( ශාන්ත චන්ද්‍රසිරි)
රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු සමාගමට බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් අද (14) උද්ඝෝෂණයක නිරතවුහ.
රජයේ හා වැටුප් පරිපාලක සභාවේ චක්‍රලේඛණවලට පටහැගිව යමින් වැවිලි සමාගම් විසින් පැය අටක දිනක සේවයට ලබා දෙන රුපියල් 1000 ක දෛනික වැටුප නොගෙවා විවිධ කොන්දේසි දමමින් ඉන් අඩක් ගෙවීමට පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ පවසා සිටියහ.
වතු සමාගම විසින් මීට පෙර වතු කම්කරුවන්ට ලබාදුන් සුභසාධන කටයුතු කිසිවක් මේ වනවිට ලබා නොදී සිටින බවත්, අසාධාරණ ලෙස දිනකට තේ දළු කිලෝ 20 ක් කැඩිය යුතු බවට වතු පාලන අධිකාරිය විසින් පවසා සිටින බවද ඔවුහු පවසා සිටියහ.
මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් 300 ක පමණ පිරිසක් කලු කොඩි ඔසවමින් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ නියලිණි.
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මටේකැලේ වතු යායේ කම්කරුවෝ පාරට බසිති