IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


’’මගේ ප්‍රශ්නය උදුර ගත්තා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්‍රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව රාජපක්ෂවරුන්ගෙන් පාඩුව අයකර ගැනීමට කටයුතු කරන්නේදැයි ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ය.

එම ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑකෝ ගසමින් විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ගැලරියේ පාසල් ළමුන් ද බලා සිටින අතර ආණ්ඩු පක්ෂයේ පැටිකිරිය රටට දැනගැනීම සඳහා දිගටම එලෙස හැසිරෙන ලෙසයි .

එම අවස්ථාවේ අදාල සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද කළේය. 

විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකමින් තම ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අසුන් වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට අසලට පැමිණියහ.

මේ අවස්ථාවේදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු වේත්‍රධාරීන්  විපක්ෂනායකවරයා අසලට පැමිණ ඔහු ආරක්ෂා කරන අයුරු දැකගත හැකි විය.

අනතුරුව සභාව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා නිවේදනය කළේය.



අදහස් (4)

’’මගේ ප්‍රශ්නය උදුර ගත්තා’’

Cham Tuesday, 21 November 2023 11:19 AM

ශ්‍රී ලාංකිකයෙකු ලෙස එය තීරණය කළ යුතුය. ඔවුන්ගේ මංකොල්ලකෑම් නිසා අපි හැමෝම මේ අර්බුදකාරී තත්ත්වයට පත් වුණා. රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආධාරකරුවන්ට ප්‍රශ්න නැත, ඔවුන්ද මෙම ප්‍රශ්නයේ හවුල්කරුවන් වේ.

:       0       6

අරවින්ද මොනරවිල Tuesday, 21 November 2023 12:20 PM

යන එන මං නැතිව ඉන්න සජිත්ගේ ට්‍රයි කරන්නේ එක කුරුල්ලන් දෙන්නෙක් එක ගලෙන් බිම දාගන්නයි, එකක් තමන් මැදිහත්වෙලා දූෂිතයන්ට දඬුවම් කල බව පෙන්වා රටට වීරයෙක් වෙන්න. අනිත් පැත්තෙන් රාජපක්ෂලගෙ කරපිටින් තියලා සියලුම පවු සමා කරගන්න. මහ බැංකු වංචාව කල එවුන් ඩොලර් බිලියන 12.5ක් ගිණි පොලියට ණය අරගෙන ජොලිකරලා රට ණය කල, තවක්කාල් වලින් ගහපු එවුන්ගේ හොරකම් වංචා දූෂණ සියල්ල යට ගහලා චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන්ද බලන්න.

:       7       3

Rata Perata Tuesday, 21 November 2023 01:00 PM

පොහොටුවෝ කියන්නේ කොච්චර රාජපක්ෂ ගැත්තෝද කියලා පේනවනේ නේද ?රාජපක්ෂලා මුන්ට ඕන තරම් හොරකම් කරන්න ,වැරදි වැඩ කරලා බේරෙන්න ඉඩ දුන්නා .දැන් මේ මෝඩ පොහොට්ටුවෝ ටික කටු කාපු බල්ලෝ වගේ .

:       0       8

Bamunuarachchi Wednesday, 22 November 2023 01:09 AM

රට 2014 දී තුම්සේලාට බාර දෙනකොට මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කරන්න තරම් රටේ වී තිබුණ. රටේ ආර්ථික වර්ධනය 6.5% කියලා ජෙප්පොම කියනවා. යහපාලකයෝ ණය අරගෙන කාර් ගෙන්නපු හැටි අපි දැක්ක. ෆීල්ඩ් මාර්ෂල් ගේ කොන්දේ අමාරුවට තවත් කෙනෙකුගේ අර්සස් අමාරුවට වාහන තෝරපු හැටි අපි දැක්ක. තමුන්ගේ තාත්තා ප්‍රභාකරන්ට යුද්දආයුද සල්ලි දීපු හැටි අපි මතක් කරන්න ඕනෙද? රට කෑවේ තුම්සේලයි පාහර ජෙප්පොයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 90 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 483 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 247 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 686 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1539 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site