IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට යුදෙව් කාන්තාවකට

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය. ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය දෙවැනි දා පැවැත්විණි. එහි ප්‍රතිඵල ඊයේ (3) නිකුත් කෙරුණි. මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි. විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්ය. ක්ලෝඩියා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව තහවුරු වුණු සැණින්, ගැල්වේස්ය පරාජය බාර ගනිමින් ඇයට සුබ පැතුවාය.

1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක වූවාය. මෙක්සිකෝ සිටි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ඒ, 2018 සිට 2023 දක්වාය. ක්ලෝඩියා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති මැනුවෙල් ලෝපේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය. මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 600 සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලයේ ආසන 128 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට යුදෙව් කාන්තාවකට

පිටරැටියා Monday, 03 June 2024 01:59 PM

අපේ රටේත් එවන් වෙනසක් වෙලා රටට හිතැති ජනාධිපති කෙනෙක් පත්වෙලා ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා නම් කොයිතරම් හොඳද?

:       4       25

BamunuaracchiMonday, 03 June 2024 10:04 PM

පිටරැටියා හිතන අයුරින්,රටට හිතැති රට ගොඩගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් බිහිවෙන්නේ ජාතික ජන බලවේගයෙන්,මාලිමාවෙන් පමණයි.

:       0       1

Bamunuarachchi Tuesday, 04 June 2024 12:08 AM

එහෙ එහෙම වුණාට ජනාධිපතිකම දෙන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 209 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 214 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 86 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1305 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1559 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 134 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site