(විමුක්ති එස් රුද්‍රිගු)
මෙක්සිකෝවේ නුඒඕ ලියෝන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සැන් පේද්‍රෝ ගාර්සා ගාර්ෂියා නගරයේදී මෙම ප්‍රචාරක රැළිය පවත්වා ඇති අතර වේදිකාව කඩා වැටෙන අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මේනෙස් ජනතාව අමතමින් සිට ඇත.නගරයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් වේදිකාව කඩා වැටෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක මේනෙස් ප්‍රකාශ කළේය.
මිනිසුන් වේදිකාව මත සිටියදී කොටසක් කඩා වැටෙන අයුරු දිස්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන බවත් ජනාධිපති මේනෙස් පැමිණ සිටි ජනතාවට අත වනමින් ආරක්‍ෂිත ස්ථානයක් කරා දිව යන අයුරු එහි දිස්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙක්සිකෝවේ මැතිවරණ වේදිකාවක් කඩා වැටෙයි
මහසෙන් Thursday, 23 May 2024 02:39 PM
මෙහේ ඔහොම කඩා වැටිලා නැවතුනොත් ඇති. මේ පාර භූම්කම්පා ඒවිද දන් නෑ. ගහන බොරුවලට...