IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මංගල සමරවීරගේ දේශපාලන දිවියට 30වසරක් සපිරේ

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

‘සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූ’ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
 
තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව ගරු කරන දේශපාලනඥයෙක් බව ජනාධිපතිතුමා පැවසීය.
 
ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය. 
 
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු, විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

(28535)
 
( ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (40)

මංගල සමරවීරගේ දේශපාලන දිවියට 30වසරක් සපිරේ

Nuwan Thursday, 28 February 2019 01:26 PM

යහපාලනයට හා පසුගිය පාලකයන්ට ඡන්දෙ දුන් අයට විනාඩියක නිශ්ශබ්දතාවක්!

:       223       727

රසික Thursday, 28 February 2019 01:30 PM

ලක්ෂ්මන් කදිරගාමර් ගෙන් පසු ලංකාවේ හොදම විදේශ ඇමති මංගල සමරවීර මහතායි. එසේම වත්මන් පාර්ලි‌‌මේන්තුවේ සිටිනා නවීනම අදහස් ඇති ලිබරල් දේශපාලකයා මෙතුමයි.

:       2372       995

upaliThursday, 28 February 2019 02:05 PM

දුප්පතාගේ බඩට තවත් ප්‍රහාරයක්

:       0       132

කසිර Thursday, 28 February 2019 03:48 PM

රසික 1) ඔහු හොඳම විදේශ ඇමති වීමට හේතු වූ කාරණා 5 ක් නම් කරන්න 2) ඔහුගේ ඇති (අනිත් අයගේ නැති) නවීනතම අදහස් 5ක් නම් කරන්න 3) ඉහත 1 හා 2 කිරීමට බැරිනම් ඔබගේ මෝඩ අදහස ඉල්ලා ඉවත් කර ගන්න.

:       1       451

kamani Thursday, 28 February 2019 07:20 PM

අපෝ ඔව් ...කදිරගාමර් මහත්තයා ද්‍රවිඩ මහත්මයෙක් වෙලත් ජාත්‍යන්තරයේදී අපේ රටට කිසිම හානියක් සිදු නොකළ නියම ශ්‍රී ලංකික පුත්‍රයෙක්. එකටත් එක්ක මෙයා, යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමති වුනා විතරයි..එක්සත් ජාතීන්ගේ සංගමයේදී පිළිගත්තා ශ්‍රී ලංකාව යුධ අපරාධ කළා කියලා. ඒ කියන්නේ අපේ රට පාවා දුන්නා.

:       102       1154

chandimaThursday, 28 February 2019 10:33 PM

අම්මප?

:       16       178

වික්‍රම Thursday, 28 February 2019 11:31 PM

පොඩි හරි ලැජ්ජාවක් එක්ක කඩේ යන්න පුරුදු වෙන්න මහත්තයෝ ඒක වෙන්න ඇති ලෝකේ පලවෙනි වතාවට රටක් තමන්ගේ හමුදාව අපරාද කරා කියල යෝජනාවක් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කරේ . කදිරගාමර් කියන්නේ උගතෙක් , බුද්දීමතෙක් ලෝකේ ඇත්තටම පිළිගත්තු අයෙක් ඔහුගේ නියපොත්තක් තරම් නොවටින මිනිහෙකුට, ඒවගේම එන් ජි ඕ ඔඩොක්කුවේ ඉදිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන අයෙකුට ,කඩේ යන්න තමන්ගේ රටට ආදරය ඇති මිනිහෙකුට බෑ

:       162       708

Hafeel Friday, 01 March 2019 03:18 PM

කදිරගාමර් සමග මෙයාව සමකරන්න පුළුවන්ද? මෙයා විදේශ ඇමති ඉන්න කාළේ තමා ඩයස් පෝරාව සුරතල් කළේත්, අතුරුදන් වුවන් හොයන එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් මෙ රටතුල ස්ථාපිත කිරීමට උත්සාහ කරන්නෙත්...

:       1       97

සමනල කොලූFriday, 01 March 2019 01:24 AM

හොදම හොද නේද ? අනේද කියන්නේ.........

:       17       259

ChandimaFriday, 01 March 2019 03:52 AM

අනේ අම්මප මේ විදියටත් හිතන මහා අමුතුම ජාතියේ මිනිස්සු කොට්ටාශයක් මේ ලංකාවේ ඉන්නවනේ? ලක්ෂ්මන් කධිර්ගාමර් ඇමතිතුමා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ බොහොම අසීරුතා ඉදිරියේ කල උතුම් සේවය මුන්නහෙගේ මොට්ට කෙරුවාවල් එක්ක සංසන්දනය කරන්න පුලුවන්ද?

:       68       435

JAYASEKARAFriday, 01 March 2019 04:05 AM

අනේ මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ.....ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගේ ලගින්වත් තියන්න පුලුවන්ද? දමිල උනත් ඒ මහත්තය සබැ ලාංකිකයෙක්....

:       13       261

RaveendraFriday, 01 March 2019 04:32 AM

තමන්ගේ මවුබිම " පාවාදෙන නිවටයන්ට හොදම ඇමතියෝ, හොදම අගමැතියෝ, හොදම ජනආදිපතියෝ " කියන එකම එක රට මාගේ මාතෘබුමියවීම මොන තාරම් අවාසනාවක් ද ??? අප පාට කන්නාඩි පැළදගෙන ඕනෑම දෙයක් බලන්නේනම් එම පාට හැර වෙනත් කිසිදු පාටක් අපට නොපෙන බව මොහු විසින් නැවත වරක් ඔප්පු කර ඇත.නිවැරදි දෙය නිවැරදියි කීමට මෙන්ම වැරදි දෙය වැරදියි කීමට කොන්ද පන නැති පුරවැසියන් වැඩියෙන්ම ඉන්නෙත් අපේ රටේවීම කොතරම් අසුන්දර ද???

:       1       344

NuwanFriday, 01 March 2019 12:02 PM

කන්නේ තණකොළද?

:       1       117

Hafeel Friday, 01 March 2019 03:20 PM

බොහෝදුරට මංගලගෙන් රස්සාවක් ලැබිල ඇති...

:       1       167

udayaFriday, 01 March 2019 11:38 PM

දන්නේ නැති දේවල් කියන්න එපා මහත්තයෝ. කදිරගාමර් මහත්තයා දමිල කෙනෙක් වෙලත් රට පාවා දුන්නේ නැහැ. මංගල (අවමංගල) එක්සත් ජාතින් ගාව රට පවල දීපු ජාතිද්‍රෝහියෙක්. එ්කනේ සමන්ත පවෙල් ආවේ. ගිය ආත්මේ කළ පවකට සමනලයෙක් වුණා. ඊළඟ ආත්මේ පෙරේතයෙක් තමයි වෙන්නේ. උපන් රටට කල අපරදෙට...

:       1       69

Keppetipola Thursday, 28 February 2019 02:17 PM

රට පවා දී ආර්ථිකය විනාශ කළා මිස වෙන කරපු දෙයක් නැත. රටේ අවාසනාවට පහල වූ මිනිස්සු නිසා මහා ජනතාව දුක් විඳිනවා. මී ළඟ ඡන්දෙදිවත් ජනතාව මොළේ පාවිච්චි කර බුධිමත්ව ඡන්දය දිය යුතයි.

:       7       91

prabha Thursday, 28 February 2019 02:33 PM

ජනාධිපතිතුමනි මෙහෙම කිව්වනම් හොද නැද්ද " බටහිරින් තමාට පැවෙරෙන ඕනෑම වගකීමක් දැඩි කැපවීමෙන් ඉටුකරන " මංගල ඇමතිවරයා

:       1       130

smn Thursday, 28 February 2019 02:33 PM

තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් නව දැක්මකින් යුතුව…. අවංකව….. ඉතා උද්යෝගයෙන් ….ඒ කියන්නේ බොක්කෙන්ම…. මේතාක් රටට දැයට කළ මහඟු කළ සේවයට ඔහුට තුති පුදන අතරම තව දීර්ඝ කාලයක් මේ රටට සේවය කරන්නට ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

:       218       9

sirimal Thursday, 28 February 2019 02:47 PM

මේ දවස්වල නම් දෙහි කැපිල්ල ඇර වෙන වැඩක් නෑ වගේ. එක්කෙනෙක් යන යන තැන දෙහි කපනවා. අනිත් එක්කෙනා ඇහුනේ නෑ වගේ ඉන්නවා. මේක පුදුම ජාතියේ හවුල් ආණ්ඩුවක්.

:       11       65

banda Thursday, 28 February 2019 03:20 PM

කවුරු මොනවා කිව්වත් මංගල හොරෙක් නොවේ..

:       119       83

CHANDIMASaturday, 02 March 2019 12:08 AM

හොරෙක් නෙමෙයි. හොරාගේ ගෝලයෙක්...

:       1       27

nalin Thursday, 28 February 2019 03:24 PM

සහතික ඇත්ත. මේක ඩිස්ලයික් කරපු කට්ටිය පාටින් විතරක් දේශපාලය මනින කට්ටිය. ඇස් වහගෙන පුද්ගලයා කියන දේ අහන්න ඕනේ. මෙතුමා දන්නවා දියුණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න. ඉතා නවීන අදහසක් තියෙන්නේ.

:       404       377

chandima Thursday, 28 February 2019 04:24 PM

මේ යන විදියට අවුරුදු 20, 10, 5, 2 ගිය කට්ටියටත් උත්සව තියයි වගේ. එතකොට අර මැරෙනකල්ම ඉන්න හිතන් ඉන්න කට්ටියට උත්සව තියන්නේ නැතිද?

:       0       47

Mahee Thursday, 28 February 2019 05:17 PM

දැන් කවුරුත් ඉතින් අවුරුදු හතලිහ, පනහ සමරන කට්ටිය තමයි. 225 දෙනෙක්ම ඉන්න හින්ද ජනාධිපති තුමාට වෙන වැඩක් කරන්න කාලයක් නැතිවෙයි. හැබැයි, රටට දැන් නම් ඕන කරන්නේ එක අවුරුද්දක් වත් නොපිරිනු අලුත්ම පිරිසක් මිසක් සෙන්චරි ගහපු කට්ටිය නම් නෙමෙයි. සෙන්චරි කාරයෝ ඔක්කොම එකතුවෙලා කලේ 1948 දී සතයක්වත් විදේශ ණය නොතිබුන ලංකාව අවුරුදු 70 කට පස්සේ එක පුරවැසිය රුපියල් හාර ලක්ෂ තිස්පන් දාහ බැගින් ණය බරකට තල්ලුකිරීම නොවේද?

:       0       51

hasantha Thursday, 28 February 2019 05:33 PM

එක්කෙනෙක්ට 30 අනිත් එක්කෙනාට 40. අපිට නිදහස ලැබිල 70. මට මේ දේශපාලකයන්ගෙන් අහන්න තියෙන්නේ "ඔබලා රටට යමක් කළා සතුටින් මැරෙන්න පුලුවන්ද?". මට ජනතාවගෙන් අහන්න තියෙන්නේ "ඔබලාගේ තේරීම් ගැන අවංකවම සතුටු විය හැකිද?"

:       0       82

vidya Thursday, 28 February 2019 07:10 PM

මේ සෙට් එකට බුලත්. අපිට කන්ටේන ගණන් කරුංක පුවක් හා ගම්මිරිස් . අනේ මන්ද මොනවද වෙන්නේ කියල. සංඩු වෙවී යාලුවෙවී දීග කනවා වගේ රටත් කනවා.

:       0       92

Nissanka Thursday, 28 February 2019 07:54 PM

සැබවින්ම මංගල රටේ නායකත්වයට පවා සුදුසු අදින දේශපාලන දැක්මක් සහිත දේශපාලකයෙක්. ඉතා කැපවීමෙන් තමන්ට පැවරෙන වගකීම ඉෂ්ඨ කරන පුද්ගලයෙක්. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ඔහු අපේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළා. එසේම මාතරට ඔහු කර ඇති සේවාව වෙනත් කිසිම කෙනෙකුගෙන් සිදුවී නෑ.2005 මහින්දගේ ජයග්‍රහණයේ නියමුවා ඔහුයි. එත් පසුව මහින්ද සහෝදරයින් ලං කරගෙන ඔහුව කපා දැම්මා.

:       488       506

abaran Thursday, 28 February 2019 08:25 PM

දේශපාලනය කියන්නේ කුමක්දැයි ජෝන් අමරතුංගගේ සහ මංගලගේ උත්සව වෙනුවෙන් පැමිණි උදවිය දිහා බැලුවාම ඉතා හොඳින් අවබෝධ කරගත්තැකි ..අපේ රටේ ඉදිරිය ගැනත් කියන්ට තියෙන්නේ මේ හැමදාම කියන දේ තමයි...

:       0       87

chathura Thursday, 28 February 2019 11:19 PM

දැම්මම උත්සවේ ගත්තු එක හොඳයි. අර කුඩුකාරය අපහු ආවම මොන මොනවා කියයිද දන්නේ නැහැනේ?

:       1       157

sugath Friday, 01 March 2019 02:41 AM

කොහොම හිනා වෙන්නද මන්ද?

:       0       142

Chandima Friday, 01 March 2019 03:54 AM

කිසිම ප්‍රතිපතියක් මේ දන්නටම නැහැ කියන එක දැන් පේනවා නේද?

:       0       15

චතුරංග Friday, 01 March 2019 03:56 AM

දැන් පොඩ්ඩක් දේශපාලනෙන් සමුගෙන සැදෑ සමය වින්දනම් තමයි හොද

:       0       15

Korala Friday, 01 March 2019 04:05 AM

මෙහෙමත් නාටක

:       0       100

chris Friday, 01 March 2019 07:22 AM

අවරුදු 30 - 40 ක තිස්සේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ උරා බොන පරපෝෂිතයන් ගොඩක් සිටින බව රහසක් නොවේ

:       0       148

sumeda Friday, 01 March 2019 08:01 AM

අවරුදු 30 - 40 ක තිස්සේ කොල්ලෝ කී දෙනෙක් පාවිච්චි කරාද කියලත් කියන්න .....

:       2       115

Lolla Friday, 01 March 2019 02:16 PM

සමනල සිහිනයක්...

:       2       114

korala Friday, 01 March 2019 03:23 PM

ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ....

:       1       0

mataln Friday, 01 March 2019 05:43 PM

මේ අය ඉන්නකම් මේ රටට හරියන්නේ නැහැ...

:       1       0

Bandara Friday, 01 March 2019 10:50 PM

රසික ඔයා ලෙඩෙක්... බෙහෙත් ටිකක් ගන්න.

:       1       14

de silva Friday, 01 March 2019 11:07 PM

මේ සෙට් එකම එකට වාඩිවෙලා හොඳට ඉන්නවා... ඡන්දෙ කිට්ටු වෙනකොටනේ රඟපාන්න පටන්ගන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 327 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5366 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 914 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4346 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3892 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2508 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16918 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site