(රෝෂන් තුෂාර)
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(25) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මඟ නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරියේ මුදල් අනගිපුරගේ මයිකල් නැමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ 2012 සහ 2015 අතර කාලය තුළදී රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් සැකකරුවන් විසින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බවය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපල පනතේ 386 පහ එක වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කළ බවත්,සිදු කරන ලද විමර්ශන කටයුතු අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා ,මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.
මෙම සැකකරුවන් අධිකරණයේ නඩු විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබිණි . ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට අදාළ ප්‍රධාන පැමිණිලි ගොනුව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් නියෝගයක් ලබාදීමට පෙර එම ගොනුවද පරීක්ෂා කළ යුතු බව සඳහන් කරමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්න
කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තු
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ්