(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටවල් සමග සෘජුවම සම්බන්ධ වී නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියකුගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.
සොරා ගෙන යන ලද දේපල අතර කැරට් 35 කට අධික බරකින් නිල් මැණිකක් , ලක්ෂ පහළොවක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් , ටයිටෑන් වර්ගයේ කාන්තා අත් ඔරලෝසුවක්, රන් මුදු හයක්, රන් අත් පළඳනාවක් ,රිදී මුදුවක්, රුපියල් ලක්ෂ 8 1/2 පමණ වටිනා ඇමරිකන් සහ සිංගප්පූරු ඩොලර් 2100 ක් මෙන්ම හොංකොං මුදල් කිහිපයක්, ,මෙන්ම මෝටර් රථයේ ස්වයංක්‍රීය ක්‍රියා කරවනය හා විදේශ බැංකු කාඩ්පත් පහක් සොරාගත් භාණ්ඩ අතර වන බව පොලිසිය කියයි.
ඉකුත් පස් වෙනි දින ව්‍යාපාරිකයා බිරිඳ සහ දරු දෙදෙනා සමඟ සමඟ කොට්ටාව ප්‍රදේශයේ විහාරස්ථානයක දානයම පිංකමකට සහභාගී වී අනතුරුව කොළඹ ප්‍රදේශයේ සමීප ඥාතියකු වූ නිවසේ පැය කීපයක් ගත කර රාත්‍රී 12,30 ට පමන නිවසට පැමිණ තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.
සියලුම දෙනා නින්දට ගොස් පසුදින පෙරවරු නවයයි තිහට පමණ අවදි වී ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට අයත් බෑග් කීපයක් වෙලක් ආසන්නයේ දමා ගොස් ඇති බවත් එහි තිබූ දුරකථන අංකයකින් ඇමතුම ලබා ගත් බවත් දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යාපාරිකයාගේ නිවස නිවසට පැමිණීමෙන් අනතුරුව ඔහු සමඟ ව්‍යාපාරිකයා එම ස්ථානය කරා ගොස් ඔහුගේ නිවසේ තිබූ කාන්තා අත්බෑග් දෙක හා අනෙක් අත්බෑගය හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.
එම කාන්තා අත් බෑග් දෙක දෙවන මහලේ කාමරයක බෑග් එල්ලිම සඳහා සකස් කර තිබෙන ස්ථානයේ එල්ලා තිබී ඇති අතර අනෙක් අත්බෑගය යාබද කාමරයේ තිබී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රුපියල් කෝටි 35ක් පමණ වටිනා නිල් මැණික තිබී ඇත්තේ කාන්තා අත් බෑගයක් තුළ දමා බවත් අනෙක් අත්බෑගයේ ව්‍යාපාරිකයාට අයත් ,බැංකු පාස් පොත් , විදේශීය බැංකු වලට අයත් කාඩ්පත් මෙන්ම තවත් වැදගත් ලිපි ලේඛන රැසක් අඩංගු ව තිබී ඇතැයි පොලිසිය කියයි.
අත් ඔරලෝසු සහ රන්භාණ්ඩ මධ්‍යම රාත්‍රියේ දී නිවසට පැමිණීමෙන් අනතුරුව පහත මහලේ මේසය මත තබා තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පැමිණි සොරුන් නිවසේ අල්මාරි සහ කබඩ් කඩා නොමැති අතර නිවසේ දෙවන මහලේ පිටුපස පෙදෙසේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි නිලධාරියකු පැවැසීය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මීගොඩ ව්‍යපාරිකයකුගේ කෝටි ගණනක දේපොළ උස්සලා
පැරකුම් Monday, 08 May 2023 05:08 AM
මෙතරම් දේපලක් ගෙදර තැන්තැන්වල තියල කිසිදු ආරක්ෂකයෙක් නැනිව ගියේ ඇයි. ආරක්ෂක කැමරා නැද්ද. අත් ඔරලෝසු පැලදගෙන ගියේ නැද්ද. රක්ෂණයෙන් ගන්න ගහපු ගැටයක් වගෙයි.
ලුම්බිණි Monday, 08 May 2023 10:25 AM
දානමය පිංකම ඉක්මණින්ම ඵලදීලා වගෙයි...