IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මට ඉන්නෙ අභියෝග ජයගන්න පුළුවන් කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහයවීමට හැකි පරිසරයක් උදා කර දීම රටේ ජනතාවගේ වගකීම බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තම ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීම බව පැවසූ ජනාධිපතිවරයා එම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කරගෙන තිබෙන අතර තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව, අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය බවත් පෙන්වා දුන්නේය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් ශ්‍රී ලංකාවට මේවන විට සැලකිය යුතු සහනයක් හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා  ලෙස එක්වෙමිනි.



අදහස් (26)

මට ඉන්නෙ අභියෝග ජයගන්න පුළුවන් කණ්ඩායමක්

suraj Wednesday, 28 August 2024 11:43 AM

හොඳම වැඩේ කියන්නේ එතෙක්, මෙතෙක් මේ වංචා ටික කළ රාජපක්ෂලා රනිල්ලා හෙට අනිද්දා ඡන්දය ඉල්ලන්නේ එකට එකතුවෙලා.

:       10       46

Rata Perata Wednesday, 28 August 2024 11:44 AM

ඔව් ඒක ඇත්ත. ප්‍රසන්න, ලංසා, වජිර වගේ මාර කට්ටියක් ඉන්නවා රට හදලා ගන්න..

:       5       51

Kumara Wednesday, 28 August 2024 11:49 AM

රාජපක්‍ෂලාගෙන් ගැලවිලා ආපු ලෝක හොරු ටික නම් ඔයා ළඟ ඉන්නවා පේනවා....! ​

:       5       43

සෙනෙවිරත්න Wednesday, 28 August 2024 12:03 PM

කවුරු ගැනද ඔය කියන්නෙ? ඕවා ඔබලා ලිහලා, පොලේ ගහලා හොඳ නරක බලපු දේවල්...!

:       6       37

Dharmatileke Wednesday, 28 August 2024 12:08 PM

ඔබ ඉන්නේ බලලෝබී කණ්ඩායමක් එක්ක. ජනතාව ඒක දන්නවා...

:       9       50

Kazi Shajahan Wednesday, 28 August 2024 12:10 PM

නියම ටිම් එකක් ඉන්නේ...

:       4       44

ලසන්ත Wednesday, 28 August 2024 12:29 PM

මීට කලින් ඒ කණ්ඩායම හිටියේ ගෝඨාභය ළඟනේ. හරි අපි හඳුනා ගත්තා..!

:       8       45

fairoos Wednesday, 28 August 2024 12:34 PM

රට මේ බංකොළොත් කරපු කණ්ඩායමත් ඉන්නේ ඔබතුමා ළඟ නේද?

:       7       39

Perera Wednesday, 28 August 2024 12:44 PM

ඔව් ඔව්... මහබැංකුව සුද්ද කරලා කරපු කෙනාව රට පන්නපු, අසූචි නැවක් ගෙන්නපු, කෝච්චිවලින් මාල කඩාගෙන පැනපු වගේ අභියෝග ජයගත්ත අයනේ...

:       5       38

Nimal 1 Wednesday, 28 August 2024 12:53 PM

21 වැනිදාට තිබෙන අභියෝගය පුළුවන් නම් ජයගන්න...

:       11       29

Mahesh Wednesday, 28 August 2024 01:24 PM

ඇත්තනේ ඔය ගොඩ ඇරං තියෙන්නේ.අනේ අපි තව අවුරුදු පහකට දෙමු.හොඳට බලන්ට කොච්චර උගත් පිරිසිදු කණ්ඩායමක්ද ඉන්නෙ හදයි හැදිල්ලක් .ඇමෙරිකාවට ණය දෙන ගානට ගේනවා සහතිකයි.

:       13       25

naleen Wednesday, 28 August 2024 01:47 PM

ටීම් එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම හොරු රැළක්...

:       55       27

සුරෛන් Wednesday, 28 August 2024 01:52 PM

ඔබතුමා වර්තා පිට වර්තා තියලා තියෙන්නෙ අඛණ්ඩව අවුරුදු 30 ක් පරාද වෙලා පක්ශෙත් ඉවර කරලා ගෑස් සිලින්ඩරයක් බෙල්ලෙ එල්ලන් ඒක වටේ කප්පම් හොරු මාල හොරු අසූචි පොහොර හොරු. බැදුම් කර හොරු එල්ලන් 21 වෙනිදට ගැස් රොකට්ටුවෙන් මොන ලෝකෙට යාවිද

:       55       27

sachith Wednesday, 28 August 2024 02:08 PM

කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. මොලේ පෑදුණු වෙලාවක මේ කමෙන්ට් බලලාවත් හැදෙන්න රනිල් මහත්තයෝ...

:       57       28

Chandika Wednesday, 28 August 2024 02:21 PM

දැන් මේ කියන්නේ අවුරුදු ගණනාවක් ඇමැතිවෙලා...!

:       37       12

Modaya Wednesday, 28 August 2024 02:23 PM

ඔබතුමාට වැරැදිලා...! අපි දන්නේ හොරුකණ්ඩායමක් කියලා. වැරැදි දේ කිව්වොත් ඡන්දෙ නොලැබේවි...

:       48       24

Prabha Wednesday, 28 August 2024 02:34 PM

බැරිම වුණොත් මාලයක් කඩලා හරි, කප්පමක් ඇරගෙන හරි රට ගොඩ දාන්න පුළුවන් කණ්ඩායමක් එන්නේ සීයාට විතරයි.

:       48       24

nanda Wednesday, 28 August 2024 03:03 PM

ඕවා නේද රට බංකොළොත් කරන්න වුණත් පුළුවන් සෙට් එකක්නේ කිට්ටු කරන් ඉන්නේ.

:       23       4

Don perea Wednesday, 28 August 2024 03:23 PM

ප්‍රසන්න, රත්තරන්, ලංසා... නියමයි..

:       23       5

NWS KUMARA Wednesday, 28 August 2024 03:24 PM

ඒකනම් පේනවා. හොරු, මංකොල්ල කාරයෝ, ඔක්කොම ඉන්නවනේ දැන් එයා එක්ක.

:       23       6

ගමේ එකාලා Wednesday, 28 August 2024 03:38 PM

ඔය කියන්නේ ළඟදී පත්කරපු උපදේශකයෝ ගැන වෙන්න ඇති. අවුරුදු 47ක් දේශපාලනේ විවිධ තනතුරු දරලත් හරිහමන් වැඩක් කරගන්න පුළුවන් වුණාද?

:       23       9

Malika Wednesday, 28 August 2024 03:58 PM

ඒකනේ අර ඔච්චර වටින කොළඹ හිල්ටන් හෝටලය ඉඩමේ වටිනාකමටත් වඩා අඩු මිලකට විකුණන්න හදන්නේ. වටේ ඉන්න හොරු කන්ඩායම ගැන ඒකෙන්ම පේනවා.

:       23       11

Rohana Wednesday, 28 August 2024 04:34 PM

ඔව් ඔව්... තවතව අළුත් බදුවර්ග ගේන්න හිටියේ. කරුමෙට උසාවියත් හරස්වුණා... ජනාධිපතිවරණය කල්දාන්න ගත්තු උත්සාහයට. ඒක නිසා ඒ බදු ටික ගහගන්න බැරිවුණා. බලය දුන්නොත් ඒ බදු ටික අනිවාර්යෙන්ම ගේනවා. IMF යෝජනාව අනුව ජනතාව අකැමැති වුණත් ඒ දේ කරන්න වෙනවා. 2028 වෙනකොට කල්දාපු ණයවාරික ගෙවන්න පටන් ගන්න වෙනවා. එතකොට ආදායම වැඩිකරගන්න බදුගහන්න වෙනවමයි. විදේශ ආයෝජනත් හිතුවාට එන්නේ නෑ. නැත්නම් එයාලාගේ බදුවලින් ආණ්ඩුව ගෙනියන්න තිබුණා. මේ ටික කරන්න තමයි මම ජනතාවගෙන් බලය ඉල්ලන්නේ...!

:       23       9

Priyantha Dissanayake Wednesday, 28 August 2024 04:49 PM

රනිල් මහත්තයෝ ඔබ දෙස රටේ මිනිසුන් හොඳින් බලාගෙන ඉන්නේ, ගරු සැලකිළි, පුදසත්කාර කරන්න. ඒ සඳහා අවස්ථාවක් සැප්. 21 ලැබෙනවා එය පිළිගන්න නොඉවසිල්ලෙන් බලාඉන්න. ලෝකෙට මහා ප්‍රජාතන්ත්‍රවාදියා, පරදින බව දැණුනු වහාම අරලියගහ මන්දිරයෙන් පිටව ගියකෙනා..., නමුත් පක්ෂයට ඒකාධිපතියෙක් වෙලා කරන්න පුළුවන් උපරිම වින්නැහිය කළා. එක්සත් ජාතික පක්ෂය නම් මේ රටට මහා සේවාවක් කළ ඇති දැවැන්ත පක්ෂය එක මන්ත්‍රී ආසනයක් නැතිව බිමටම සමතලා කරලා දැම්මා. මොන කයිවාරු ගැහුවත් ඒ පාපයෙන් නම් ඔබතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. සුවසේ සැනසුම් සුසුම් හෙලන්න නම් ලැබෙන්නේ නැහැ. UNP කාරයින්ට නරකම කාලයක් උදාකර දුන්නා. වැරැදිලාවත් ඔබතුමා දිනුවොත් පාක්ෂිකයෙක් ගැන නිවත් බලයිද නැහැ. බලන්න බැහැ. ඉහතින් පිරිස ලස්සනට කියලා තියෙන්නේ රට ගොඩගන්න එක කෙසේවෙතත් ඒ පිරිසේ පදේට නටනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. තවත් අවුරුදු 5 එජාප කාරයින්ට අපල කාලයක්... ඒ පමණක් නොව බදුපිට බදු ගහලා..., විකුණන්න පුළුවන් හැමදේම විකුණලා හුස්ම ගන්න බැරි රටක් නිර්මාණය වේවී. නමුත් ඔය පාපකර්මයෙන් නිදහස් වෙන්න.... කළ වැරැද්ද නිවැරැදි කරන්න පුංචි අවස්ථාවක් තාමත් ඉතිරිව තිබෙනවා. කරුණාකර හැකි නම් එසේ කරන්න...

:       23       8

Nishan Thursday, 29 August 2024 06:53 AM

උඩ කයිවාරු ගහන අයගේ කතා වැඩක් නෑ. කයිවාරු නැතුව වැඩ පෙන්නපු එකම ජනාධිපති රනිල් කියන එක ලංකා ඉතිහාසයේ ලියැවෙනවා. අද බංගලාදේශයට, මාලදිවයිනට, පාකිස්ථානයට වෙලා තියෙන දේ දැක්කාම ලංකාව ගොඩගැනීම රනිල් පෙන්නපු මැජික් එකක්. ඒක මේ මෝඩයින්ට තේරෙන්නේ නෑ...!

:       0       0

de siva Thursday, 29 August 2024 07:51 AM

ඔබගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෝ ඇති දක්ෂ ලෙස කොමිස් ගැසීමට තැත් කිරීම නිසා අද පාස්පෝර්ට් එකක්, රියැදුරු බලපත්‍රයක්, නිකුත් කරගන්න බැරිවීම නිසා එම ආයතන ඉස්සරහ මිනිස්සු කෝලාහල කරනවා.. වීසා එකෙන් කොමිස් ගැහීම නිසා විශාල ප්‍රශ්න ඇතිවෙලා අධිකරණ නියෝගත් දීලා, ඔබට වයස වැඩි නිසා ඇස්, කන් පෙනීම අඩු නිසා මේවා පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ.. ඔබ ගෙදර ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 882 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1830 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5695 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1706 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6266 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18156 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site