IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී

කම්කරු පක්ෂය හමුවේ ලැබූ පරාජයත් සමඟ, කොන්සවර්ටිය් පක්ෂ නායකයා මෙන්ම වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් සිය පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලීමක් කළේය. මෙවර මහ මැතිවරණයෙන් කොන්සවර්ටින් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමන් බාර ගන්නා බව ද සුනාක් පැහැදිලි කළේය.

කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 400 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතුය. රිෂී සුනාක් සහ ඔහුගේ කොන්සවර්ටින් පක්ෂය දිනා ගත්තේ ආසන 118 ක් පමණි.

කම්කරු පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් බව ප්‍රසිද්ධියට පත් වුණු සැණින්, පරාජය බාර ගනිමින්, සුනාක්, කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර්ට සුබ පැතුවේය. සුනාක් සිය පක්ෂ ආධාරකරුවන් හමුවී ඔවුන්ගෙන් සමාව ඉල්ලීමක් කළේ ඉන්පසුවය.

‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මැතිවරණය පරාජය වුණේ මා නිසා. ඒ වගකීම මා ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය. තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද සූදානම් බව සුනාක් වැඩි දුරටත් කියා සිටියේය.

සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙයි. මැතිවරණය ජයග්‍රහණය කළ කියේර් ස්ටාර්මර් ද තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දෙනු ඇත. කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ රජයක් පිහිටුවන්නේ වසර 14 කට පසුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (7)

‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී

pakeer Friday, 05 July 2024 11:26 AM

අපෝ අපේ නම් ජනෙල්වල එල්ලිලා හඬනවා යන්න බෑ කියලා නිල වශයෙන් කා එක්ක හරි එකතු වෙලා ගහනවා ආයේ සංධානයක්

:       7       51

de silva berlin Friday, 05 July 2024 11:43 AM

විදේශිකයන් පරම්පරා ගණනාවක පටන් ජිවත්වන රටකි බ්‍රිතාන්‍යය , සුනක් විදේශ සංක්‍රමණිකයන්ට විරුධව දැඩි ජතිවාධි පිළිවෙතක් අනුගමනය කරනකොට විදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියන් ඔහුට විරුධව චන්දෙ දෙනවා අනිවාර්යයෙන්, වෙනද ඡන්දෙ දෙන්න යන්නේ නැති මිනිස්සුත්න් ඡන්ය දෙන්න යනවා ඔහුට විරුධව , මධ්‍යස්ත මතධාරී පුරවසියනුත් කැමති නැහැ දක්ෂිනාෂික ජතිවධයකට .ජාතිවාධය හැමදාම මාර්කට් කරන්න බැහැ , විදේශ සංක්‍රමණිකයන්ට ඉදිරියේදී හොඳ කාලයක් ඒවි

:       7       18

sam Friday, 05 July 2024 12:07 PM

ලංකාවේ නම් ඡන්දේ නැතුව ඉන්න නොයෙක් නොයෙක් උපක්‍රම දාගෙන බලයේ ඉන්න දත කනවා දේශපාලුවන්ට මෙන්න හොඳ පාඩම් ලංකාවේ ඉන්න වලේ ඉදනුත් දේශපාලනය කර කර හොරා කන්ඩ ලෑස්ති වෙච්ච සෙට් එකක්

:       5       28

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 01:02 PM

ඔයා බොහොම හොද වැඩක් කෙරුවා සුනාක් මහත්තයෝ, අන්ත දක්ෂිණාංශිකක කොන්සර්වෙටිව් පක්ෂය බිමට සමතලා කෙරුවා රනිල් වගේම.

:       4       27

ගමේ එකාලා Friday, 05 July 2024 05:18 PM

කලට වෙලාවට ඡන්දේ තියලා ගව්රවණීය විදියට සමුගන්න නායකයෝ? ඒකටත් එක්ක අපේ රටේ, ගේම් ගගහා සදහටම බලයේ ඉන්ඩ හදන බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවෝ...,!

:       0       20

රාජදූත. Saturday, 06 July 2024 05:54 AM

21 වන සියවසේ තෙවන දශකයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ " ප්‍රතිමූර්තිය " අයිසිං දමා මූර්තිමත් කළ අවංක, පරමාදර්ශිී "තරලමිණ" ශ්‍රීමත් රිෂිී සුනාක්. ඔබට දිගාසිරි වේවා..!

:       0       0

Nimal Saturday, 06 July 2024 09:01 AM

මෙතුමා ගිහින් ඊළඟට පුතා එනවද දේශපාලනයට..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 68 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 55 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 185 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 393 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 330 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 460 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site