IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මංගල සාදයේ විනෝද වූ විධායක නිලධාරිනිය හදිසියේ මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි  තරුණියක හදිස්සියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි.

මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට  සහභාගි වී ඇති අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ඇති අතර මද වේලාවක දී ඇයට අසනීප වී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇතැයි පොලිසිය කියයි.

තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බව පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (13)

මංගල සාදයේ විනෝද වූ විධායක නිලධාරිනිය හදිසියේ මිය යයි

නිමල් Monday, 28 August 2023 05:55 AM

මැය මැරී වැටී ඇති බවක් නම් වාර්තාව කියවූ මට නම් නො පෙනේ.

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Monday, 28 August 2023 09:25 AM

වටිනා ජීවිතයක් සමුගත්තා.අපගේ ශෝකය .. මරණයට හේතුව වන්නේ කුමක්ද දන්නේ නැහැ.මේ රටේ බොහෝ විවාහ මංගල්‍ය උත්සව හා සංගීත සංදර්ශන ආදියේදී කන් මොළය හා හර්දය කම්පනය කරවන හානිකර අධි කම්පනයක් ගෙනදෙන සංගීත සහ ශබ්ද නිකුත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.ඒත්,නීතිය හා නීතිය රකිනා අය තද නින්දේ.මේක පුදුම රටක්.මහජන කරදරය හා හිරිහැරය ඇති කරන දේ කිරීම වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතත් ඒවා නීති පොත් පත් වලට පමණක් සීමා වී ඇති බව පෙනේ. අහෝ සිරි ලංකාව .. ඔබගේ ගමන කොහේටද ?

:       12       60

සරත්චන්ද්‍ර Monday, 28 August 2023 10:12 AM

ජීවිතය කියන්නේ කුමක්ද කියලා හිතන්න මෙවැනි සිදුවිම හොඳ පාඩමක්

:       1       28

පූර්ණ Monday, 28 August 2023 10:55 AM

දැන් ඉස්සර වගේ නෙවෙයි. හැමෝම තම තමන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන හිතන්ඩ, හොයන්ඩ බලන්ඩ ඕනෙ. දැන් මිනිස්සු නිතරම ඉන්නෙ මොකක් හරි ආතතියකින්.. ඉතින් ශරීර "සිස්ටම් එක"ත් පට්ට අවුල් වෙලා තියෙන්නෙ.

:       0       39

susantha Monday, 28 August 2023 11:19 AM

මෙහෙම හෙඩ් ලයින් ගහන්න එපා. හරි හිරිකිතයි.

:       2       45

chinthana Monday, 28 August 2023 11:29 AM

කලින්ම රජයෙ රොහලට රැගෙන ගියා නම් බෙරගන්නත් තිබුන. ලෙඩෙකුට ප්‍රතිකර කරන්න බැරිව රජයෙ රොහලට ගෙනියන්න කියනවනම් ඒ් පුද්ගලික රොහල පවත්වගෙන යන එකේ තෙරුමක් නෑ. ඔහොම රොහල් තහනම් කරන්න ඔන.

:       2       29

Rocky sanjaya Monday, 28 August 2023 12:25 PM

ඇයි තරුණ පරපුරට මෙහෙම වෙන්නේ..? අපි මොකක්ද කරපු වැරැද්ද ස්වභාවධර්මයට..?

:       5       6

Auntie Seetha Monday, 28 August 2023 01:26 PM

හෙඩ්ලයින් එක කැතයි නේ. මීට වඩා හොඳ නැද්ද, "25 හැවිරිදි තරුණිය හදිසියේ මිය යයි කියල" දැම්ම නම්. . වැඩි විස්තර ආටිකල් එකේ දාන්න පුලුවන්.

:       4       37

Godwin Monday, 28 August 2023 03:48 PM

මාතර

:       0       1

janahitha Monday, 28 August 2023 03:52 PM

හාර්ට් ඇටෑක් මෙම වයසෙදි අති උනොත් බෙරගන්න අමාරු බව අහල තිබෙනව ඉතාම පොඩි කාලයක් ලැබෙන්නෙ මුලින්ම රජයෙ රෝහලට වහාම යොමු කලා නම් බෙරගන්න තිබුන

:       1       8

ශාලිත තරිඳු Monday, 28 August 2023 11:58 PM

අපි හැමෝම මේ ලෝකෙට එනකොට අපිට බුක්ති විදින්ට අවශ්‍ය ausha ප්‍රමාණය අපි කරපු පිං පව් අනුව තීරණය වෙලා තමයි අපි මේ ලෝකෙට එන්නේ. අපි කොච්චර අකමැති උනත් අපේ aue කාලය ඉවරනම් අපිට මේ ලෝකේ දාල අපි කරගත්තු පිං පව් වලට අදාල තැනට යන්නම වෙනවා එක තමයි මේ ලෝකේ ධර්මතාවය. මාත් මැරිලා ඉපදුන මනුස්සයෙක්. එත් මගෙ ausha තව ඉවර නැති නිසා මට අයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබුනා. මං සිහිය නැතුව මාස 3 හිටිය සිහිය එනකොට මට කෙනෙක් කියනවා වගේ දැනුනා උබ ගිය පාර වැරදී මෙතන ඉදලා අලුතෙන් ජීවත් වෙයන් කියලා. මං හිතන්නේ මට මේදේ උනේ මගේ සංසාර ගමන කෙට් කර ගන්න මගේ පිනකට උන දෙයක් කියල. ඉපදුන හැම ජීවියෙක්ම තමන් ගෙනපු ausha ඉවර උනහම යන්නම වෙනවා. මම නම් හිතන්නේ ඉපදුන දවසේ ඉදලම අපි හැමෝම මැරෙනවා කියලා හිතුවනම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුන.

:       2       8

chandima Tuesday, 29 August 2023 02:56 AM

පරිස්සමින් ලංකාවේ විස්කි වලටත් කසිප්පු කලවම් කරලා තියෙන්නේ

:       0       2

Abba Thursday, 31 August 2023 07:19 AM

ඉන්ජෙක්ෂන් ගැහුව නම් විපාක විඳවපල්ලා

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 688 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1412 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 189 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 689 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 7730 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2593 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26141 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 427 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site