IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මීගමුව පිටිපන වෙරළ තීරයේ දරුණු වෙරළ ඛාදනයක්

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුව පිටිපන වෙරළ තීරයේ මෝරවල ප‍්‍රදේශයේ මුහුදු වෙරළ දරුණු ලෙස ඛාදනය වීම හේතුවෙන් වෙරළ තීරයේ නිවාස පහක තාප්ප මුහුදට බිලිවී තිබේ.

පිටිපන මෝරවල සිට තලාහේන පේරුව දක්වා ප‍්‍රදේශය මෙසේ  මුහුදු ඛාදනයකට ලක්ව ඇති අතර මුහුදු රළ සැරවීමත් උසින් වැඩිවීමත් නිසා නිවාස ගණනාවකට මුහුදු වතුර ගලා යාමෙන් හානි සිදුවීම හේතුවෙන් පදිංචිකරුවන් නිවාස හැර යාමේ අවදානමකට ලක්වී ඇත.

මුහුදු වෙරළ ආසන්නයෙ පදිංචි ධීවර පවුල් ගණනාවක් මේ අවදානමට මුහුණ පා සිටිති. නිවාස වලට ගලා එන මුහුදු ජලය නිවාස වටා ගලා යන තත්ත්වයක් උද්ගතව පවතී.

පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ සිට මේ තත්ත්වය උද්ගතවූ බවත් අනතුරු දායක ත්තත්වය පිළිබදව වෙරළ සංරකෂණ දෙපාර්තමේන්තුවට හා අදාල වෙනත් රාජ්‍ය ආයතන වලට දැනුම් දුන්නත් ප‍්‍රයෝජනයක් නොවූ බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කූඩු සමඟ ගල් ටිකක් ගෙනවිත් දී ඇතත් ඒවා මේ විනාශය වළක්වන්නට ප‍්‍රමාණවත් නැති බවත් පෝර්ට් සිටිය හා අධිවේගී මාර්ග සඳහා මුහුදු වැලි ඉවක් බවක් නැතිව ලබා ගැනීම නිසා මේ විනාශය සිදුව ඇතැයිද ප‍්‍රනාන්දු මහතා පැවසීය.

 



අදහස් (3)

මීගමුව පිටිපන වෙරළ තීරයේ දරුණු වෙරළ ඛාදනයක්

චමින්ද Tuesday, 23 July 2019 01:42 AM

රටේ කුණු ප්‍රශ්ණය විසඳීමට නොහැකිව තිබියදී එක් කාලකණ්නියෙක් දෙවියන්ගේ මල්ලී සොයා ලෝකයේ තිබෙන විෂබීජ සහිත කුණු ගෙන්නේ වල දැමීමට කියලයි ආරංචි වෙන්නේ. රටේ පාලකයොත්. ඕනෑම බලු වැඩක්කර දෙවියන්ගේ මල්ලී සොයන කාලකණ්නිත් නිසා ස්වභාව ධර්මයාද අපට එරෙහිව සිටිනවා කියලයි හිතෙන්නේ

:       0       0

surath Tuesday, 23 July 2019 02:43 AM

මෙම සිදුවීම බොහෝ දුරට පොර්ට් සිටි නිසා වියහැක. මුහුදට නෙරා ඉදි කෙරෙන ගල් වැටියකින් පවා මෙලෙස සිදුවේ. මුහුදේ රල ගලන දිශාව අනුව වැටියේ එක පැත්තක් ඛාදනය වේ. අනෙක් පැත්ත වැලි තැන්පත්වේ. විද්‍යාත්මක සැලසුම් වලින් තොර ඉදිකිරීම් රට විනාශයට ගෙනයයි.

:       0       2

ravi Tuesday, 23 July 2019 11:40 AM

මෙච්චර ගල් පර තියන අපේ රටේ ඇයි එව්වා කඩලා බිඳලා අපේ රට වටේට ආරක්ෂක පවුරක් හදාගන්න බැරි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 16 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 17 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3358 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2476 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3078 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site