(නිමල කොඩිතුවක්කු)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිදු සහනයක් නොතිබූ බවත් එය ජනතාව රැවටූ හිස් ලියවිල්ලක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2002 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
"රටේ ජනතාව අපේක්ෂා කළේ ප්රගතිශීලී අයවැයක්.නමුත් ලැබුනේ හිස් ප්රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්.නමුත් ලැබුණේ ප්රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ.අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අයවැය, රට ඉතියෝපියාවක් කරන අයවැයක්. එහෙමත් නැත්නම් සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.
කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක් විදියට අපි මේක දකිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මේ අයවැය හිස් ලියවිල්ලක්‘‘
අතුල සෞදි Friday, 12 November 2021 07:08 PM
අපේ වි. නායකතුමාගේ ලියවිල්ල නම් අයවැයට කලින්ම සූදානම් කරපු බව නම් පැහැදිලියි.
RaveendraFriday, 12 November 2021 08:30 PM
"රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්". මෙම වාක්‍යයෙන්ම හොඳින් පැහැදිලි වෙන්නේ පුතාණෝගේ උගත් බුද්ධිමත් මොලය ළදරුවෙකුගේ තරමටවත් වර්ධනය වී නොමැති බවට... මුළු ලෝකෙම උඩු යටිකුරු වෙලා තිබෙන අවධියක මෙවන් පොල්බූරු අඥාන කථා ගොනාට කියවීමට පිළියෙළ කරදුන් තකතීරු ලේකම්ට තෑගිදීමට වටින්නේය.
SUNIL MILANO Friday, 12 November 2021 07:56 PM
හිස්බස් දොඩවන මෙවන් අයට සෑම දෙයක්ම පේන්නේ හිස්වම තමයි.
ajithFriday, 12 November 2021 11:26 PM
සජිත් අයවැය ඡන්දයේදී රජය පරාජය කරනු ඇත....
මහසෙන් Friday, 12 November 2021 08:55 PM
ඔබ නිවැරැදි සියල්ල දත් උතුමාණෙනි. මේ ගෙවුණු අවුරුදු 70 ගාණටම මේ රට නිවැරදි ලෙස පාලනය කළේත්, නිවැරැදි අයවැයක් ඉදිරිපත් වුණෙත් ඔබගේ පියණෝගේ කාලේ පමණයි... නේද උතුමාණනි?. එන්න ඊළඟ පාර රට බාර ගන්න. ඔයා වගේ කෙනෙක් විතරයි අඩු...
Kithsiri Friday, 12 November 2021 10:45 PM
ඔහු ඉතියෝපියාව ගැන කිසිවක් දන්නේ නැහැ...
RaveendraSaturday, 13 November 2021 06:11 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම මේ "උගතානෝ" නම් හිස් කළයකි. "රැකියාව සඳහාම පමණක් දේශය පාලනය කිරීම" තෝරා ගත්තේ ඉතාමත් පහසුවෙන් ජිවත් වීමටයි. පුතාණෝ තාත්තාගේ අඩිපාරේ යන බුද්ධියෙන් අගතැන්පත් නිසාවෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් පිළිබඳව නිවැරැදි විස්තර නොදන්නා ළදරුවෙකුයි. අප පුතාණෝගේ ඥාණය පිළිබඳව අනුකම්පා කරමු.
චන්දන Saturday, 13 November 2021 07:04 AM
මෙයා කට ඇරියොත් නා ගන්නවා. මොලේ පාවිච්චි කරලා කතා කරනවා නම් කියන්න දේවල් තිබෙනවා. ඒත් මෙයාගේ බුද්ධිමත් බව අනුව ඒක තේරුම් ගන්න බැරි බව පේනවා.
Saththaya Saturday, 13 November 2021 07:59 AM
කව්ද දන්නේ නැහැ හිස් සහ පුස්...?
Nihal Saturday, 13 November 2021 08:57 AM
ප්‍රංශයේ කෝපි එකක් ලංකා මුදලින් 385ක්.. පඩියට සාපේක්ෂව මිල අධිකයි... පෙර මිල 200ක් පමණ...
Chinthaka Saturday, 13 November 2021 09:13 AM
ලෙඩ උපාධියෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..
සලීම් Saturday, 13 November 2021 10:03 AM
වහල්ලුන්ට විපක්ෂනායක තුමාගේ කතාව තේරෙන්නේ වැරැදි පැත්තට... වහල්ලුන්ට ඕනේ හොරුන්ව බලයට ගේන්නමයි. මොකද රටට හෙන ගැහුවත් බයියන්ට හොරුන්ගෙන් වාසියි. මොකද ඒකනේ විපක්ෂ නායකතුමා මොන හොඳ දේ කිවුවත් අපහස කරන්නේ...
baleemSaturday, 13 November 2021 02:00 PM
ඔව් ඉතින් ඔයාලා වගේ සුළු ජාතියේ අය හින්දා තමයි පුතාණෝ විපක්ෂ නායක වුණේ... මෙයා බලයේ ඉන්නකොට නිවාස අධිකාරියේ කොච්චර නම් මුදල් ගසා කෑවාද?
ජල්තර Saturday, 13 November 2021 11:10 AM
සාමාන්‍ය පෙළ වාණිජ වගේ...
ආලපාලු පචවක Saturday, 13 November 2021 03:19 PM
අයවැය 8 විතරක් පාස් අයට තේරෙන්නේ නැතුවට මොනවා කරන්නද? අපොස (සා.පෙ) වත් පොඩියට පාස්වෙලා තිබුණා නම් දිය කරලා පොවන්න තිබුණා.. එතකොටවත් තේරෙයි.