(බිඟුන් මේනක ගමගේ)
සමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයකු වූ නීතිඥ එරංග වැලිඅංගේ මහතා කළ ආරාධනයක් අනුව මහමැතිවරණයේ දී ඔහු ගැන ඇගයීමක් කළ නමුත් එය කිසි ලෙසකින් පක්ෂ ප්රවර්ධනයක් නොවේ යැයි සඳහන් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද (20) නිවේදනයක් නිකුත් කර ඇත.
කරු ජයසූරිය මහතා මෙම නිවේදනයය පළ කර ඇත්තේ මහමැතිවරණයේ දී ඔහු සමගි ජනබලවේගයේ අපේක්ෂකයකුට සහාය දීම ගැන පරීක්ෂණයක් කිරීමට එජාපය තීරණය කළ බවට පල වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
කතානායක ධුරයෙන් සමුගැනීමෙන් පසුව එජාපය සමගි කරවීමට අසාර්ථක උත්සාහයක් ගැනීමෙන් පසු මහමැතිවරණයේ දී ස්වාධීනව සිටීමට කරු ජයසූරිය මහතා තීරණය කළේ යැයි එහි සඳහන් වේ.
එනිසා කරු ජයසූරිය මහතාගේ ක්‍රියාව දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමක් යැයි කියන්නේ දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරන්නන් පිරිසක් යැයි ද තම නිවේදනය මගින් කරු ජයසූරිය මහතා චෝදනා කර ඇත.
ඒ නිසා එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’මා පක්ෂවලට ප්‍රචාරය දීලා නෑ’
විජේ Thursday, 20 August 2020 11:03 AM
කරූ නිසා නවීන් කරුවලේ ...
මහසෙන් Thursday, 20 August 2020 01:34 PM
එතකොට වැලිඅංගගේ ඉල්ලුවේ ස්වාධීනවද? අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන විට පක්ෂය ප්‍රවර්ධනය නොවේද? ඕනෑවට වඩා සුදු හුණු ගාගන්න එපා මහත්තයෝ...
sampath Thursday, 20 August 2020 03:33 PM
කරපු හරිය හොඳටම ඇති. දැන්වත් පැත්තකට වෙලා ඉන්න.