IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.

මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා යැයි ද ජනපතිවරයා පැවැසීය. 

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්.  අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය.

මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද පැවැති හමුවකදී මෙම අදහස් පළ කළේය.



අදහස් (29)

‘‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘

විජිත් Wednesday, 07 August 2024 12:39 PM

" මම කරලා පෙන්වලා තියෙනවා .." ඔව් ඔව් අපිට අමතක නැහැ, " ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් " කියපු හැටි . මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ 3 වත් ඔබට ලැබෙන්නේ නැහැ.

:       247       213

Chandula Wednesday, 07 August 2024 12:44 PM

ඔබට ජයවේවා තව අවුරුදු දෙකක්වත් ඔබතුමා ජනාධිපති වෙන්න ඕනෑ...

:       114       245

Pradeep Kumara Wednesday, 07 August 2024 12:45 PM

ඔබතුමා කරලා පෙන්නලා තියන දේ ගැන හිතුවොත් බුද්ධිමත් සහ රට ගැන හිතන කෙනෙක් නම් ඡන්දයක් දෙන්න හිතන්නේ නෑ. නමුත් ඔබ තුමා බදු සහන සහ වෙනත් වරප්‍රසාද දුන් ගජ මිතුරු කල්ලිය නම් ඔවුන්ගේ පවුල් පිටින් ඡන්දය දෙයි.

:       186       102

Nimal Wednesday, 07 August 2024 12:49 PM

අර්ජුන් මහේන්ද්‍රන් හිරේ දාන්න මහත්තයෝ උඩින්ම ඡන්දේ දෙනවා....

:       160       101

CC Wednesday, 07 August 2024 01:02 PM

කවුරුත් අතීතයේදි මැතිවරණ වේදිකාවෙ කීවේ අපි රට වෙනුවෙන් පෙනී සිටිමින් නාම යෝජනා ඉදිරිපත් කරන බවයි. නමුත් ඔවුන් දුන් පොරොන්දුත් බලයට ඇවිත් කල වැඩත් හාත්පසින්ම වෙනස් ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් ඇත. 2015 දී යහපාලන ආන්ඩුව දුන් පොරොන්දු මොනවද කලේ මොකක්ක්ද යන්න හොඳම උදාහරණයක්.හැබැයි ජනතාව ඡන්දය දුන්නේ දෙන්නේ රට වෙනුවෙන් සංවර්ධිත දියුනු රටක් හදන්න මේ අරමුණු සමපාත වන දේශපාලන ව්‍යාපාරයක් අද මේ රට ඉල්ලයි.

:       103       65

ranjith Wednesday, 07 August 2024 01:09 PM

කොහොමත් ස්වාධීන අපේක්ෂකයන්ට තරගයක් නෑ.... තරගය තියෙන්නේ අනෙක් ඡන්ද පදනමක් ඇති අපේක්ෂකයෝ දෙන්නෙක් අතරේයි

:       101       69

asela Wednesday, 07 August 2024 01:11 PM

ඡන්දය ඉල්ලන්නෙ එකට එකතු වෙලා..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු.

:       91       69

sunimal Wednesday, 07 August 2024 01:37 PM

දැන් මෙතන කොමෙන්ට් කරලා තියෙන අයගෙන් බහුතරයක් හරිම දාර්ශනික බවක් පෙන්වන්න යන බව පෙනෙනවා .නමුත් හදවතට තට්ටු කරල බැලුවොත් පෙනේවී දවස් කියක් බස් එකේ හරි කෝච්චියේ හරි හොරෙන් ගිහින් තියෙනවද කියල . ඒ වගේම ආණ්ඩුවේ කන්තෝරුවෙන් අඩුම ගානේ පෑනක් හරි හොරෙන් ගෙනත් තියෙනවද කියල . ඉතින් කවුරු දිනුවත් මේ මිනිස්සු එක්ක කොහොමද රට හදන්නේ ? ඉස්සරවෙලාම තමන් වෙනස් වෙලා පෙන්වුවොත් හොඳයි .

:       13       79

අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 01:50 PM

ඔයා කොරලා පෙන්නුව ඒවා ඉතිහාසය පුරාවටම තියෙනවා, ස්ත්‍රි දූෂණ කරලා වරදකරු වෙලා හිටිය ගෝනවල සුනිල් නැමති මැරයට සමාව දීලා මුළු රටට බලපාන සමාදාන විනිශ්චයකාර තනතුරක් දීලා තමන්ගේ බොඩි ගාර්ඩ් හැටියට තියා ගත්ත, අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනල්ලා නිදහස් අධ්‍යාපනය වළලන්න උත්සාහ කෙරුවා, ආසියාවේ ලොකුම පුස්තකාලය වෙන යාපනය පුස්තකාලය අලු බවට පත් කෙරුවා, 83 කලු ජූලිය ඇති කරලා දෙමළ ජනතාව දහස් ගණනක් ගාතනය කරන්න සම්මාදම් උනා, බටලන්ද වධකාගාරයේදී ඕ.අයි.සී හැටියට වැඩ කෙරුවා, එල්.ටී.ටී. එකට පෙඩරල් දෙන්න වලිකෑවා, රටේ සම්පත් කුණු කොල්ලයට විකිණුවා, මහ බැංකුව මංකොල්ල කෑවා තව කෝටියක් දේවල් තියෙනවා ලියන්න, ඒ නිසා ඔයා කෙරුවා හොදටම ඇති. දැන් චුත වෙන්න දෙයියෝ.

:       78       47

ජයනාත් Wednesday, 07 August 2024 01:57 PM

ඇත්ත . තුන් වෙනි තැනට තරගයක් නැහැ .

:       64       45

ABC Wednesday, 07 August 2024 02:04 PM

ජය නියතයි ජනාධිපතිතුමනි. ඔබ රජපක්ෂලා වට්ටපු රට ගොඩ ගත්තා.

:       49       108

පොඩිඑකා Wednesday, 07 August 2024 02:22 PM

අම්මප ඇත්ත මචං, පැරදීමේ තරගය කියල එකක් නැහැනෙ කොල්ලෝ....!

:       71       40

Pankumburage Wednesday, 07 August 2024 02:43 PM

අහවල් එක තමයි ඔයා කරල පෙන්නුවෙ.

:       66       43

Nishan Wednesday, 07 August 2024 02:44 PM

පහුගිය කාලේ අනේක දුක්, වද, වේදනා විඳපු ජනතාව කල ගුණ නොසලකා හරින්නේ නෑ. ඔවුන් සියළුම දෙනා ඔබතුමා වෙනුවෙන් තමන්ගේ චන්දය පාවිච්චි කරයි.

:       31       65

Jagath Wednesday, 07 August 2024 03:03 PM

රටේ සම්පත් විකුණන්කන, ණයටකන, ලැබෙන දේත් හොරාකන එක හැර මෙච්චර කාලෙකට මොනවද රනිල් කරලා තියෙන්නේ මේ රටට? සටනක් නැත, මේ ක්‍රමය 2024 සැප්තැම්බර් 21 අවසන්...

:       62       27

tissa Wednesday, 07 August 2024 03:39 PM

හරි හරි හාමු මහත්තයා මුලින්ම ඡන්දෙ තියන්ටකෝ. අපි ඉතුරු හරිය බලගන්නන්කෝ.

:       60       29

shantha Wednesday, 07 August 2024 04:07 PM

නාකියා හිරේ යනවා කට නිසාම.

:       59       28

ගමේ එකාලා Wednesday, 07 August 2024 05:08 PM

වසර 45කට ආසන්න කාලයක් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රට බන්කොලොත් කරන්න තමුනුත් දායක වුණා...

:       56       22

chandima Wednesday, 07 August 2024 06:07 PM

දැන්නම එහෙම කියලා තිබුනාම පැරදිලා සව්ත්තු වෙන්න ඕන නැ නේ.. අනික ⁣එහෙන් මෙහෙන් කුලි හේවායෝ අරන් කොහොමද සටන් කරන්නේ

:       39       6

Rata Perata Wednesday, 07 August 2024 07:25 PM

අපි පව් කරලා තියන තරමක් ... දැන් ඉති 21 වෙනකල් මේ කතා අහන් ඉන්න එපැයි

:       37       13

JR Wednesday, 07 August 2024 10:59 PM

බත්තරමුල්ලේ සීලරතන එක්ක නම් සටනක් තියෙයි කොහොමත්..!

:       0       0

ෂෙල්ටන් Thursday, 08 August 2024 06:02 AM

මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් සැබෑ යහපත් දේශපාලනය කරන්නෙකුට පමණයි. ඉතිහාසයේ කවරදාකවත් පවුල් වාදීන්ගෙන්වත් රාජපක්ෂ අවස්ථා වාදීන්ගෙන්වත් මාක්ස්වාදී බලපෙරේතයින්ගෙන් වත් මේ වගේ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බෑමයි. මොකද ඔවුන් ළඟ තියෙන්නේ වාචාල කමත් නූගත්කමත් තණ්හාවත් පමණක් නිසායි. රනිල් නැති දා ලංකාව තවත් හිඟන දූපතක් වීම නියතයි. රනිල් අපට දැනට ඉන්න වටිනාම දේශපාලකයකු වන්නේ ඒ නිසායි.

:       0       0

Chathuri Thursday, 08 August 2024 06:05 AM

රටේ ජනාධිපති තරග හරියට තිබුණා. ඉස්සර ඉඳන්ම මෝඩ මිනිස්සු. පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට ඡන්දෙදී... එකම හොරාව ගෙනාවා. මිනිස්සුන්ට තේරුමක් නැහැ මේ වටිනා ඡන්දය දෙන්නේ තමන් සාගින්දරේ ඉඳලා සුරසැප විඳින්න හොර තක්කඩි මිනිමරුවෙක්. එන්නේ කියන්න. නමුත් දැන් ඒකාලේ මෝඩයෝ ටිකක් ඉන්නවා තවම තප්පුලන. අනිත් සේරම උගත් පරම්පරාව. මෙදාසැරේ කට්ටිය බයවෙලා ඉන්නේ. මොකද ජනතාවගේ ඇස් ඇරිලා මොලේ පෑදිලා. කාලයක් තිස්සේ හොරා කාපුවාට පවුල් පිටින් වන්දි ගෙවන්න වෙනවාට. පිස්සුවෙන් වගෙ ජනතාවට පොරොන්දු දෙන්නේ. රට හිගාකන තත්වයට පත්කරලා නාකි නූගත්.... රැල දැන් වලපයයි, ගොඩ පයයි. රට ගැන හිතනවාලු. මේ අයට සුද්ද සින්හලත් හොඳ මදි. මේ කියන දේවලට... තරුණ පරපුර තවත් ධෛර්යමත් වෙන්න ඕනෑ. තරුණ ජීවිත මහ පාරට දාලා මුන් සුර සැප විඳින්න තවත් සැරසෙන එක නතර කරලා මුන්ගේ කොඳු ඇට කඩලා හිරේ දාන්න ඕනෑ. නාකි මයිනාව රෝද පුටුවත් එක්ක තල්ලු කරන්න ඕන හිර ගෙදරට. තරුණයින්ට බාරයි මෙදා සැරේ.

:       31       0

ලංකාවේ ඉපදිච්ච එකෙක් Thursday, 08 August 2024 08:28 AM

අනේ රනිල් රට ගැන හිතලා එනවනම් ,මුලින්ම පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු එකා ,කිසිම දෙයක් දන්නේ නැති ගානේ ඉන්න හිටපු ජනාධිපති ,බැංකු හොරා ,එකී මෙකි නැති උන් ඔක්කොම දාපන් හිරේ .එතකොට පුළුවන් උඹ රට ගැන හිතලා තමයි ඉදිරිපත් වෙන්නේ කියලා . ලංකාවේ මිනිස්සු පව්.

:       26       0

Bunny Preena Thursday, 08 August 2024 09:09 AM

අපිට සටනක් තියෙනවා ඔබව එළවා දමන්න.

:       19       0

K. G. C. Deepal Thursday, 08 August 2024 09:34 AM

පිම්පියෝ එක්ක මොන සටන්ද?

:       15       0

Kazi Shajahan Thursday, 08 August 2024 11:54 AM

රට වෙනුවෙන් කියලා, දින්නාට පස්සේ යහළුවන් ගැන තමයි බලන්නේ., මතකයිනේ මහ බැංකුව, හොඳම යහළුවා කොල්ල කාගෙනම ගියානේ?

:       33       0

sagara Sunday, 11 August 2024 05:23 AM

අද රනිල්ගේ වටිනාකම වඩා හොඳින්ම දැනෙන්නේ බංගලාදේශෙට වෙලා තියෙන දේ දැක්කම. එදා අරගලේ මැදට පැනලා ඒකේ බලේ අල්ලගත්තු ජේවීපී කාරයොත් අපේ රටට කරන්න ගියේ ඒ දේම තමයි. ඔවුන් පිටුපස හිටියේ තානාපති කාර්යාලයක් බව ලාල්කාන්තම කියනවා. මාධ්‍ය වලින් බංගලාදේශේ තත්වය දකින මෙරට බහුතර ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වටේ එක රොක් වෙනවා නියත වශයෙන්ම.

:       0       33

Nishan Sunday, 11 August 2024 05:29 AM

අරවින්ද මොනරවිලගේ කතාවෙන් වක්‍රාකාරව ඔප්පු වෙන දේ තමයි එදා ජේවීපී එක විසින් මොන වගේ භීෂණයක් රටේ ඇති ඇති කරලා තියෙන්න ඇද්ද කියන එක. මහ බැංකුවක් ගැන අඬන එයා එදා ජේවීපී එක විසින් රට පුරාම බැංකු කඩලා මංකොල්ල කාපු එක ගැන මීක් නෑ. ඒ කරපු ආර්ථික හානිය අවුරුදු 30 ක් කොටිවත් කරලා නෑ මේ රටට.කොටින්ට ෆෙඩරල් දෙන්න ගියා නම් කොටි ඇයි 2005 දී රනිල්ව පැරැද්දුවේ. ඇන්ටන් බාලසිංහම් රනිල්ව ඇමතුවේ කපටි නරියා කියලා. අරවින්ද මොනරවිල දන්න ඉතිහාසේ. හිනා යනවා.

:       0       41

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 930 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5680 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3251 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1449 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1567 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28397 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site