IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


භීෂණය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාතලේ රත්තොට වත්තක  ජනතාව පලවා හැරීමේ සිද්ධිය නොවිය යුතු දෙයක් බවත් එම සිද්ධියට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

සිද්ධිය ගැන තමා කනගාටු වන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතලේ රත්තොට වත්තකින්  ජනතාව පලවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ විරෝධතාවක් ඇරඹූ  අවස්ථාවේදීය.

රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසීය.

මේ පවුල්වල අය ඉවත් කරන්න සහකාර කළමනාකාරවරයා සෘජුව මැදිහත් වෙලා තියෙනවා. ඔහු වහාම අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණයක් කරන්න කියලා මම නියෝග කළා. ඒ අනුව එම නිලධාරියා  දැන් නිවාඩු යවලා තියෙනවා. ඒ සිද්ධිය ගැන දැන්  විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ සිද්ධිය දැනගත් වහාම ජීවන්  තොණ්ඩමන් ඇමැතිතුමා එතනට ගියා. පැය විසිහතරක් ඇතුළත එතුමා එතනට ගියා. ඒ පවුල වෙනුවෙන් පෙනී හිටියා. සාධාරණය ඉෂ්ට කරන බවට පොරොන්දු වුණා. ඒවගේම  සියලු කළමනාකාරවරුන්  එතැනට යැව්වා. වතු ජනතාවගේ අයිතීන් අහිමි කිරීම බලවත් ගැටළුවක්. මේ ක්‍රියාව අසාධාරණයි. අපි  නිවැරදි නීති ක්‍රියාමාර්ග ගන්නවා.



අදහස් (2)

භීෂණය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා

Nimal Tuesday, 22 August 2023 04:27 PM

ආර්ථික අර්බුදයේ, ජල සහ ආහාර හිඟයෙන් අන්ත දුක්විඳින මේ අහිංසක මිනිස්සුන්ට උන්හිටි තැන් පවා අහිමි කරවීම තරම් පාපකර්මයක් තවත් ඇද්ද?

:       0       0

සමන් Tuesday, 22 August 2023 05:36 PM

ඒ සමගම නීතිය අතට ගත් තොන්ඩා ගැනත් බලන්න කොන්දක් තියෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1674 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3053 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 454 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1329 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10432 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 4412 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1375 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site