IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට

(කාංචන කුමාර ආරියදාස)

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක්  දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ද්‍යා කුමාරි 44 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවකු මහනුවර රෝහලට මාරුකර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය .

දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වී හිරිවඩුන්න ප්‍රදේශයට මෙම ඥාතීන් පිරිස ගමන් කරමින් සිට ඇත හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවීම් ඇති බවත් අනතුරින් කැබ් රථයේ ගමන් කළ සියලු දෙනාම තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.



අදහස් (2)

මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට

එරංග Saturday, 11 May 2024 10:27 AM

එහෙම නම් කැබ් රථය මගුල් ගෙදර ගියා කියලා පේනවා රියදුරු හොඳින්ම වයින්වෙලා ඉන්න ඇති ආයෙත් දෙකක් නැහැ... ඒක තමයි වෙන්න පුළුවන්. ඒ ගැන මොකුත්ම කියලා නැති එක නම් ප්‍රශ්නයක් වෙනවා..

:       6       27

Roshan Sunday, 12 May 2024 08:22 AM

ඔව්... පේන විදිහට මූනට මූන හැප්පිලා නෙමෙයි.... කැබ් රථයේ රියදුරු බීලා ඉන්න ඇති.... පින්තූර වල තියෙන විදිහට කෑබ් එක තමයි ලොරියෙ හැප්පෙන්න ඇත්තේ.... ඒක පුවතේ නැති එක පුදුමයට හේතුවක්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 0 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 14 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 272 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 583 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 427 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site