IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්

(අංජුල මහික වීරරත්න)

මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා  ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ද අලි සබ්රි මහතා කීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.   

තායිලන්ත  නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජන විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත බවද විදේශ අමාත්‍යවරයා කීය. 

ලෝකයේ රටවල තිබෙන විශාල වෙ‍ළෙඳ පොළවල් සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව  තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (6)

මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්

fairoos Tuesday, 06 February 2024 06:00 PM

ගෝඨාභය නඩුවලින් බේරගත්තා වගේ ඊළඟට රනිල්වත් බේරගන්න වෙයි...

:       1       8

Pankumburage Tuesday, 06 February 2024 06:06 PM

රනිල් හොඳ නැහැ කියලා නේද ගෝඨාභය ජනාධිපති කළේ. දැන් රනිල් හොරාගේ වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න හදනවා. ලැජ්ජයි සබ්රි ලැජ්ජයි...!

:       5       9

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 06:37 PM

මොවුන්ට වුවමනා රටේ නිශ්පාදන හා සේවා ආර්ථිකය විනාශ කරලා දාන්න... ලෝකය හතර වටේම රටවල් එක්ක ගිවිසුම ගහලා රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන අමන නරුම පාලකයෝ මේඅය...

:       4       11

කරැණාරත්නWednesday, 07 February 2024 09:28 AM

ක්‍රිකට්වල ජාත්‍යන්තර තරගකාරීත්වය නැති වුණොත් ලංකාවේ මිනිස්සුත්, පිටරට මිනිස්සුත් ලංකාවේ ක්‍රිකට් බලන්නේ නැහැ. ක්‍රිකට් බංකොළොත්. ඒ් වගේම අපගේ නිෂ්පාදනවල (භාණ්ඩ හා සේවා) ජාත්‍යන්තර තරගකාරීත්වය නැති වුණොත් වෙන දේ නොතේරන දූපත්වාදී මිනිස්සුන් රටේ බහුතරය වුණොත් රටට අබසරණයි. තෙල්, බෙහෙත් ඇතුලු අත්‍යාවශ්‍ය අපනයන ද්‍රව්‍ය ගන්න පිටරට සල්ලි සුද්දගේ තේ, පිටරට සංචාරකයින් වගේ දේ වලින් හොයාගන්න වෙයි... ලැජ්ජයි නේද ඒ්වත් පිටරැටියන්ගේ. “නොයෙක් තැන්හි අප මුළා වුවහොත් ඒ ආශ්චර්ය නොවේ” “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කුමාරතුංග මුණිදාස ශූරීන්...!

:       0       1

Dharmatileke Tuesday, 06 February 2024 08:52 PM

මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දෙයක් ඊට පස්සේ නැහැ... අපි හොඳ බඩු නිපදවලා වෙළෙඳ ගිවිසුම් තියන රටට... ඒ රටේ හැදුවා වගේ වැඩි මිලකට, අපෙන් අඩුමිලකට ගත්තු භාණ්ඩය විකුණනවා. මේක තමයි වෙළෙඳ ගිවිසුම්වල සැඟවුණු ක්‍රියාව...

:       1       1

ලුම්බිණි Wednesday, 07 February 2024 09:36 AM

මෙවැනි ගිවිසුම්වලින් බොහෝවිට අකාර්යක්ෂම ආර්ථිකයන්ට සිදුවන්නේ පාඩුවක්... හොඳට අධ්‍යයනයක් නොකර ගහන ගිවිසුම්වලින් පාඩුව අපිටමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 73 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 84 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1453 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 628 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1057 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 319 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site