IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මේ වෙලාවේ උද්ඝෝෂණ පැවැත්වීම වීරකමක් නොවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම්  කර ලබා ගත් ජයග්‍රහණය විපක්ෂයේ උද්ඝෝෂණය නිසා විනාශවීමට ඉඩ ඇති බව  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.

මෙවැනි ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීම වීරත්වයට හෝ  අභිමානයට හෝ හේතුවක් නොවන බව පැවසූ ජයසුමන මහතා මෙය ලැජ්ජාව සඳහා කාරණයක් බවද  සඳහන් කළේය.

විපක්ෂය  කෙළින පිස්සු දැක්කම  එන්නත්කරණය  තවත් වේගවත් කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

විපක්ෂයේ හැසිරීම ගැන කනගාටු වන බවත්  මෙය වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය නොවන බවත් චන්න ජයසුමන මහතා කීවේය.

කොවිඩ් මේ තත්වයට පාලනය කර ඇත්තේ  සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර බවත් ඒ කිසිම දෙයක් තකන්නේ නැතිව විපක්ෂය මිනිසුන් පාරට අරගෙන උද්ඝෝෂණය සඳහා යොමු කර ඇති බවත් මහාචාර්යවරයා  ප්‍රකාශ කළේය.

මේ ආකාරයට මිනිසුන් එළියට බස්සවා අගෝස්තු මාසයේ ඇතිවූ තත්වය නොවැම්බර් අන්තිම සතියේ ඇති කිරීමට කටයුතු  නොකළ යුතු බවත් මේ අවස්ථාවේදී රට ගැන  හිතන්නැයි තමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ජයසුමන මහතා කීවේය.

විපක්ෂය මෙයට වඩා නිර්මාණශීලී විය යුතු බවත් අප මේ වෙලාවේ විපක්ෂයේ සිටියේ නම් මේ විදියට නොහැසිරෙන බවත් ඔහු පැවසුවේය.

මේ විදියට උද්ඝෝෂණ දෙක තුනක් ලැහැස්ති කළොත් විපක්ෂනායකවරයාගේ කළමනාකරණය දුර්වල බව  ඔප්පුවීමෙන්  ඔහුගේ  විපක්ෂනායකකමත් නැතිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (22)

මේ වෙලාවේ උද්ඝෝෂණ පැවැත්වීම වීරකමක් නොවෙයි

Sriland Tuesday, 16 November 2021 07:01 PM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...

:       7       35

Hafeel Wednesday, 17 November 2021 06:57 AM

අනිවාර්යෙන්ම මේක එක් තරා වෙළඳාම. ලංකාවතුල මේ ආණ්ඩුවට කඩේ ගිය වියාපාරිකයෝ පීසීආර් පරීක්ෂණ වෙළඳාම, හෝටල් නිරෝධානය වෙළඳාම කරනවා. ඒ අතරතුර සීනි, සුදු ලුණු, හාල්, පොහොර වන්චාවත් කළා. ජාත්‍යන්තර වශයෙන් චීන මාස්ක්, එන්නත් වෙළඳාම කරනවා. ඒ අස්සේ ඔන්ලයින් පංති, කාර්යාල වැඩ කියමින් පරිගණක සහ නවීන දුරකථන වෙළඳාම කරනවා.

:       0       1

ravin Tuesday, 16 November 2021 07:24 PM

හැබැයි මේ වෙලාවේ හොරකම හා කොමිස් ගැහිල්ල හොඳ දෙයක්... අනේ මේ කියන්නේ කලදුටුකල වල ඉහගන්න උදවියයි.

:       6       50

indika Tuesday, 16 November 2021 08:05 PM

බස් කෝච්චි වල මිනිස්සු තෙරපිලා යනකොට කොරෝනා හැදෙන්නේ නැතෙයි? පන්සල් පල්ලි කෝවිල් වල උත්සව වල ඉන්න සෙනග දැක්කම ඒවගෙන් කොරෝනා හැදෙන්නේ නැතෙයි? කාර්යාල වල මිනිස්සු පිරිලා රොත්තට කෑම කනවා, ට්‍රිප් යනවා ඒවගෙන් හැදෙන්නේ නැතෙයි? දැන් ඉතින් ඔක්කොම කුණු උදඝෝශනේ ට දාල අපහු ලෙඩ්ඩු වැඩි උනාම කියන්න දෙයක් තියනවනේ.

:       2       39

ගමේ එකාලා Tuesday, 16 November 2021 08:21 PM

දම්මික පැණියයි, ගඟට මුට්ටි දානකොට අවුලක් නැතුවා. වියත්මග ඉන්න අය කියන කතා දැන් කවුද ගණන් ගන්නේ..?

:       1       43

අගුපිලගේ Tuesday, 16 November 2021 10:39 PM

පසුගිය කාලයේ අනන්ත වත් උද්ඝෝෂණ තිබුනා නමුත් මොවුන් කියන විදියට කොරෝනා හැදෙන්නේ විපක්ෂයේ අය උද්ඝෝෂණ කලොත් විතරද.?

:       3       33

Dayan Tuesday, 16 November 2021 08:51 PM

කොරෝනා රජයට මිනිස්සුන්ව රවට්ටන්න හොඳ ආවරණයක්. කොරොනා නාමයෙන් මිනිස්සුන්ට කොමිස් ගන්න දීලා වහන්න ඕන.

:       1       34

Perera Tuesday, 16 November 2021 10:47 PM

පාර්ලිමේන්තු කඩේ අප්පුවා කියන ඒවා විහිලු.

:       1       36

පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 02:35 AM

දාමු මුට්ටියක් බෝක්කුවකට..... බොමු පැනියක්.....

:       0       1

Demuni Uduwara Wednesday, 17 November 2021 04:16 AM

මහා පරිමාණ කථින පූජාව නිදහස් කෙරේ!

:       1       0

Lalith M Wednesday, 17 November 2021 06:48 AM

මහජන විරෝධය මැඩගෙන සිටීමට අනීතික බලය යෙදූ කිසිම පාලකයෙක් හෝ රජයකට පැවත්මක් තිබුනේ නෑ. මිනීකඳු නිර්මාණය කල කිසිම පාලකයෙක් රටකට සේවය කරලත් නෑ. තාවකාලිකව බලය අල්ලාගෙන රටට විනාශය කැඳවීම පමණයි.

:       0       1

Bamunuarachchi Wednesday, 17 November 2021 07:08 AM

ඒගොල්ලෝ හිතනවා ඒක වීර කමක් කියලා. ඡන්දේ කාලෙත් ඔය සෙනග හිටියා අපි දැක්කනේ.

:       4       0

Bamunuarachchi Wednesday, 17 November 2021 07:16 AM

කොරෝනා නාමයෙන් මිනිස්සුන්ට කොමිස් ගන්න දීලා ? ඒ මොකක්ද ටිකක් පැහැදිලි කරන්න? කොමිස ගන්නවා කියන එක වෙළඳ ලෝකේ වෙළඳ කටයුත්තක්. බැංකු පවතින්නේ කොමිස් හා පොලී නිසා? තවත් වෙළඳ කටයුතු සම්පුර්ණයෙන් රඳා පවතින්නේ කොමිස් නිසා. නොදන්නා දේ කතා නොකර හිටියොත් නොදන්නා බව ලෝකෙට පෙනෙන්නේ නැහැ.

:       4       1

ජන හඩ Wednesday, 17 November 2021 07:25 AM

ආණ්ඩුවේ සමහර උදවිය පුදුම සහගත ලෙස මෝඩකම ප්‍රදර්ශනය කරන බව පහේ පංතියට ඉගෙනගත් කෙනෙකුට උවත් පැහැදිලියි. ඒත් උපාධිගත් වහල් ජනතාවක් සැමදා වාසි පැත්තට හිස නමන බවත් ඇත්ත. හැබැයි කාටවත් දේශපාලන ගැතිකම් නොකරන නිවහල් ජනතාවකට උනත් මේ වෙලාවෙ උද්ඝෝෂණය කිරිම් අනුමත කළ නොහැකියි.

:       0       3

Siri Wednesday, 17 November 2021 08:47 AM

එදා සර්ගේ කටිනෙට කී දෙනෙක් ආවද බූරුවෝ ?

:       0       4

BamunuarachchiWednesday, 17 November 2021 09:27 PM

කටින පින්කම කලේ සෙනග ගෙවන්න නොවෙයි.

:       0       0

Hema Wednesday, 17 November 2021 08:55 AM

නිර්මාණශීලීත්වය ගැන ඔබ දන්නේ කුමක්ද?

:       0       2

sharm warn Wednesday, 17 November 2021 09:14 AM

රැකියාවට යන මිනිස්සු පොදු ප්‍රවාහන සේවා වලින් යද්දී ඔලුවෙන්, කරෙන් පටවාගෙන තනි ඇඳෙන් එල්ලිලා යන එනකොට කොවිඩ් ප්‍රශ්නයක් නැද්ද.?

:       0       2

අසංග Wednesday, 17 November 2021 09:52 AM

කොරොනා බියට වඩා දැන් බඩගිනි බිය වැඩි.

:       0       4

Royfedricks Wednesday, 17 November 2021 10:07 AM

අර ගම්මන්පිල කිව්වෙත් ඒ වගෙ කතාවක් සුපුගස්කන්දේ ගිනි දැල්ල නඩත්තු කටයුතුවලදී නිවෙනවා කියලා. ආණ්ඩු බලය ලබාගෙන අසීමිතව හොරම්කම් කරන උන්ට අමාරුකම් නැතුවට මිනිස්සුන්ට එක වේලක්වත් කන්න නැහැ, විපක්ශ නායක් ගොනාට රන්ජන්ට තෙවරප්පෙරුමට තරම්වත් මිනිස්සු ගැන හැගීමක් නැහැ. ඒ දෙන්නා නැති බැරි මිනිස්සුන්ට පුලුවන් විදියට කන්න දුන්නා. මිනිස්සු පාරට බහින්නෙ විපක්ශයේ ඉන්න හොරුන්ට කන් දීලා නෙවෙයි. ඉවසන්න බැරිම තැනයි.

:       0       3

Nuwan Wednesday, 17 November 2021 12:30 PM

පැනිය මිනිස්සුන්ට බොන්න කියලා කරපු දේවල් අපිට තාම මතකයි.

:       0       5

BamunuarachchiWednesday, 17 November 2021 09:36 PM

හලෝ එන්නත සොයා ගත්තේ නැතිනම් පැනිය විතරක් නොවෙයි අලුත් තොවිල් පරපුරකුත් හැදිලා කට්ටඩියොත් බිහිවෙනවා. දැන් අලුත් බෙහෙත් කල බිහිඋනාම එන්නතත් හොඳ නැති වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1327 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1139 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1081 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 707 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 600 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5354 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25414 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site