IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මංගලිකා බින්දුසාර

(නිමන්ති රණසිංහ)

කල් ඉකුත් වූ රුධිර පෙරන කට්ටල විනාශ කිරීමෙන් වැලකී සිට ‘දූෂණය‘ නම් වරදක් සිදුකළ බවට චෝදනා ලැබූ ජාතික ලේ දීමේ සේවයේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර සහ රජයේ වෛද්‍ය චම්පා සුබෝදිනි මංචනායක මහත්මින්ට එරෙහිව පැවැති අල්ලස් නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (07) නියෝග කළේය.

අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ පදනම මත මෙම චූදිතයන් දෙදෙනා එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය එලෙස නියම කළේය.

චුදිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥවරුන් වන ප්‍රසන්න ඩී. අල්විස් මහතා සහ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව එම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බැවින් ඔවුන් නිදහස් කරන ලෙසය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ගංගා හෙයියන්තුඩුව මහත්මිය සදහන් කළේ කාර්ය පටිපාටියේ ඇති දෝෂයක් පදනම් කරගනිමින් නඩුවක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි යන පදනම පිළිගත නොහැකි බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත්ව ඇති බවත්ය.

වර්ෂ 2008ක් වූ අප්‍රේල් මස 01 වන දින සිට ජුලි මස 09 වන දින දක්වා වූ කාලය තුළ  රජයේ සේවකයකු වූ ජාතික ලේ දීමේ සේවයේ අධ්‍යක්ෂවූ පළමුවැනි චූදිත සහ රජයේ වෛද්‍යවරියක වූ දෙවැනි චූදිත ගබඩාවේ ඉතිරිව තිබූ 2008. 03. 31 දිනට කාලය ඉකුත් වූ බැස්ටර් ආයතනයේ නිෂ්පාදිත ඊඑස් 3000 යන්ත්‍රයේ භාවිතයට ගන්නා තෙරපියුටික් ප්ලස්මා එක්ස්චේන්ජ් හා ඇම්කස් යන්ත්‍රයේ භාවිතයට ගනු ලබන ඒ පෙරසීස් කට්ටල ආණ්ඩුවට හෝ රෝගීන්ට හා රුධිර දායකයින්ට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩුවක් බව දැන දැනම විනාශ කිරීමෙන් වැලකී සිටීමෙන් “දූෂණය” නම් වරදක් සිදුකළැයි අල්ලස් කොමිසම චූදිතයන්ට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබුණේ ඉකුත් 2016 වසරේ මාර්තු මස 09 වැනිදාය.



අදහස් (0)

මංගලිකා බින්දුසාර

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 72 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1891 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4421 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1085 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2911 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1509 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 668 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site