
(පිරිවෙන සෑදීමෙන් පසු දසුනක්)
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
භාෂා දෙකෙන්ම දහම් දැනුම දෙන පළමු නේවාසිකාගාර පිරිවෙන කල්කුඩාහි විවෘත කරයි
Ven Maithree Wednesday, 01 July 2020 01:47 PM
මම දුටු වැදගත්ම, වටිනාම ප්‍රවෘත්තිය මෙයයි. මෙම පිරිවෙන බොහෝකලක් පැවතේවා... දිනෙන් දින දියුණුවට පත්වේවා...!!!