IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම නගර ශාලාවේ පැවති  මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන්  අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස්  පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට  ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා  කටයුතු කලේය.



අදහස් (45)

මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා

randil Tuesday, 06 September 2022 04:35 PM

ඔය නගරාධිපතිණියවත් දණගස්සන්න ඕනෑ. මේ වගේ කාලෙක ඉතිරිවෙන කෑම ටිකක් දරුවන්ට දුන්නාම හෙණ ගහනවද? ඔවුන් හොරා කනවා ඊට වඩා... රට පත්කරපු තත්වයක්...

:       9       242

දිමුත්Wednesday, 07 September 2022 03:19 PM

කොහොමද කාන්තා නියෝජනයේ මහිම?

:       2       13

NUWAN Tuesday, 06 September 2022 04:43 PM

අම්මා කෙනෙක් නම් වෙන්න බැහැ. නියම නගරාධිපතිනියක් තමයි... මේ වගේ අය මුල්පුටුවල ඉන්න නිසා තමයි රටට කෙළවිලා තියෙන්නේ..!

:       6       210

HaamalliTuesday, 06 September 2022 06:33 PM

උන්දෑ නගරාධිපති නොවෙයි, නරකාධිපති කියන්න පුළුවන්. ළමයි ඇවිත් තියෙන්නේ ඉතිරිවන ආහාර කන්න... එහෙම දරුවන්ට අපහාස කළාම ඔවුන් අනාගතයේ සමාජයට අවැඩදායක වෙන්න පුළුවන්... සීවලී හාමුදුරුවෝ ගැන අහලා නැතුවා වගෙයි...!

:       5       123

ගමේ එකාලා Tuesday, 06 September 2022 04:47 PM

ආසියාවේ ආශ්චර්යයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වපු හැටි... බලලෝභී, බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවන් ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් රටම වලපල්ලට ඇදලා දැම්මා...

:       6       139

dhamneth Tuesday, 06 September 2022 04:48 PM

ලංකාවේ පමණද මෙහෙම අමානුෂික මිනිසුන් බිහිවෙන්නේ... පාසල් සිසුවෙකුට කෑම ටිකක් දෙන්න අකැමැති...?

:       7       138

fairoos Tuesday, 06 September 2022 04:50 PM

"නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි" අනේ අනේ මෙහෙමත් අය...!

:       5       138

mahesha Tuesday, 06 September 2022 05:10 PM

මේ නගරාධිපතිනි, මනුස්සයෙක්ද? මේ ළමයි නෙවෙයි කෑම මංකොල්ල කෑමටම ආවා කියමු. අවුරුදු 12-13 නම් ඒ ළමයි තමා. කෑම පාර්සල් කීපයක් දීලා යැව්වා නම් නගරාධිපතිනි, හිඟමනට වැටෙනවාද?

:       2       135

sena Tuesday, 06 September 2022 05:14 PM

මේ පටන් ගැන්ම විතරයි... ඊළඟට කුණුබක්කි අවුස්සන ළමයි... තැන තැන දකින්න ලැබෙයි. මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දී අපේ රට මෙච්චර හිඟන තත්වයකට පත් කරපු මිනිස්සු බලය ගන්න තවත් ගේම් ගහනවා.

:       5       113

CHAIRPERSON Tuesday, 06 September 2022 05:24 PM

කසල,වසල,අකුසල මෝඝ උත්තමාවියක්???

:       0       21

සමිත අලුත්ගමගේ. Tuesday, 06 September 2022 05:30 PM

රාජපක්ෂවරු පවුල් පාලනයට ඇවිත් ඇතිකරපු සෞභාග්‍යෙය් ආශ්චර්යය තමයි මේ පේන්න තියෙන්නේ... රටේ බොහෝ දෙනා ඉන්නේ හාමතේ... නගරාධිපතිවරිය නම් මරේ මරු. ඇය ගැන කියන්න වචන නැහැ. ඇයගේ ක්‍රියාව ඒ තරම්ම වටිනවා. දරු කැක්කුම කියනා දේ ඇඟේ ගෑවිලාවත් නැහැ. කොහොම වුණත්, හිටපු නගරාධිපතිතුමාට බොහෝම පින් මේ අසරණ දරුවන්ගේ කුසගිනි නිව්වාට...

:       7       117

බණ්ඩා Tuesday, 06 September 2022 05:50 PM

ඔය වගේ නගරාධිපතිලා ඉන්න නගර සභාවලටත් හෙණ ගහනවා. තූ කියලා තමයි කියන්න තියෙන්නේ... අපි ඕනේ කෙනෙක් ඉල්ලුවත්, නැතත් දන් දෙන්න පුරුදු ජාතියක්...

:       2       103

ANDARE Tuesday, 06 September 2022 06:04 PM

කළු, සුදු චරිත දෙකක රංග භුමිකාව...!

:       3       62

සමිත අලුත්ගමගේ. Tuesday, 06 September 2022 06:09 PM

" බැල්ලක එදා කුස ගින්නේ සිටින විට ... හිමි සීවලී පෙර සසරේ උගුරෙ කට ... දමලා අත වමාරා දුන් අහර කැට ... ලැබුවේ මහත් ඵල මතු එම කුසලයට ... "

:       1       82

ranjith Tuesday, 06 September 2022 06:20 PM

මේ වගේ තිරිසන් වැඩිහිටියෝ ඉන්න රටක් වීමත් ලැජ්ජයි... දරුවන් 5 දෙනාට කෑම ටිකක් දුන්නා නම් මොකද වෙන්නේ? මහලොකුවට සෝබනේට මහා දාන දෙන රටක්...!

:       3       82

පිටිගල මිලානෝ Tuesday, 06 September 2022 06:35 PM

මා ජීවත්වන මිලානෝ නගරයේ හිතාමතා කෑම නාස්ති කළොත් විශාල දඩයක් ගෙවීමට සිදුවනු ඇත. බඩගිනි නම් ළමයිනේ මෙවැනි තැන්වලට බලෙන් ගොස් කලබල නොකර කෑම එකක් බෙදාගෙන කන්න.

:       5       63

leel gunawardena Tuesday, 06 September 2022 06:44 PM

මේ නගරාධිපතිලා කොච්චර හොරාකනවා ඇත්ද?

:       2       72

Shammi Tuesday, 06 September 2022 07:56 PM

මේක තිරිසන්නු ඉන්න රටක්...!

:       3       51

ruwan Tuesday, 06 September 2022 07:58 PM

මේ ඔක්කොම කරන්නේ රඟපාන එක...

:       0       37

chandima Tuesday, 06 September 2022 08:06 PM

නගරාධිපති ඡන්දෙ ළඟ ඇති.. ඒකයි හිටපු නගරාධිපතිතුමා දන්සැලක් දාලා තියෙන්නේ... සමහරවිට එයාම ළමයි ටික යවලා වෙන කෙනෙක් ලව්වා නගරාධිපති නෝනට කෝල් එකක් දුන්නා වෙන්නත් බැරි නෑ...

:       51       106

සිල්වා Tuesday, 06 September 2022 08:26 PM

කෑමවේලක් ඉල්ලාගෙන කනඑක වරදක් නොවේ. නමුත් උත්සවවලට අනාරාධිතව සහභාගි වී කෑම බීම අනුභව කිරීම ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවක් නොවේ. උත්සවවලට කෑම සකස් කරන්නේ ආරාධනා කළ පිරිසට සෑහෙන ප්‍රමාණයක් බව කල්පනා කළ යුතුයි...!

:       48       75

janahithaWednesday, 07 September 2022 08:54 AM

නිරාහාරව සිටින ලාංකික සිසුන්ට මෙය අදාළ නොවේ... ඉතිරිවන කෑම ටික තවත් අයට ලබාදීම කළයුතුය... ඔවුන්ට දඬුවම් කිරීම, පොලිසියට දැන්වීම උචිත නොවේ... දුප්පත් ළමයින්.

:       9       16

janahithaWednesday, 07 September 2022 08:57 AM

කුණුමසුරුකම ප්‍රදර්ශනය වෙනවා...!

:       1       14

sampath Tuesday, 06 September 2022 09:20 PM

මේ සම්බන්ධව ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වී එලෙස කළ අයට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. මෙහෙම වෙන්න නොදිය යුතුයි.

:       40       58

Rohana Tuesday, 06 September 2022 09:36 PM

කෑම ඇතිතැනක කෑමගැනීම වරදක් නොවේ. කෙසේවෙතත් ඒකට දඬුවම් කිරීම සුදුසු නොවේ. හේතුව සියල්ලන්ම තම ජීවිත ගෙනයාමට ආහාර අවශ්‍යම දෙයක්වීමයි...!

:       42       52

Hemantha kumara Tuesday, 06 September 2022 10:12 PM

මළ පේරේත අමුණුස්සයෝ.දරුවෙකුට කෑම ටිකක් දුන්නාම මොකද වේන්නේ.?සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලයි බුදු බණ.

:       33       16

බද්රානි Wednesday, 07 September 2022 02:32 AM

එතකොට, අපේ මේ ප්‍රෞඩ ජාතිය අනුන්ගේ මගුල්ගෙවල් වලින් හොරකම් කරලා කාලා හැදෙන්න බාලාගෙනද දරුවන් වදලා තියෙන්නේ..? එහෙම ජාතක කළ අය පූජ්‍ය ස්ථානවල අතරමං කරලා යන එකේ ප්‍රතිවිපාකය තමයි අපි මේ දැනුත් අත් විඳින්නේ.. හොරාකාලා බඩ පුරවා ගන්නවා නම් කොහොමද සිංහ කොඩියේ සිංහයාව නියෝජනය කරන මහා ජාතියේ අය වන්නේ...! ලැජ්ජයි කවුරු වුණත් අවලම් වැඩක් කරනවා නම්... ලැජ්ජයි! කවුරු වුණත් අවලම් වැඩක් කරනවා නම් ඒ අය අවජාතකයින්... පොඩි එක්කෙනෙක් වුණත් එයා පොඩි කාලෙම හොරා කනවා නම් එයා උසමහත් වුණත් හොරෙක්ම තමයි. බලාගෙන ගියාම මොවුන් උප්පත්තියෙන්ම හොරුනේ...

:       12       35

ඉන්ද්‍රාණි.Wednesday, 07 September 2022 01:45 PM

ඔය කියන කිසිදෙයක් මේ සිද්ධියේ නැහැ. ඇයි දැක්කේ නැද්ද මේ ළමයින්ට කවුදෝ එතැන ඉන්න කෙනෙක් කෑම කන්න කියූ වග... දේශපාලකයින් බංකොළොත් කරපු, මන්ද පෝෂණයෙන් ලොව හයවැනි කප්එක ගත් රටේ මෙය පුදුමයක් නොවේ. මීටවඩා තව දේවල් ඉදිරියේදී වේවි. මේ ළමයින් ඇවිත් තියෙන්නේ, ඉල්ලගෙන කන්න මිසක් හොරකම් කරන්න නෙමෙයි. බඩගින්නට...

:       2       9

බද්රානිWednesday, 07 September 2022 06:51 PM

ඉන්ද්‍රාණි, එහෙම නම්, අර කෑම උයන අන්කල් අනුන්ගේ මුදලෙන් තමන් පින් අයිති කර ගන්න හදන කෙනෙක් නේද? හරි විදිහට පිනක් කරගන්න ඕනෑනම් ඉතිරි කෑම පාර්සල් කරලා ළමයෙකුට බාරදිය යුතුව තිබුණා. වැඩකරන ආයතනයක හෝ සමාජයේ "ආචාර ධර්ම" කියලා දෙයක් තියනවා. ඒවාට අපි ගරු කරන්න ඕනෑ. අනෙක දරුවන් හිඟන්නන් නොකර, වැදගත් ලෙස ජීවත්වීමට අප පුහුණු පුරුදු කළ යුතුයි. එවිට තමයි ප්‍රබුද්ධ ලාංකික සමාජයක් බිහිවෙන්නේ... කොහොම වුණත් මෙතන වෙලා තියෙන්නේ... ළමයින්ගේ බඩජහරිකම මත සිදුවුණු ක්‍රියාවක්... කොහෙද ඉතින් දරුවන්ට හපන්නේ, අපේ රටේ වැඩිහිටියෝ...

:       5       0

විජයන්ති වැලිබාන්ඩ Wednesday, 07 September 2022 02:48 AM

දණගස්සල විතරක් නෙවේ . පොලිසියටත් බාරදීලා. වැලිගම උන් නම් චාටර්.

:       18       17

Demuni Uduwara Wednesday, 07 September 2022 05:00 AM

මීළඟ මැතිවරණයේදී වැලිගම ජනතාවට නගරාධිපතිනියව දණ ගැස්විය හැකියි!

:       9       10

ශාන්ත Wednesday, 07 September 2022 01:12 PM

වැලිගම තියෙන්නේ මහනගර සභාවක් නම් පමණයි.. නගරාධිපති කියන්න පුළුවන් වෙන්නේ පනත්වලට අනුව නගර සභා හා ප්‍රාදේශීය සභාවල සභාපතිලාද මහනගර සභාවලට නගරාධිපතිද සිටිය හැකියි..

:       0       3

ලුම්බිණි Wednesday, 07 September 2022 05:14 AM

මේ ගැහැණිය තමන් ගැනම ලජ්ජා විය යුතුයි.

:       0       13

Bamunuarachchi Wednesday, 07 September 2022 06:24 AM

ඊළඟ සැරේ මේ උන්දා චන්දෙට ඉදිරිපත් උනාම විරුද්ද පක්ෂයට මීටින් වල කියන්න දෙයක් තිබෙනවා. නැතිනම් විරුද්ද පක්ෂ ලැබෙන සෑම අව්ස්තාවකම ජනතාවට මේ සිද්දිය මතක් කරදෙන්න.

:       2       12

anura Wednesday, 07 September 2022 07:44 AM

ළමා රක්ෂණ අධිකාරිය නිශ්ශබ්ද ඇයි????

:       17       16

බද්රානිWednesday, 07 September 2022 02:28 PM

ඔබ හිතන විදිහට ළමා රක්ෂණ අධිකාරිය තියෙන්නේ බඩජාරීකමට හොරකම් කරලා කන ළමයින්ව ආරක්ෂා කරන්න කියලද? සමහරක් දාලා තියන කොමෙන්ට්ස් දැක්කාම හිතාගන්න පුළුවන් ලංකාවේ වැඩිහිටියන්ගේත් ආකල්පවල තියන අවුල. පොඩිකාලේ සිටම අනුන්ගේ දේවල්වලට ආශා නොකරන්නැයි දරුවන් ඇතිදැඩි කළයුත්තේ. මෙවැනි දරුවන් තරුණ වියට පා තැබුවාමත් පිනට කකා බිබී මදාවියන් ලෙස ඉන්න තමයි උත්සාහ කරන්නේ... මළ ගෙදරකින් පවා වේල පිරිමහ ගන්නා තත්වයට අපේ ලංකාවේ වැඩිහිටියන් පත්වෙලා... අනෙකා පිළිබඳව කිසිම හැඟීමක් නොමැතිව තමුන්ගේ කුසපුරවා ගැනීම සාධාරණයි කියලද ඔබලා හිතාගෙන ඉන්නේ? ජාතියක් විදිහට ලජ්ජා වෙයල්ලා මිනිසුනේ...!

:       8       3

janahitha Wednesday, 07 September 2022 08:55 AM

පොහොට්ටි කරුණාකර ජාතික ධනය කොල්ලකමින් හෝටල් ඉදිකරපු දකුණේ අය ගැනත් පොලීසියට දන්වන්න.

:       1       13

yasantha Wednesday, 07 September 2022 10:35 AM

පව් වැඩ කරන්න එපා ඔයි

:       0       13

A P Dissanayake Wednesday, 07 September 2022 02:08 PM

මෙයාවත් ඒ දරුවන් දණ ගැස්සූ තැනම දණ ගස්සන්න ඕනෑ...

:       0       8

vernon Wednesday, 07 September 2022 02:42 PM

ආහාර පිසින තැනක කුස්සියට අදාළ නොවන කිසිම අයෙකුට ඇතුළු වෙන්න දෙන්නේ නෑ.. සෞඛ්‍යාරක්ෂක හේතුමත. මෙතන දණ ගහගෙන හිටියා කියන්නේ මේ එක ළමයෙක්... ඒක ඇත්තමයි කියන්න සාක්කි නෑ. කුස්සියට අනවසරයෙන් එන්න ලැජ්ජාවක් නෑ. ඒත් පිරිසක් ඉස්සරහ වැඩේ දැනගත්තම ලැජ්ජයිලු... මෙතන ඒ ළමයින්ගේ වැඩේ සාධාරණීකරනය කරන්න හදන අය තමන්ගේ උත්සවයක් ශාලාවක තිබුණු දාට අනාරාධිතව එන අයට කන්න දෙන්න කැමැතිද? මේ වගේ සිද්ධියක් වෙච්චි ගමන් හිටපු නගරාධිපති එතැනට ආවේ කොහොමද?

:       6       2

යමුනා කාන්ති Wednesday, 07 September 2022 03:14 PM

තමන් ගැනම ලජ්ජා විය යුතුයි.

:       1       5

Sumith Wednesday, 07 September 2022 06:02 PM

සතෙකුට හරි කන්න දෙන මිනිස්සු නම් ඔහොම කරන්නේ නෑ. ඒ ළමයි වැරැදියි කියලා කිව්වත්, ඔය වයස්වල ඉන්නවා අනන්තවත් ළමයි. අද කාලේ හරියට ආහාර වේලක් බඩට වැටෙන්නේ නැති... ඔය වගේ තැන්වල ප්‍රණීත අහාර උත්සව වලින් පසුව ඉතුරුවන බව දන්නා නිසාම යන්න ඇති. ඔවුන් ළමයි. ඒ අයත් කැමැතියි රසට කන්න. ඔතැන හිටපු අයට ඒ ළමයින්ට කෑම ටිකක් කන්න දුන්නා නම් මොකක්ද වෙන අඩුව... ඒක පිනක්. මට නම් හරිම කණගාටුයි.. මේ සිද්ධියට ළමයින්ව පොලිසියට ගෙනියන්න තරම් මිනිස්සු පහත් වුණාද කියන එකට..

:       1       2

Larry Wednesday, 07 September 2022 08:44 PM

පොඩි ළමයිනේ, ඔහොම තමයි, අපේ ඉස්කෝලේ, පල්ලියෙ වෙඩින් එකකට ගිහිල්ලා බීම ඉල්ලන් බීලා තිබුණා. ඒ මිනිස්සුත් දීලා. ඕවා ජොලියට කරන වැඩ. හැබැයි ඉතින් චුට්ටක් බැන්නා. නැත්තන් පුරුද්දක් කර ගන්නවානේ..!

:       2       0

Sarasi Thursday, 08 September 2022 08:02 AM

එක එක තැන්වල එක එක මාතෘකා , සමහර තැන් වල තියෙන්නේ අනාරාදිතව ආවා කියලා . මොනවා උනත් එහෙම හොරෙන් එන එක ආරක්ෂාව ට ත් තර්ජනයක් . ඕක සාධාරණීකරණය කලොත් කාටවත් මගුල් ගෙයක් ගන්න බැරි වෙයි. අද ළමයි හෙට ලොකු එවුනුත් එයි . ළමයි හැමදාම ඕක කරන්න පටන් ගනී.

:       2       1

Appuhami Thursday, 08 September 2022 10:38 PM

ඉතිරි වෙන කැම ඌරන්ට නොදා , මේ ලමඉන්ට දෙන එක කොච්චර පිනක් ද? මෙයා නම් මහ ලෝබ කුනු කෙනෙක්, මුන් මේ නගර සබාවෙන් කොච්චර හොරා කනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 229 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 312 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 174 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 663 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 381 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 212 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site