‘ඇෆ්ලටොක්සීන්‘ (Aflatoxin) විස රසායනිකය පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම වරින් වර පුවත් මැවූවකි. වෙළෙඳපොලට නිකුත් කෙරුණු ආහාර ද්‍රව්‍ය බොහොමයකම මෙම ඇෆ්ලටොක්සින් ඇතැයි වාර්තා වූ අතර සමාජයේ කතාබහද දිනෙන් දිනම වැඩි විණි. මෙම විස රසායනිකය ගැනත් එය ශරීර ගත වීමෙන් සෑදෙන රෝගාබාධ මෙන්ම ‘ඇෆ්ලටොක්සීන්‘ (Aflatoxin) අඩංගු ආහාර ද්‍රව්‍ය ගැනත් දැනුම්වත් කිරීම ලිපියේ අරමුණයි.
‘ඇෆ්ලටොක්සීන්‘ යනු විස සහිත දිලීරවලින් නිපදවෙන ‘mycotoxin‘ යන කාණ්ඩයට අයත් විස රසායනයකි. ‘mycotoxin‘ රසායනික ද්‍රව්‍ය නිපදවෙන්නේ දිලීර වර්ග කිහිපයකිනි. ඒවා නම් වශයෙන් කිවහොත් ‘Aspergillus penicillium‘ සහ ‘Fusarium‘ නම් දිලීර කාණ්ඩ වේ. ‘ඇෆ්ලටොක්සීන්‘ දිලීරය නිපදවන්නේ Aspergillus නම් දිලීර කාණ්ඩයෙනි.
ඒ අනුව ‘ඇෆ්ලටොක්සීන්‘ ‘ද ඇතුළුව මෙකී විස රසායනික බොහොමයක්ම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත වේ. එබැවින් මෙම විස රසායනිකය අඩංගු ආහාර පිළියෙළ කිරීමේදී ඒවා ආහාරවලින් ඉවත් නොවීම නිසා මිනිස් සිරුරට ඇතුළු වේ.
මිනිස් සිරුරට ඇතුළු වන මෙකී විස රසායනිකය නිසා විවිධ අතුරු ආබාධ හට ගැනේ. මෙම ‘ඇෆ්ලටොක්සීන්‘ රසායනිකය ආහාරවල අන්තර්ගත දැයි සෙවීම සඳහා සිදු කරන දියුණු තාක්ෂණික පරීක්ෂණ ක්‍රම සඳහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම අප රට මෙන්ම ලෝකයේ සෙසු දියුණු වෙමින් පවතින රටවල් පවා මුහුණ පාන පොදු ගැටලුවක්වී ඇත.
එනිසාම මෙම විස රසායනිකය ඇතුළත් ආහාර පරිභෝජනය මගින් ඉතා පහසුවෙන්ම අපේ සිරුරට මෙම විස රසායනිකය ඇතුල් වේ. ‘ඇෆ්ලටොක්සීන්‘ අධික තාප ස්ථායි රසායනයකි. ඒ වුවද ආහාර පිළියෙළ කෙරෙන සාමාන්‍ය උෂ්ණත්වය හමුවේ සංවේදී නොවන නිසා ආහාරවලින් ඉවත් නොවී යයි. මෙම රසායනිකය විනාශ කිරීමට නම් ඉතා විශාල උෂ්ණත්ව පරාසයක් අවශ්‍ය කෙරේ. උදාහරණයක් ලෙස සෙල්සියස් අංශක 230ට වැඩි උෂ්ණත්වයකදී මෙම රසායනිකය විනාශ වී යයි.
‘ඇෆ්ලටොක්සීන්‘ රසායනිකය මිනිස් සිරුරේ අක්මාවට දැඩි බලපෑම් එල්ල කරන අතර අනෙක් ශරීර අවයව කෙරෙහිද බලපෑම් එල්ල කරයි. මෙහිදී මොළයේ ආබාධ, වලිප්පුව, උදර ආබාධ වැනි රෝගී තත්ත්ව ඇති කරවයි.
මෙයාකාරයට සුළුවෙන් ශරීර ගත වන විස රසායනිකය කල් ගත වීමේදී අක්මාවේ පිළිකා ඇති කිරීම දක්වා බලපානු ලැබේ. ලොව සයවැනි බහුලතම පිළිකා වර්ගය ලෙස නම් දරා ඇති අක්මා පිළිකාවලට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම පොදුවේ ගොදුරු වේ. අක්මා පිළිකා අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් ‘ඇෆ්ලටොක්සීන්‘ විස රසායනිකය ශරීර ගත වීමෙන් සෑදුණු බවටද තොරතුරු වාර්තා වේ. වර්තමානයේදී දියුණු වෙමින් පවතින රටවල් සේම දියුණු යැයි සම්මත රටවලටද අක්මා පිළිකා සංකීර්ණ ගැටලුවක් බවට පත් වී ඇත. එහෙත් දියුණු රටවල අධි තාක්ෂණික පර්යේෂණාගාර පහසුකම් නිසා ඔවුන් නිරන්තරයෙන්ම ආහාරවල අන්තර්ගත ‘ඇෆ්ලටොක්සීන්‘ ප්‍රමාණය නිරන්තරයෙන් පරීක්ෂා කොට අවශ්‍ය පියවර ගනු ලැබේ. ආහාරයක තිබිය හැකි නිර්දේශිත ‘ඇෆ්ලටොක්සීන්‘ ප්‍රමාණය රටරටවල් අනුව වෙනස් වීමට පුළුවන.
මෙම විස රසායනිකය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවන් ඇති කරන අතර ජාන වෙනස් වීම්වලටද හේතු විය හැකිය. තවද මෙම රසායනිකය අඩංගු ආහාර වර්ග සතුන්ද
ආහාරයට ගැනීම නිසාද විවිධ බලපෑම් ඇති විය හැකියි. ඒ අනුව එළදෙනුන්ගෙන් පැටවු ලැබීමේ ක්‍රියාවලියට සේම කිරි සහ බිත්තර නිෂ්පාදනයත් බොහෝ සෙයින් අඩු වීමට පිළිවනි.
මෙම විස රසායනිකය අඩංගු ආහාර අතර දිලීර සෑදුණු ධාන්‍ය වර්ග, හාල්, තිරිඟු,ඉරිඟු, ඊට අමතරව කුළු බඩු වර්ග වන කොත්තමල්ලි, ගම්මිරිස්, මිරිස්, ඉඟුරුවල අන්තර්ගත වේ. ඊට අමතරව තෙල් සඳහා යොදා ගන්නා ඇට වර්ග වන සෝයා බෝංචි, සූරියකාන්ත ඇට වර්ගවලත් ,රට කජු , කජු වැනි විවිධ ඇට වර්ගවලත් අන්තර්ගත විය හැකියි. ‘ඇෆ්ලටොක්සීන්‘ අඩංගු ආහාර සතුන් පරිභෝජනය කිරීම නිසාද සත්ව නිෂ්පාදනවලත් එනම් කිරි,බිත්තර, මස් ආදියෙහිත් මෙම රසායනිකය අඩංගු විය හැකියි.
‘ඇෆ්ලටොක්සීන්‘ විස රසායනිකය අඩංගු ආහාර දරුවන්ගේ ආහාරවලට දිගුකලක් තිස්සේ සිටම එකතු වුවහොත් දරුවන්ටත් ඉහත සඳහන් කළ සංකූලතා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.
-සටහන- මාධවී ධර්මරත්න
සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ
දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන්
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි.
වැලිගම පැලෑණ හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව
දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මොකක්ද මේ ‘ඇෆ්ලටොක්සීන්‘ පිළිකා කාරකය කියන්නේ?