තමන්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි.
තමා තවමත් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස සේවය කරන බවත්, අමාත්‍යවරයා තමා වෙත දැන්වූයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් ලිපි ලබාදෙන ලෙස පමණක් බවත් ජගත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජගත් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘ගුවන් විදුලි සභාපතිට, අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇමති අස්වෙන්න කියයි’ යන මැයෙන් ඉකුත් 11 වැනිදා දිනපතා ලංකාදීප එසැණ වෙබ් අඩවියෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
සංස්ථාවේ උඩරදැල්ල විකාශනාගාරයට අයත් ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දී ඇති බවට හා ගුවන් විදුලි සංස්ථාවේ සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට පවරා ඇති බවට එම පුවතේ නගා ඇති චෝදනා අසත්‍ය බව ද ඔහු පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ
බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප
මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
මට ඉල්ලා අස්වන්නැයි ඇමති දැනුම් දී නෑ-ජගත් වික්‍රමසිංහ
බණ්ඩා Sunday, 14 March 2021 05:38 PM
හොරකම හොරකමමයි. ඒක තමයි ඇත්ත. අධ්‍යක්‍ෂ මණ්ඩලය කියන්නේ සභාපති ඇතුළු හැමෝම මිසක් වෙන මොකක්ද?
මෝ Sunday, 14 March 2021 11:52 PM
බැලුවහම මෙයත් පට්ට හොරෙක්.දැන් බොරුත් කියනවා.
amila Monday, 15 March 2021 03:05 AM
ගී ගයමින් හොරා කෑමක්...
sharm warn Monday, 15 March 2021 03:14 AM
අනේ ජගත්, ඔය ආත්ම ගෞරවය තියාගෙන ඔතැනින් එළියට යන්න. මේ දේශපාලනයේ ඉත්තෙක් වෙලා නැතිව අපහාස විඳින්නේ නැතිව. ඔයාගේ යාලුවෝ හැටියට අපිට දුකයි. ඔය මේ මඩකරි එක්ක ළගිනවා දකින එක...
Somaweera S.Sebasthiyan. Galmuruwa. Monday, 15 March 2021 03:57 AM
මහත්මයාණෙනි, ඔබතුමා විශාරද වී ඇත්තේ සංගීතයට. ඒකට හරියට වැඩටික කරන්න. දේශපාලකයන්ගේ අතකොලු, වැටකොලු වෙන්න එපා. අනේ මන්දා...